බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සොරානෝ මහතාටත් කොරෝනා වයිරසය වැළඳී ඇත්ද යන්න පිළිබඳව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අද (සිකුරාදා) දැනගැනීමට ලැබෙනු ඇත. බ්‍රසීල ජනාධිපතිවරයා සමග රාත්‍රී භෝජන සංග්‍රහයකට සහභාගි වූ ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා එහිදී බ්‍රසීල ජනාධිපතිවරයාට අතට අත දී සුබ පැතුම් පිරිනමා තිබේ.
බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරනෝ මහතාගේ මාධ්‍ය ලේකම්වරයාට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි මේ වන විටත් තහවුරු වී තිබේ.

බ්‍රසීලයේ ජනාධිපතිගේ මාධ්‍ය ලේකම් ෆැබියෝ වජ්න්ගාර්න් මහතා පසුගිය සතියේ ඇමෙරිකාවට පැමිණි අතර, ෆ්ලොරිඩාවේ පිහිටි ට්‍රම්ප් මහතාගේ නිවාඩු නිකේතනයේදී ඔවුහු හමු වූහ.
ඔවුන් දෙදෙනාට අමතරව ඇමෙරිකානු රාජ්‍ය නිලධාරීන් සහ ඥාතීන් ද එහි පැවති උපන්දින සාදයකට සහභාගී වී ඇත. නැවත බ්‍රසීලයට ගිය ෆැබියෝ මහතා අසනීප වීම හේතුවෙන් වෛද්‍ය පරීක්ෂණයට යොමුවූ බවත්, එම අවස්ථාවේදී කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව තහවුරු වූ බවත් වාර්තා වේ.
මේ හේතුවෙන් බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ මහතාට ද වයිරසය ආසාදනය වී ඇත්දැයි සොයාබැලීම සඳහා වෛද්‍ය පරීක්ෂණ පවත්වන බවත්, එහි ප්‍රතිඵල අද නිකුත් වීමට නියමිත බවත් බලධාරීහු කියති.
ඇමෙරිකානු උප ජනාධිපති මයික් පෙන්ස් සහ බ්‍රසීල ජනාධිපතිවරයාගේ මාධ්‍ය ලේකම් ෆැබියෝ මහතා සමඟ ඇමෙරිකානු ජනාධිපතිවරයා සිටි ඡායාරූපයක්ද මාධ්‍යයට නිකුත් කර තිබිණි.
වෛරසය ආසාදනය වීම සම්බන්ධයෙන් තමන් කලබල නොවන බව ජනපති ට්‍රම්ප් මහතා පවසා ඇත.
(ඩේලි මේල්)

2025 දෙසැම්බර් මස 18
574
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
285
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බ්‍රසීල ජනපතිගේ වෛද්‍ය වාර්තාව ගැන ට්‍රම්ප් අවධානයෙන්