IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම සිව්වැනි දිනටත්


(තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ)

ජුනි මස 20 වන දා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට්නිවේදනය අභියෝගයට ලක්කරමින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීම අද (21) හතර වැනි දිනයටත්ප ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම සිදු කෙරෙමින් පවතී.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන් ගෙන් සමන්විත පංච පුද්ගල  විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් සලකා බැලේ.

එහිදී මැතිවරණ දිනය අභියෝගයට ලක්කරමින් ගොනුකර තිබූ  පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින ජනාධිපති ලේකම් පී .බී.ජයසුන්දර මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කරුණු ඉදිරිපත් කිරීම ආරම්භ කරමින්  කියා සිටියේ මෙම පෙත්සම තුළ කිසිදු නීතිමය පදනමක් නොමැති බවත් එබැවින් එය විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කළ යුතු බවය.

කොරෝනා වසංගතය බව පවසමින් දිගින් දිගටම මැතිවරණය කල් දැමීමට මැතිවරණ කොමිසමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා කිසියම් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේදයක් සකස් කොට ඒ යටතේ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම කටයුතු කල යුතු යැයිද කියා සිටියේය..

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමෙන් පසුව එම පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන බවත් එය විසුරුවා හැරීමෙන් පසුව  මැතිවරණය පවත්වන දිනය වෙනස් වූ පමණින් එම විසුරුවා හැරීමේ නියෝගය බල ශූන්‍ය නොවන බවත් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා සඳහන් කළේය.

ජනාධිපතිවරයා විසින් ඉකුත් මාර්තු මස 02 වන දා පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 32(2)  වගන්තිය යටතේ සිදුකර ඇති බව පෙන්වා දුන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා එය ව්‍යවස්ථාවට අනුකූලව සිදු කර ඇති බවත් එය අභියෝගයට ලක් කළ නොහැකි යැයිද කීය 

ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතාගේ දේශනය අවසන් වීමෙන් පසුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින අතිරේක සොලිස්ටර් ජෙනරාල් ඉන්දිකා දේවමුණි ද සිල්වා මහත්මියගේ දේශන ද ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

පෙත්සම සලකා බැලීම තවදුරටත් සිදු කෙරේ.
 



අදහස් (1)

මැතිවරණ දිනයට එරෙහි පෙත්සම් සලකා බැලීම සිව්වැනි දිනටත්

දුටුගැමුණු Friday, 22 May 2020 06:12 AM

මුලු ලෝකේම දන්නවා.. ලංකාවේ මැතිවරණ කොමිසම රනිල් හැදුවේ මැතිවරණ තියන්න නොවෙයි කියලා. පොලිස් කොමිසම හැදුවේ රාජකාරි මගහැරලා ත්‍රස්තවාදීන්ට බෝම්බ ගහන්න කියලා... එතකොට රාජ්‍ය සේවා කොමිසම හැදුවේ විරුද්ධවාදීන්ගෙන් පලිගන්න කියලා.... අඟහරු ලෝකෙන්ද ආවේ?

:       28       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 58 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site