අනීෂා මානගේ
මැතිවරණය කල්දමා පාර්ලිමේන්තුව කැඳවන ලෙස ජාතික භික්ෂු පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් එම පෙරමුණෙහි සභාපති හඳුගල රතනපාල හිමියෝ අද (20) තංගල්ලේදී පැවසූහ.
ජාතික භික්ෂු පෙරමුණේ සභාපති හඳුගල රතනපාල හිමියන්, ලේකම් ශාස්‍රපති වකුමුල්ලේ උදිත හිමියන් මෙම මාධ්‍ය සාකච්ඡාවට එක්ව සිටියහ.
මෙහිදී අදහස් දැක්වූ ජාතික භික්ෂු පෙරමුණේ සභාපති හඳුගල රතනපාල හිමියෝ මෙසේ පැවසූහ.
ජනාධිපතිවරයා පාරිලමේන්තුව විසිරුවද්දි පැවැති තත්ත්වයට වඩා හාත්පසින්ම වෙනස් තත්ත්වයක් තමයි දැන් තිබෙන්නේ. සෞඛ්‍ය අංශය විසින් පැහැදිලි කරන ආකාරයට අපේ රටේ ඉදිරි කාලය මොනවගේ තත්ත්වයකට පරිවර්තනය වෙයිද කියන්න බැරි තත්ත්වයක් තමයි තිබෙන්නේ.
ආණ්ඩුව විසින් ඉක්මන් මහ මැතිවරණයක් දක්වා යෑමට අවහ්‍ය වටපිටාව සකස් කරගෙන ඒ අවශ්‍ය කරුණු සපයමින් සිටින ආකාරයක් දක්නට තිබෙනවා. ඇති වී තිබෙන වසංගත තත්ත්වය තම දේශපාලන අරමුණු ඉටු කරගන්න ඔවුන් සූදානම් වී තිබෙන ආකාරයක් තමයි දකින්නට තිබෙන්නේ. මේ වෙලාවේ අපිට මැතිවරණයක් අවශ්‍යද. එයට සුදුසු පරිසරයක් තිබෙනවාද .
සෞඛ්‍ය අංශ පවසන පරිදි අපේ රට තවමත් යථා තත්ත්වයට පත් වුණේ නැහැ. මේ වෙලාවේ පාර්ලිමේන්තුව අක්‍රීය වී තිබෙන්නේ. කැබිනට් මන්ඩලය සහ ජනාධිපතිවරයා පමණයි මේ වෙලාවේ කටයුතු කරන්නේ. මේ නිසා රටේ බරපතළ ගැටළු සහගත තත්ත්වයක් ඇති වී තිබෙනවා. කොරෝනා උවදුර මැඩපැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව විසිරුවා හැරීම බරපතළ බාධාවක් වී තිබෙනවා. රජය මූල්‍යමය ගැටළුවකටත් මුහුණ දී තිබෙනවා. විවිධ තීන්දු තීරණ ගැනීමේදී තනි තීරණ ගැනීමේ තත්ත්වය රටකට හොඳ තත්ත්වයක් නෙවෙයි. ප්‍රජාතන්ත්‍රවාදය ගැන තිබෙන අනවබෝධය නිසා ඇතැමුන් විවිධ කතා කියනවා.
මේ මැතිවරණයක් පැවැත්වීමට සුදුසු අවස්ථාවක් නෙවෙයි. ජනාධිපතිවරයාගෙන් අපි ඉල්ලා සිටිනවා වහාම පාර්ලිමේන්තුව කැඳවන්න. පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ ගැසට් නිවේදනය අහෝසි කරන්න


COMMENTS
පාර්ලිමේන්තුව කැදවලා මොනවා කරන්නද ? විපක්ෂයේ ඉන්න මිනිස්සු එක්කෙනෙක්වත් ආණ්ඩුවට උදව් කරන්නේ නෑ. මේ හාමුදුරුවෝ එජාපයට කඩේ යන කෙනෙක්.
අනේ හාමුදුරුවනේ......තමාගේ වැඩක් බලාගන පන්සලට වෙලා ඉන්න. දේශපාලනය සදහා හොද ජනාධිපතිවරයෙක් ඉන්නවා.
එජාපයෙන් දානේ වළදන අය මේ...
මේ වෙලාව එක එක්කෙනාගේ බලතල ගැන හිතන, අගමැති පට්ටම් ගැන කතා කරන වෙලාවක් නෙමේ. රට මේ උවදුරෙන් බේරගන්න එක වගේ කටයුතු කරන එක තමා ඔය බලලෝභී දේශපාලුවන්ට කියන්න තියෙන්නේ.
අපේ හාමුදුරුවනේ, දේශපානලය කරන්න එපා.
පන්සලට වෙලා ඉන්න.
රැස් වුනාට පසුව මන්ත්‍රී වරුන්ට ලැබෙන ගතමනාවෙන් කීයක් ඔබ වහන්සේලාට ලැබෙනවද ?
කොහොමත් ඔය බලු කුඩුවේ දොරවල් ඇරලා තිබ්බ හන්දා කොරෝනා වලින් අපි සෑහෙන්න බේරුනා. බැලුවේ නැද්ද ප්‍රවෘත්ති එහෙම අර ලෝකෙට ලොක්කෝ කියන අයට වෙලා තියෙන දේ? දවසකට තුන් හාරදහ මැරෙනවා. ඒ ඔක්කොම මනුෂ්‍ය වර්ගයාට අයත්. අමනුෂ්‍ය භිය, දුර්භික්ෂ භිය තිබෙන මේ වෙලාවේ පුළුවන් විදිහට දනක් පිනක් කරගෙන ඉන්න. ඔය බලු කොටුව ගැනනම් කථා නොකර හිටියොත් යෙහෙකි.
පාර්ලිමේන්තුව රැස් කෙරුවම කොරෝනා ඉවරවෙනවද හාමුදුරුවනේ ? ජනාධිපති දැන් කරන කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ ඔය නඩේ ආපුවම...පෙන්ශන් එක ගැන හිතන රට ගැන නොහිතන ඔය මිනිස්සුන්ට වඩා හමුදාව සහ දොස්තරලා කරගෙන යන මේ වැඩේට උදව් කරන එක තමා මේ වෙලාවේ කරන්න ඕනේ.
හදිසි මැතිවරණයක් ජනතාවට මේ අවස්ථාවේ කොහෙත්ම අවශ්‍ය නැහැ. ඒ් වගේම වත්මන් ජනමතය පිළඹිබු නොවන යල් පැනගිය පාර්ලිමේන්තුව නැවත කැඳවීම කිසිසේත් අවශ්‍ය නැහැ. ඒය වත්මන් රෝග මර්ධන වැඩපිළිවලට අනිවාර්ය බාධාවක්.
එ.ජ.ප අය විසින් දිගින් දිගටම උත්සහ කරන්නේ රට අස්ථාවර කිරීමටය. ඩී.එස් .සේනානායක මහතාගේන පසුව එජාපය මේ රටට කලේ වින පමණකි. කිසිම එජාප නායකයකු මේ රට ගැන සිතා වැඩ කලේ නැත.
අපෙ හාමුදුරැවනේ ඔබ වහන්සේලා මෙච්චර දවසක් කොහේද වැඩලා හිටියෙ.......? අපි ඒත් බැලුවා පේන්න නැත්තෙ මොකද කියලා........
ලංකාවේ දේශපාලනයෙන් පුජකවරු සම්පුර්ණයෙන්ම අයින්කරන්නහැකි රටේ නායකයෙකුට පමණයි මේ රට දියුණු රටක් කල හැක්කේ. පුජක වරු කියන්නේ සියලුම ආගම්වල අය.
පාර්ලිමෙන්තුව කඩවීමෙන් ඔවුන්ට හොදක් වුවත් රටට වැඩක් නැහැ.
ඔබ වහන්සේලා කාටවත් කඩේ යන්න එපා. රටට සෙතක් වෙන වැඩක් කරන්න.
ඡන්දයක් තියනක එක ඉතා හොඳය නමුත් ඡන්දයක් තියන්න සුදුසු වටපිටාවක් නොමැති නම් ගැසට් නිවේදනය අහෝසි කර පාර්ලිමේන්තුව නැවත කැඳවන එක ප්‍රජාතන්ත්‍ර වාධයට පටහැනි නැත ,එකම පවුලක බහුතරයක් සහ තවත් කිහිප දෙනෙකු පමණක් එක්ව තීන්දු තීරණ ගැනීම රටේ අනාගතයට සුදුසු නැත , ප්‍රජාතන්ත්‍ර වාදයට මෙතරම් බිය වෙන්න හේතුවක් නැහැ.
අපි මැරුණත් කමක් නැහැ පර්ලිමෙන්තුවනම් කැඳවන්න එපා.
අවසරයි අපේ හාමුදුරුවනේ ... දියවන්නාඔය 225 න් සමහර අයට විශ්‍රාම වැටුප් නැති බව ඔබ වහන්සේත් හොදාකාරව දන්නා බව නම් ස්ථිරය. මෙම 225 නැවත වරක් නඩත්තු කලයුත්තේ සියලුම පුරවැසියන් බවත් එලෙසම විශ්‍රාම වැටුප් නොලැබූ අයට එය ලබාදීමට අහිංසක මිනිසුන්ගේ මුදල් වැය කරනවාද නැද්ද යන්න තේරුම් ගැනුමට අති විශාල ඥානයක් අවශ්‍යද නැද්ද යන්න නූගත් අපට නම් ඉතාමත්ම පැහැදිලිය...
ඔක එකතු කරලා මොකද කරන්නේ...? බල්ලන් වගේ උඩු බුරලා පිනට දෙන කෑම පැකට් එක කාලා එන එකනේ කරන්නේ... හාමුදුරුවෝ ලවා කියවන්නේ පිනට දෙන රජබොජුන් මතක්වෙලාවත්ද?
හාමුදුරුවන්ට කියන්නට තිබුණේ මේ මොහොතේ මැතිවරණ පැවත්වීමට සුදුසු පරිසරයක් නොමැති බව පමනක් ය. ඉතිරි කොටස ඔබවහන්සේ ට අයිති නැත .
අවසර අපේ හාමුදුරුවනේ .. පාර්ලිමේන්තුව නෑ කියලා දැන් අඩු පාඩුවක් තියනවාද? රටේ වියදම වූනත් කොච්චර අඩුවෙලාද? මේ දුෂ්කර අවස්ථාවේ ඒ ඉතිරි වෙන මුදල රටට මොන තරම් වටිනවද? අනෙක ඔය මැති ඇමති ගොල්ලගේ කෙරුවාව දැන් හොදටම පේනවා නේද? මේ අවස්ථාව ජනතාව එක්ක ඉන්නේ කවුද කියලා මුලු රටම දන්නවානේ.
කවුද මේ ? තමන්ගෙ වැඩක් බලං පාඩුවේ හිටියනං නේද හොද?
අලුත් පාර්ලිමේන්තුවක් මිස පරණ ආටක නාටක කාරයින්ගෙන් වැඩක් නැහැ. තරහ අවසරයි හාමුදුරුවනේ, කරුණාකර ඔය මනුස්සයට වැඩක් කරන්න දෙන්න. අනුන්ගේ අතකොලු නොවී. පාර්ලිමේන්තුව නොවෙයි , ඔබ වහන්සේලා ඊ ළග ධර්ම සංගායනාවෙනුත් අයෙමත් ගෙදරට විසිවෙයි වගෙයි.
ලැබෙන දානේ වේලත් නැතිකොර ගන්න හදන්නේ. පව්නොදී පන්සලට වෙලා හිටියොත් නරකද?
අනේ හාමුදුරුවනේ, අපිට දේශපාලනය වැඩක් නෑ. එක එක දේශපාලකයින් ජනතා මුදලින් නඩත්තු කරන්න බෑ. ඕකෙන් බොරු වියදමක් විතරයි වෙන්නේ. ඒ නිසා ඔබ වහන්සේලා මේ වෙලාවේ රටට පිරිත් ටිකක් කියන් පන්සලට වෙලා ඉන්න කරුණාකරලා. බුදුසරණයි !