(රංජන් කස්තුරි)
මේ වනවිට රටපුරා ඔසුසල්වල මුඛ ආවරණ වල දැඩි හිඟයක් පවතින බව වාර්තාවේ.
ඇතැම් රෝගීන්ට රෝහල් කරා යාමේදී මුඛ ආවරණ පැළඳීම අත්‍යවශ්‍ය වුවද ඒවා මිලදී ගැනීමට නොහැකි හෙයින් ඔවුහු දැඩි අපහසුතාවයකට පත්ව සිටිති.
වකුගඩු රෝගීන්ට රුධිර කාන්දු කරණය කිරීමට රෝහල්වලට යෑමේදී මුඛ ආවරණ පැළඳ එන්නැයි වෛද්‍ය උපදෙස් ලැබී ඇතැත් ඒවායේ හිඟය නිසා ගැටළු මතුව ඇතැයිද එම රෝගීහු කියති.
මේ පිළිබඳව කළ විමසුමකදී සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පබා පළිහවඩන මහත්මිය සඳහන් කළේ මුඛ ආවරණ පැළඳීම සෞඛ්‍ය අමාත්‍යාංශය මෙතෙක් නිර්දේශ කර නැති බවය.
2025 දෙසැම්බර් මස 18
516
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
264
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1063
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුඛ ආවරණ වල හිඟයක්
Indrajith Wednesday, 18 March 2020 12:52 AM
වෛද්‍ය වරුන්ගෙන් දැනගත් පරිදි අමු රෙද්දෙන් මුක ආවරණ ගෙදරදීම සාදාගත හැක. බොරදියේ මාලුබාන මුදලාලිලා ට සල්ලි දෙන්න අවශ්‍ය නැහැ
nishantharanesh Wednesday, 18 March 2020 01:35 AM
ඇතිවී තිබෙන තත්වය අනුව මුඛ ආවරණ නොමැතිව රෝහල් කරා යොමුවීම හෝ සැක සහිත පරිසරයක කටයුතු කිරීමට සිදුවීම අවධානමක් ඕනකමින්ම වැළදගැනීමක් කියලයි මම හිතන්නේ . ඒ නිසා මුඛ ආවරණ පැළදීමට කිසිවකු නියෝග කරන තුරැ බලා සිටීම ප්‍රායෝගික නොවන බවක් පේනවා. ඒ නිසා රජයේ වගකීම විය යුත්තේ ජනතාව ආරක්ෂක උපක්‍රමයක් ලෙස මුඛ ආවරණ සොයනවානම් ඒවා ලබාගැනීමට ඇති ඉඩකඩ වැඩිකිරීමයි. එය හෑල්ලුවට ලක් කිරිම සිදුනොවිය යුත්තක්.