IMG-LOGO

2025 සැප්තැම්බර් මස 17 වන බදාදා


මුඛ ආවරණ ගැන පළවන දුර්මත සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

(ඩිල්ෂානි චතුරිකා දාබරේ)

කොරෝනා වයිරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා මහජනතාව මුඛ ආවරණ භාවිත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් සමාජගත වෙමින් පවතින දුර්මත පිළිබඳව අවධානය යොමුකරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා වෛද්‍ය උපදෙස් මාලාවක් ඉදිරිපත් කර තිබේ.

පහත කරුණු වෙත අවධානය යොමු කරන ලෙසද ජාසිංහ මහතා සඳහන් කරයි.

දැනට මුඛ ආවරණ සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිර්දේශ කරනු ලබන්නේ, රෝගීන් යැයි සැක පුද්ගලයන්, ඔවුන් සමඟ ළඟින් ඇසුරු කරන පුද්ගලයන්,රෝගීන් රැකබලාගන්නා සෞඛ්‍ය සේවකයන් සහ ශ්වසන රෝග ලක්ෂණ පෙන්වන පුද්ගලයන් රෝහලකට යෑමේදී යන අවස්ථාවලදී පමණකි.

සාමාන්‍ය පුද්ගලයින් එදිනෙදා ජීවන කටයුතුවලදී මුඛ ආවරණ භාවිතය සෞඛ්‍ය අමාත්‍යංශය නිර්දේශ නොකරයි. එසේ නොකරන්නේ, මුඛ ආවරණ වැරදියට භාවිතය මගින් රෝගය බෝවීම වැඩිවීම, භාවිත කළ මුඛ ආවරණ තැන තැන බැහැර කිරීම මගින් රෝගය පැතිර යාම වැඩිවීම, තමා ළඟ ඇති මුඛ ආවරණ අත්‍යවශ්‍ය වූ අවස්ථාවකදී භාවිතයට ගැනීම සඳහා තබාගැනීම වැනි කරුණු හේතුවෙනි.

රෝගය බෝවීම සහ පැතිරීම වැළැක්වීම සඳහා සුදුසු ම ක්‍රමය වන්නේ, දෙදෙනෙකු අතර පරතරය අවම වශයෙන් මීටර් 1ක්වත් පවත්වාගෙන යාම, නිතර සබන් යොදා තත්පර 20ක් පමණ දෑත් සේදීම, අපිරිසිදු දෑත්වලින් ඇස්, නාසය සහ මුඛය නොඇල්ලීම, කහිනවිට කිවිසින විට වැළමිටේ ඇතුල් පැත්තෙන් නාසය හා මුඛය ආවරණය කරගැනීම යන මූලික කරුණු මගින් රෝගය ව්‍යාප්තිය අවම කරගත හැකිනිසාය.

සෞඛ්‍ය අමාත්‍යංශය මගින් නිරෝගී පුද්ගලයකු සඳහා මුඛ  ආවරණ භාවිතය නිර්දේශ නොකළද, කෙනෙකු මුඛ ආවරණ භාවිත කිරීමට තීරණය කළහොත් එය ඔහුගේ හෝ ඇයගේ කැමැත්ත නම් සෞඛ්‍ය අමාත්‍යංශය කිසිවිටකත් එයට බාධා නොකරයි. නමුත් නිරෝගී සාමාන්‍ය ජනතාව මුඛ ආවරණ භාවිත නොකිරීම වරදක් ලෙස සලකා ඔවුන්ටකිසිදු හානියක් නොකරන ලෙද සෞඛ්‍ය අමාත්‍යංශය ඉල්ලීමක් කරයි.

නිරෝගී සාමාන්‍ය පුද්ගලයකු මුඛ ආවරණ භාවිත කිරීම කිසිදු විද්‍යාත්මක පදනමක් නොමැති ක්‍රියාවක් බවද  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා දැනුම් දෙයි.



අදහස් (5)

මුඛ ආවරණ ගැන පළවන දුර්මත සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයෙන් දැනුම්දීමක්

Lelwala Thursday, 26 March 2020 07:37 AM

ඔවුන් පවසන ඕනෑම දෙයක් එය සත්‍ය විය හැකියි. නමුත් අපට අපව ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නිසා CDC නිර්දේශය කුමක්දැයි මම දනිමි. 1. අංක එක යනු අත් සේදීමේ තාක්ෂණයයි. 2.සම්පූර්ණ ආරක්ෂක උපකරණ. මට අවදානමක් ගැනීමට අවශ්‍ය නැති නිසා මම මුඛ ආවරණ භාවිත කරමි.

:       0       13

රත්නසේන Thursday, 26 March 2020 08:04 AM

ඉතාමත්ම ස්තුතියි මේ පැහැදිලි කිරිමට - මහ ජනතාව මෙම මුඛ ආවරනය අනිසි-භාවිතය යම් තරමකින්ම හෝ පාලනය කරති යැයි සිතමු.

:       0       0

jayath Thursday, 26 March 2020 08:38 AM

ඔව්, ඩබ්ලිව් එච් ඕ එකේ නිර්දේශයත් මෙයමයි නමුත් මිනිස්සු තියන පරාන බයට (මමත් ඇතුළුව ) මේ ව නෙමි ලේන්සු හරි බඳිනවා . මේකෙන් ඉතින් නරකක් වෙන්නේ නැති හින්ද නේ මගුල ඉවර වෙනකම් ඔහේ බඳිමු

:       0       0

Aris Thursday, 26 March 2020 10:15 AM

මුඛ ආවරණයක් පැළදිය හැක්කේ එක් වරක් පමණයි. නැවත ගන්නවා නම් එළියේදී විෂබීජ හරණය කොට ගත යුතුයි. ඒ වගේම වෙළද පොලට නිකුත් කිරීමේදීත් එසේ කල යුතුයි. නැත්නම් මුඛ ආවරණයේ මාර්ගයෙන් ඉතා පහසුවෙන් තමාට, තම නිවසට වයිරසය ඇතුල්විය හැක.

:       0       0

agith Thursday, 26 March 2020 11:13 AM

මම අත්‍යවශ්‍ය කරුණුු ‌හේතුකොටගෙන රාජකාරියේ නිරත වන පුද්ගලයෙකි. මා සමග සේවය කරන පිරිසද බොහෝ විට මුඛ ආවරණ පැළඳ ගෙන ඉන්නේ. මා ද නිරීක්ෂණය කර තිබෙනවා මෙහි සඳහන් වැරදි සියල්ලම ඒ අය කරන බවට.

:       9       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්


මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 30584 31


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 12576 8

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10909 30

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 798 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 244 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 889 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site