IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


බලන්ගොඩ - ඉඹුල්පේ නිවාස 42 ක් නිරෝධායනයට

(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ වයි.ඒ.එස්.විරවංශ )   

වැලිසර නාවික හමුදා කදවුරේ සේවයේ නිරත සෙබළුන්   පස් දෙනෙකු  නිවාඩු ලබාගෙන  බලන්ගොඩ සහ ඉඹුල්පේ සෞඛ්‍ය වෙද්‍ය කොට්ඨාසවල  තම නිවෙස් වෙත පැමිණිමෙන් ඔවුන් සමග සම්බන්ධතා පැවත්වු නිවෙස් 42 ක පිරිස ස්වයං නිරෝධායනයට යොමුකර තිබේ .                                                                       

අද  (24) වනදා පස්වරුව වනවිට මෙම තීරණය ගත් බව ඉඹුල්පේ සෞඛ්‍ය වෙද්‍ය කාර්‍යාලයේ බලධාරියකු පැවසිය .                                                           
පසුගිය 22  වනදා  මෙම නාව්ක හමුදා සෙබෙළු නිවාඩු ලබාගෙන තම නිවෙස් වෙත පැමිණි නෑදෑයින් හිතවතුන් සහ අසල්වාසීන් ඇසුරු කර ඇතැයි ද  එලෙස හදුනාගත් පිරිසක් සිටින නිවාස නිරෝධායනයට ලක් කළ බව එම ප්‍රකාශකයා පැවසිය .                     

ඉඹුල්පේ කොට්ටාසයේ පිහිටි නිවෙස වෙත වැලිසර නාවික හමුදා කදවුරේ සිට පැමිණි සෙබළු ගණන තුනකි.    ඔවුන් තිදෙනා නෙල්ලිවල,හල්පේ සහබෝවත්තේ  පදිංචිකරුවන් වෙති.                                                             
බලන්ගොඩ කොට්ටාසයට නාව්ක සෙබළුන් දෙදෙනෙකු නිවාඩු ලැබ පැමිණි අය අතර සිටිති.

ඔවුන් දෙදෙනා බටුගම්මන සහ බෝවත්තේ පදිංචිකරුවෝ වෙති.                             


වැලිසර නාවික හමුදා කදවුරේ සිට බලන්ගොඩ සහ ඉඹුල්පේ ප්‍රදේශවලට පැමිණි මෙම නාව්ක සෙබළුන්ට කොව්ඩ් 19 වයිරසය ආසාදිත දැයි සොයා ගැනිමට පී.සී.ආර් පරික්ෂණයක් කිරිමට නියමිතය .



අදහස් (0)

බලන්ගොඩ - ඉඹුල්පේ නිවාස 42 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 156 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 777 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 379 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site