සිතුම් චතුරංග
යාපනය දිස්ත්‍රික්කය තුල වෙල්ලමුල්ලිවයික්කාල් හි මියගිය පිරිස් සැමරීම සඳහා ජනතාව එක්රැස් නොකරන ලෙස නියෝග කරමින් යාපනයේ දෙමළ ප්‍රධාන පක්ෂ කිහිපයක දේශපාලඥයින් වෙත යාපනය මහෙස්ත්‍රාත් ඒ. පීටර් පොල්ඩ් මහතා තහනම් නියෝගයක් නිකුත් කළේය.
රටේ උද්ගතව පවතින සෞඛ්‍ය අවදානම් තත්වය හේතුවන් ජනතාව රැස් කිරමින් සිදුකිරීමට නියමිත වැඩසටහන් නොපවත්වන ලෙස දන්වමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත්කොට තිබේ.
පවතින කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය හමුවේ වෙල්ලමුල්ලිවයික්කාල් සැමරුම වෙනුවෙන් අද(18) දිනයේ පැවැත්වීමට නියමිත වැඩසටහන් සඳහා ජනතාව රැස් කිරීමට දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් සුදානම්න් සිටින බවට යාපනය පොලිසිය විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම තහනම් නියෝගය නිකුත්කර තිබිණ.
අදාළ කරුණු දැක්වීම හමුවේ යාපනය මහේස්ත්‍රාත් ඒ.පිටර් පෝල් මහතාගේ අත්සනින් යුතුව පවතින සෞඛ්‍ය අවදානම් තත්වය හමුවේ ජනතාව ඒකරාශි කිරීම වළක්වමින් නියෝගයක් නිකුත් කර ඇති බව යාපනය පොලිසිය පැවසීය.
පොලිසිය පැවසූයේ සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පක්ෂයේ නායක ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් 11 දෙනෙකු හට හා දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඊ.සරවනබවන් , මාවෙයි සේනාධිරාජා යන මහත්වරුන් ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසකට මෙම තහනම් නියෝග නිකුත් කර ඇති බවයි.
යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ වෙල්ලමුල්ලිවයික්කාල් සැමරුම් වැඩසටහන් දෙමළ දේශපාලඥයින්ගේ ප්‍රධානත්වයෙන් අද යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබිණ.
තහනම් නියෝගයත් සමඟ සිය නිවෙස්තුළ අද(18) දිනයේ පහන් දල්වා යුද්ධයෙන් මියගිය සිය ඥාතීන් සැමරීම සිදුකරන ලෙසට උතුරේ දේශපාලඥයින් ඉල්ලීම් කොට ඇති බව යාපනය ජනතාව පැවසීය.
2025 නොවැම්බර් මස 17
75
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
909
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2532
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
මියගිය පිරිස් සැමරීමට ජනතාව රැස් නොකරන්නයි අධිකරණ නියෝගයක්
Samitha Senaka Aluthgamage. Monday, 18 May 2020 11:01 AM
නිකම්ම ද්‍රවිඩ මිනිසුන් මියගියේ නැහැ. නීති විරෝධීව අවිගත් ම්ලේච්ච මිනීමරු ත‍්‍රස්තවාදීන්හට තෙල් ගාන්න රජයකට කිසිසේත් බැහැ. දැන් හරියට කතාව නම්, කොටි ත්‍රස්තයෝ කියන්නේ කිසිවක් නොදන්නා තොත්ත බබාලා වගෙයි.
tharindu Monday, 18 May 2020 12:39 PM
ආයෙ උසාවි නියෝග මොකටද? ඇයි ආණ්ඩුව මෙ අයට බයයිද? දැනට තියෙන නීතිරීති වලින් අර මීගමුව පැත්තේ පාස්ටර් කෙනෙක් මිනිස්සු එක්රස් කරයි කියලා අල්ල ගත්තේ....ඒ නීතියම උතුරටත් පොදු විය යුතුයි නේද?