(ශාන්ත චන්ද්‍රසිරි සහ මොහොමඩ් ආසික්)
මෙරට පැතිරී යන නව කොරෝනා වයිරසය පාලනය කිරීම සඳහා විෂබීජහරණයට අවශ්‍ය දියර ඉසින යන්ත්‍ර 300 ක් මධ්‍යම පළාතේ ආයතනයන්ට ලබාදීම මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු. ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාලයේදී අද (23) සිදු කෙරිණි.
වැවිලි කර්මාන්ත අමාත්‍යංශය හා කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් මෙම දියර ඉසින යන්ත්‍ර ලබාදීමට පියවර ගෙන තිබිණි.
මෙම විෂබීජ හරණය කිරීමේ යන්ත්‍ර මධ්‍යම පළාතේ ආරක්ෂක අංශවලට, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවලට, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට, නිරෝධායනය මධ්‍යස්ථාවලට හා අනෙකුත් ආයතනයන්ට බෙදාදුන්හ.
මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් කුමුදු කරුණාරත්න, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන ලේකම් ගාමිණී රාජරත්න යන මහත්ම මහත්මීන් ඇතුළු රජයේ නිලධාරීන් හා ආරක්ෂක අංශ නිලධාරීහු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


2025 දෙසැම්බර් මස 04
495
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
470
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මධ්‍යම පළාතට විෂබීජනාශක ඉසින යන්ත්‍ර 300ක් ප්‍රදානය කෙරේ
සමන් ඕස්ට්‍රේලියාව Monday, 23 March 2020 08:43 AM
විෂබීජ? මොනවද ඉහින්නේ ?. මේක විෂබීජ නෙවයි කියල දන්නවද? වයිර්ස් නසන බිලීච් වගේ දේවල් ඕනෑ.
Prabha Monday, 23 March 2020 09:50 AM
උත්සවයක් නොතියා කිසිම දෙයක් කරගන්න තාම බැරිද?