බ්‍රිතාන්‍ය මහ රැජින ඉරිදා (05) රාත්‍රී 7.00ට ජාතිය ඇමතීමට නියමිත බව බකිංහැම් මාලිගය නිල වශයෙන් නිවේදනය කර ඇත.
මේ වනවිට 93 හැවිරිදි වියේ පසුවන දෙවැනි එලිසබෙත් මහ රැජින නත්තල් දිනයේ දී නිකුත් කරනු ලබන සාම්ප්‍රදායික පණිවිඩය හැර සිය වසර 68ක පාලන කාලයේ දී ජාතිය අමතන සිව්වැනි අවස්ථාව මෙයයි.
මීට පෙර ඇය ජාතිය අමතා ඇත්තේ 1991 දී පළමු ගල්ෆ් යුද්දය සම්බන්ධයෙන්, 1997 දී ඩයනා කුමරියගේ අවමංගල්‍ය අවස්ථාවේ දී සහ 2002 දී මව් රැජිනගේ අභාවයෙන් පසු යන අවස්ථා තුනේ දී පමණි. එසේ වුව ද 2012 වර්ෂයේ දී ඇය තම කිරුළු පැළඳීමේ දියමන්ති ජුබිලිය සමරන අවස්ථාවේ දී රූපවාහිනී දේශනයක් පැවැත්වූවාය. නමුත් එය ජාතිය ඇමතීමක් ලෙස සළකන්නේ නැත.
බකිංහැම් මාලිගයේ සේවකයකුට කොවිඩ් - 19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් මහ රැජින සිය නිල රාජකාරී අතහැර එඩින්බරෝ ආදිපාදවරයා සමග බර්ක්ෂයර්හි වින්ඩ්සර් මාලිගයේ සිටින්නීය. මාර්තු මැද සිට ඇය පූර්ව ආරක්ෂාවක් ලෙස වින්ඩ්සර් මාළිගයේ නැවතී සිටියි.
ඇයගේ විශේෂ කතාව වින්ඩ්සර් මාළිගයේ දී පටිගත කර රූපවාහිනී සහ ගුවන්විදුලි නාලිකා ඔස්සේ විකාශය කිරීමට නියමිතය. මෙහි දී කොවිඩ් - 19 වයිරසයේ පැතිරීම සම්බන්ධයෙන් රැජින විශේෂ ප්‍රකාශයක් කරන බව ද බකිංහැම් මාළිගයේ ප්‍රකාශකයකු පවසා ඇත.
බ්‍රිතාන්‍යයේ පසුගිය පැය 24 දී වයිරසයෙන් මියගිය සංඛ්‍යාව 684කින් ඉහළ ගොස් තිබේ. ඒ අනුව මේ වනවිට බ්‍රිතාන්‍යයේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 3,605කි. තහවුරු කරගත් කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව 38,168ක් බව එරට මාධ්‍ය වාර්තා කරයි.
ස්කොට්ලන්තයේ මරණ සංඛ්‍යාව 46කින් ඉහළ ගොස් ඇති අතර වේල්සයේ මරණ 24ක් අලුතින් වාර්තා වී ඇත.
බ්‍රිතාන්‍යයේ මරණ සංඛ්‍යාව 144ක වූ අවස්ථාවේ දී මහ රැජින විශේෂ නිවේදනයක් නිකුත් කළ අතර එමගින් ඇය කියා සිටියේ බ්‍රිතාන්‍යය දැඩි අවිනිශ්චිත කාල සීමාවකට අවතීර්ණ වෙමින් සිටින බවයි. එම නිවේදනයේ දී ඇය වෛද්‍යවරුන්ට, විද්‍යාඥයන්ට, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට සහ හදිසි සේවා සපයන්නන්ට ප්‍රශංසා කළ අතර සෑම පුද්ගලයකුගේ ම කාර්ය භාරය ඉතා වැදගත් බව ද අවාධාරණය කර තිබිණි.
බ්‍රිතාන්‍ය ඔටුන්නේ හිමිකරු චාර්ල්ස් කුමරු දින 07ක් ස්වයං නිරෝධායනයේ ගත කිරීමෙන් අනතුරුව අද (03) මුල්වරට ප්‍රසිද්ධියේ පෙනී සිටියේය.

ඒ රැජිනගේ බැල්මෝර් වතුයායේ පිහිටි ඔහුගේ නිවසේ සිට වීඩියෝ සබැඳියකින් රෝහලක් විවෘත කිරිමේ අවස්ථාවකට එක්වෙමිනි. නැගෙනහිර ලන්ඩනයේ එක්ස්එල් මධ්‍යස්ථානයේ කොවිඩ්-19 රෝගීන් සඳහා ප්‍රතිකාර කිරීමට මෙම රෝහල විවෘත කෙරිණි.
(බීබීසී ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා රැජින ඉදල හිටලා ජාතිය ඇමතුවට, ලංකාවේ නම් ජාතිය අමතන මිනිසුන්ගෙන් අඩුවක් නැත. බාර් වහල ඇදිරි නිතිය දමල තිබෙන නිසා මේ දවස්වල ලංකාවේ ජාතිය අමතන මිනිස්සු නැත.
සමහරවිට චාර්ල්ස් කුමාරට රජකම පැවරීමට විය හැකිය.
බ්‍රිතාන්‍ය රැජිනට මහ රැජින කියන්නෙයි අනෙක් රටවල රජවරුන්ට නිකං රජවරු කියල කියන්නෙයි ඇයි. ඉංග්‍රීසියෙන් නම් කියන්නේ Queen කියල විතරයි. ඇයි සිංහලෙන් අපි 'මහ' කියලා කියන්නේ?
බ්‍රිතාන්‍ය රජකම කියන්නේ කිසිම දේශපාලන බලයක් නොමැති , අපේ රටේ පළාත් සබා මෙන් වාර්ෂිකව විශාල ලෙස ජනතාවගේ බදු මුදල් විනාශ රටේ ප්‍රගතියට එතරම් දායක නොවන ආයතන දෙකකි. මේ දෙකම අහෝසිකිරීමට කාලය පැමිණ ඇත .
හිරු නොබසින රාජ්‍ය විසි එසේ හිරු නොබසින ලෙස තම යුද බලයෙන් යටත් කල සියලුම රාජ්‍ය වලින් සමාව ගන්න හදනවද මන්ද? හොරාකාපු ඔක්කොම ආපහු දෙනවා කියයි නේද? එහොම වුනොත් අපේ දැන් ඔය ඉන්න සත්ගුණවත් නිදන් වධුල පරිශීලනය කල උස, කොට පිළිබදව නිතරම ගැටළු ආව මෙන්ම ලගදී වෛද්‍ය විභාගය සමත් වුනු පුතාට නැවතත් නිදන් පිළිබදව පස්චාත් උපාධිය ලබාගන්න අවස්ථාවක්...
ඉක්මනට අමතන්න. අධිරාජ්‍යවාදීන්ගේ අවසානය සනිටුහන් වෙමින් පවතී.
මේ රැජිනටත් අපේ රනිල්ට වගේ අවරුදු 90 කට වැඩිවෙලත් ඊළඟ පරම්පරාවට බලය දීල ගිහින් විවේක ගන්න අදහසක් නැහැ.තවමත් මේ ගොල්ලට කඩේ යන මෝඩ මිනිස්සු ලෝකේ පුරාම ඉන්නවා .
බ්‍රිතාන්‍ය රැජිනට මහ රැජින කියන්නෙයි අනෙක් රටවල රජවරුන්ට නිකං රජවරු කියල කියන්නෙ ඇයි? ඉංග්‍රීසියෙන් නම් කියන්නේ Queen කියල විතරයි. ඇයි සිංහලෙන් අපි 'මහ' කියලා කියන්නේ? එරංග එහෙම වෙලා තියෙන්නේ රැජිනගේ මවු රැජින ජීවත් වෙලා සිටි කාලයේ ලංකාවේ මිනිස්සුන්ට ඔවුන් දෙන්නා වෙන්කරලා තේරුම් ගන්න රැජිනට මහරැජින කිව්වා, මොකද දෙන්නාම එලිසබත් නිසා, දැන් ඒ නම සින්න වෙලා,
චන්ද්‍රිකා නෝනා, ඉස්සර ජාතිය අමතනවා වගේ තියේවිද?
හිරු නොබසින අධිරාජ්‍යයේ උත්තරීතර පිදුමට ලක්ව සිටින එළිසබත් මහ රැජිනටත් අපහාස කරන කැනහිලුන් සිටින බව සිතමි. එය ඔවුන්ගේ වරදක් නොව පරපුරේ අමන ගතියකි. පොදු රාජ්‍ය මණ්ඩලයෙන් ඉවත්වීමේ උඩඟුවෙන් පෙළුන අය තේඋගුර බොමින් සුද්දට බනින පුහු මහන්තත්වයෙන් පිරුණ රටකනේ අපිත් ඉපදුණේ.
එංගලන්තේ මිනිස්සු රජපවුලට සලකන්නේ අතීතයේ එම පරම්පරාවෙන් රජවුණ රජවරු අපි වැනි යටත් විජිත රටවල් බලෙන් කොල්ල කාල එම ධනය එංගලන්තෙට ගෙනවිත් සුරපුරයක් කල නිසා කියමුකෝ , අපේ ලංකාව වැනි යටත් විජිතවල ජිවත් වෙන මිනිස්සු රැජිනට සලකන්නේ කුමක් නිසාද යන්න මට තේරුම් ගන්න බැහැ.?