(සිරංගිකා ලොකුකරවිට)
මැතිවරණය සඳහා දිනයක් තීරණනය කරනතුරු අපේක්ෂකයන්ගේ මනාප අංක ලබා නොදෙන බවත් පක්ෂ සහ අපේක්ෂකයන් සියලුම ආකාරයේ ප්‍රචාරක කටයුතු නවතා කොවිඩ් - 19 සතුරා පැරදවීම සඳහා ක්‍රියාත්මක වන ලෙස ඉල්ලා සිටින බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
'' මේ වෙලාවේ අපි සැවොම එකතු වෙලා කරන්න අවශ්‍ය එකම දේ කොවිඩ් සතුරා පරාජය කරන එක. ඒ් වගේම ජනතාවට විවිධ බෙදා හැරීම් හරහා කෙරෙන වක්‍ර ප්‍රචාරද, ජනමාධ්‍ය හරහා කෙරෙන ප්‍රචාරද මේ අවස්ථාවේ දී නොකර සිටින ලෙසත් අපි ඉල්ලා සිටිනවා." මහින්ද දේශප්‍රිය මහතා පවසයි.
මහා මැතිවරණය සඳහා දිනයක් නියම කිරීම සළකා බැලීම පවා කරනු ලබන්නේ කල්තැබීමේ ගැසට් නිවේදනය නිකුත් කර මාසයකට පසුව එනම් ලබන අප්‍රේල් මස 20 වැනි දිනය පසුවී බව ද හෙතෙම පවසයි.
මැතිවරණ දිනය කල් තැබීමට අදාල ගැසට් නිවේදනය අංක 2157/19 යටතේ 2020 මාර්තු 21 වැනි දින නිකුත් කර ඇත.
2025 දෙසැම්බර් මස 30
33
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
709
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
336
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
මැතිවරණය පැත්තකින් තියා කෝවිඩ් 19 පරදවන්න
කල්පනා Sunday, 22 March 2020 12:38 PM
සභාපතිතුමා කොවිඩ් ඇතිවුනේ මාර්තු මාසයට පෙරනේද? පාර්ලිමේන්තුව විසුරුවීමට තිබුනේද මාර්තු මාසේ නොවෙයි නේද? කොවිඩ් නිසා පාර්ලිමේන්තුව විසිරවීමකින් තොරව තිබුනා නම් මෙම තත්වය ඇතිනොවන බව වැටහුනේ නැද්ද?. පුද්ගලික වාසිතකා රාජකාරි හුවමාරු කරන්න එපා කියන්නේ රජයේ සේවකයින්ට පමණද?
ප්‍රසාද්Sunday, 22 March 2020 02:38 PM
පාර්ලිමේන්තුව විසිරවිම නිසා විශාල මුදලක් ඉතිරි විය. මන්ත්‍රී 225 ට පඩිදීමට සහ අලුතෙන් පෙන්ෂන් යාමට බලා සිටියත් අවුරුදු 5 සම්පුර්ණ නොවූ අයට ජිවිත කාලයටම ගෙවන්නට තිබු අනවශ්‍ය මුදල් කන්දරාව ඉතුරු විය . ජනාධිපති සහ කැබිනට් එක රට ගැන බලාගනියි . ටික කලකට 225 අවශ්‍ය නැහැ .මේ පුංචි රටට 225 ලොකු බරක් .