කොවිඩ් - 19 පරීක්ෂණ නියැදි ලබා ගැනීමේ කටයුත්තකට මියන්මාරයේ ගැටුම් සහිත කළාපයට ගොස් සිටි ලෝක සෞඛ්‍ය සංවිධානයේ රියදුරකු වෙඩි ප්‍රහාරයකින් මියගොස් ඇතැයි වාර්තා වේ.
මෙම සිද්ධියේදී මියන්මාර රජයේ සේවකයෙකු ද තුවාල ලබා තිබේ.
එක්සත් ජාතින්ගේ සළකුණ සඳහන් වාහනයක් පදවාගෙන යමින් සිටියදී රඛයින් ප්‍රාන්තයේදී වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පැවසේ.
මියන්මාරයේ හමුදාව සහ අරකන් හමුදාව පවසා සිටින්නේ ඔවුන් මෙම සිද්ධියට සම්බන්ධ නැති බවයි.
මියන්මාරයේ මේජර් ජෙනරාල් ටුන්ටුන් නයි පවසා ඇත්තේ එක්සත් ජාතීන්ගේ වාහනයකට පහර දීමට තම හමුදාවන්ට කිසිදු හේතුවක් නැති පවයි.
"ඔවුන් අපේ රට වෙනුවෙන් වැඩ කරනවා. ඔවුන් සම්බන්දව අපට වගකීමක් තිබෙනවා." යැයි ඔහු පවසා ඇත.
මේ සම්බන්දව අදහස් දක්වමින් මියන්මාරයේ එක්සත් ජාතින්ගේ කාර්යාලය කියා සිටියේ මින්බියා නගරයේ හමුදා මුරපොළක් අසලදී සිදුවූ රියදුරුගේ මරණය සම්බන්දව දැඩි ලෙස කණගාටු වන බවයි.
වෙඩි තැබීම සිදුකළේ කවුරුන්ද යන්න සම්බන්දව එක්සත් ජාතීන්ගේ සංවිධානය කිසිවක් ප්‍රකාශ කර නොමැත.
වයිරස වසංගතය පැතිරෙන අවස්ථාවේ ගැටුම් නතර කරන ලෙස ඇමරිකාව සහ බ්‍රිතාන්‍ය ඇතුළු ලෝකයේ රටවල් ප්‍රකාශ නිකුත් කර තිබිණි.
මියන්මාරයේ මේ වනවිට කොරෝනා රෝගීන් 80කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර 04දෙනකු මියගොස් තිබේ.
(බීබීසී ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 30
109
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
740
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
367
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මියන්මාරයේ දී ලෝක සෞඛ්‍ය සංවිධානයේ රියදුරකු වෙඩි වැදී මරුට
JAYATH Wednesday, 22 April 2020 02:26 AM
මෙහෙත් මේ වෙනකොට රට කොරේ අර උන්දලා නම් ඕක වෙන්නේ මෙහෙ...
GamageWednesday, 22 April 2020 03:24 AM
ඔය කොරල තියෙන්නේ වෛරසය නිසා බය නැහැලු යුද්දේ කාලේ දවසට 100, 200 මැරුණු එකේ රට වැහුවද ඇහුවේ අප්පුහාමි තමයිලු...
janahitha Wednesday, 22 April 2020 04:40 AM
දේශපාලනය එක්සත් ජාතික පාක්ෂිකයෙක් වගේ මහජාතියේ චන්ද පදනම ලක්ෂ 21 ( ජවිපෙත් එකතුව ) බැහැලා අනෙක්වා ඔක්කොම සුළු ජාතික මහ ජාතියෙන් ලක්ෂ 69 එක් පැත්තක් වෙලා තියෙනවා. එහෙම වෙන්න හේතුව එජාප පාලනයද ?
athuraWednesday, 22 April 2020 03:45 AM
රට කොරේ අර උන්දලනම් දැන් ඉන්න උන්දලා බලය ගන්න සල්ලි දීල හරි ඒ වගේ දෙයක් අනිවාර්යෙන්ම කරනවා.
ධම්ම Wednesday, 22 April 2020 02:44 AM
එක්සත් ජාතින්ගේ කාර්යාලයක් එහෙත් තියෙනවා නම් මියන්මාරයටත් දෙයියන්ගේම පිහිටයි.