IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


මුද්දූව මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳ-දියණියටත් කොරෝනා

(අප්සරා යෝසිත් විජේසූරිය)

රත්නපුර මුද්දූව ප්‍රදේශයේ පදිංචි කොරෝනා වයිරසය ආසාදිත කොළඹ අයිඩීඑච් රෝහලේ ප්‍රතිකාර ලබන මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳට සහ දියණියටත් කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව වෛද්‍ය පරීක්‍ෂණ වාර්තා අනුව තහවුරුව ඇතැයි සබරගමු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය කේ.බී.කන්නන්ගර මහතා පවසයි.

මීට පෙර අවසථාවේ දී කොරෝනා වයිරසය ආසාදිත මැණික් ව්‍යාපාරිකයා ද ඇතුළුව මේවනවිට රත්නපුරයෙන් වාර්තා වූ කොරෝනා වයිරසය ආසාදිත සමස්ත රෝගී සංඛ්‍යාව තුන දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අංශ වාර්තා අනුව තහවුරු කරයි.

එම මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳ සහ දියණිය රත්නපුර ශීක්‍ෂණ රෝහලේ කොරෝනා වයිරස ආසාදිත යැයි සැක සහිත රෝගීන් රඳවන ප්‍රතිකාර ඒකකයේ නේවාසිකව සිටි බවත්, මෙම රෝගය වැළඳී ඇතිබව පරීක්‍ෂණ අනුව තහවුරු වූ පසුව, ඔවුන් දෙදෙනා ද කොළඹ අයිඩීඑච් රෝහල වෙත යොමු කිරීමට කටයුතු කර ඇති බවත් රෝහල් ආරංචි මාර්ග පවසයි.

මෙසේ කොරෝනා වයිරසය ආසාදිත මව සහ දියණිය  වයස අවරුදු 40ක පමණ කාන්තාවක් සහ  වයස අවුරුදු 20 ඉක්මවූ තරුණියක් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.



අදහස් (0)

මුද්දූව මැණික් ව්‍යාපාරිකයාගේ බිරිඳ-දියණියටත් කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 472 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1046 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site