IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මත්පැන් බෝතල් 60 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

(ජයන්ත නානායක්කාර)

මත්පැන් වැඩි මිලට විකුණන බවට ලැබුණු තොරතුරකට අනුව දෙනියාය විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරින් විසින් සිදුකළ වැටලීමකදී මිලිලීටර් 750 මත්පැන් බෝතල් 60 ක් සමඟ සැකකරුවන් දෙදෙනෙකු අද (21) අත්අඩංගුවට ගෙන ඇත.

දෙනියාය විශේෂ කාර්ය බලකා කදවුරේ අණදෙන නිලධාරීවරයාට ලැබුනු තොරතුරකට අනුව ඌරුබොක්ක ප්‍රදේශයේ මත්පැන් හලක ගබඩා කර තිබු මිලිලීටර් 750 මත්පැන් බෝතල 60 ක් සොයාගෙන තිබුණි.

රජය විසින් සුරාසැල් වසා දැමීම සඳහා දැනුම් දීමෙන් පසු සුරාසැල වසා දමා එහි තිබු මත්පැන් කාමරයක ගබඩා කර තබා පසුව වැඩි මිලට විකීණීම සඳහා කටයුතු කර තිබියදී අත්අඩංගුවට ගෙන ඇත.

රජයේ නිරෝදායන නීති උල්ලංඝනය කරමින් සුරාසැල වසා දැමීමෙන් පසු වැඩි මිලට අරක්කු විකීණීම සිදු කර ඇති බවත් සුරා සැලේ බලපත්‍ර අංකයද ප්‍රදර්ශණය නොකර සුරාසැල පවත්වාගෙන ගොස් ඇති බවත් පොලිසිය පැවැසීය.

සුරා සලේ සේවකයන් දෙදෙනෙකුද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් වයස අවුරුදු 32 සහ 33 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකු වන බව පොලිසිය කීය.

අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල 60 සහ සැකකරුවන් දෙදෙනා ඌරුබොක්ක පොලිසියට බාර දී ඇතැයි දෙනියාය විශේෂ කාර්ය බලකා කඳවුරේ අණදෙන නිලධාරීවරයා සඳහන් කළේය.

 



අදහස් (1)

මත්පැන් බෝතල් 60 ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

tharindu Tuesday, 21 April 2020 11:19 AM

මේ වගේ කූට වැඩ කරන මිනිසුන්ට ගහන දඩය රුපියල් කෝටියක් විතරවත් කරන්න ඕනි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 25 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 822 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site