IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


මියගිය පිරිස් සැමරීමට ජනතාව රැස් නොකරන්නයි අධිකරණ නියෝගයක්

සිතුම් චතුරංග

යාපනය දිස්ත්‍රික්කය තුල වෙල්ලමුල්ලිවයික්කාල් හි මියගිය පිරිස් සැමරීම සඳහා ජනතාව එක්රැස් නොකරන ලෙස නියෝග කරමින් යාපනයේ දෙමළ ප්‍රධාන පක්ෂ කිහිපයක දේශපාලඥයින් වෙත යාපනය මහෙස්ත්‍රාත් ඒ. පීටර් පොල්ඩ් මහතා තහනම් නියෝගයක් නිකුත් කළේය.

රටේ උද්ගතව පවතින සෞඛ්‍ය අවදානම් තත්වය හේතුවන් ජනතාව රැස් කිරමින් සිදුකිරීමට නියමිත වැඩසටහන් නොපවත්වන ලෙස දන්වමින් මහෙස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත්කොට තිබේ.

පවතින කොවිඩ් 19 වයිරස ව්‍යාප්තිය හමුවේ වෙල්ලමුල්ලිවයික්කාල් සැමරුම වෙනුවෙන් අද(18) දිනයේ පැවැත්වීමට නියමිත වැඩසටහන් සඳහා ජනතාව රැස් කිරීමට දේශපාලන පක්ෂ නියෝජිතයින් පිරිසක් සුදානම්න් සිටින බවට යාපනය පොලිසිය විසින් යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව මෙම තහනම් නියෝගය නිකුත්කර තිබිණ.

අදාළ කරුණු දැක්වීම හමුවේ යාපනය මහේස්ත්‍රාත් ඒ.පිටර් පෝල් මහතාගේ අත්සනින් යුතුව පවතින සෞඛ්‍ය අවදානම් තත්වය හමුවේ ජනතාව ඒකරාශි කිරීම වළක්වමින් නියෝගයක් නිකුත් කර ඇති බව යාපනය පොලිසිය පැවසීය.

පොලිසිය පැවසූයේ සමස්ත ලංකා දෙමළ කොංග්‍රස් පක්ෂයේ නායක ගජෙන්ද්‍රකුමාර් පොන්නම්බලම් මහතා ඇතුළු එම පක්ෂයේ නියෝජිතයින් 11 දෙනෙකු හට හා දෙමළ ජාතික සන්ධාන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඊ.සරවනබවන් , මාවෙයි සේනාධිරාජා යන මහත්වරුන් ඇතුළු එම පක්ෂයේ ක්‍රියාකාරීන් පිරිසකට මෙම තහනම් නියෝග නිකුත් කර ඇති බවයි.

යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමේ වෙල්ලමුල්ලිවයික්කාල් සැමරුම් වැඩසටහන් දෙමළ දේශපාලඥයින්ගේ ප්‍රධානත්වයෙන් අද යාපනය දිස්ත්‍රික්කයේ ස්ථාන කිහිපයක පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබිණ.

තහනම් නියෝගයත් සමඟ සිය නිවෙස්තුළ අද(18) දිනයේ පහන් දල්වා යුද්ධයෙන් මියගිය සිය ඥාතීන් සැමරීම සිදුකරන ලෙසට උතුරේ දේශපාලඥයින් ඉල්ලීම් කොට ඇති බව යාපනය ජනතාව පැවසීය.
 



අදහස් (2)

මියගිය පිරිස් සැමරීමට ජනතාව රැස් නොකරන්නයි අධිකරණ නියෝගයක්

Samitha Senaka Aluthgamage. Monday, 18 May 2020 11:01 AM

නිකම්ම ද්‍රවිඩ මිනිසුන් මියගියේ නැහැ. නීති විරෝධීව අවිගත් ම්ලේච්ච මිනීමරු ත‍්‍රස්තවාදීන්හට තෙල් ගාන්න රජයකට කිසිසේත් බැහැ. දැන් හරියට කතාව නම්, කොටි ත්‍රස්තයෝ කියන්නේ කිසිවක් නොදන්නා තොත්ත බබාලා වගෙයි.

:       0       162

tharindu Monday, 18 May 2020 12:39 PM

ආයෙ උසාවි නියෝග මොකටද? ඇයි ආණ්ඩුව මෙ අයට බයයිද? දැනට තියෙන නීතිරීති වලින් අර මීගමුව පැත්තේ පාස්ටර් කෙනෙක් මිනිස්සු එක්රස් කරයි කියලා අල්ල ගත්තේ....ඒ නීතියම උතුරටත් පොදු විය යුතුයි නේද?

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1103 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site