කොවිඩ් - 19 වයිරසය වැළදී අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලැබූ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් සුවය ලබා ලබන සඳුදා සිට නැවත සිය ධූරයේ රාජකාරි ආරම්භ කිරීමට නියමිත බව ගාඩියන් පුවත් සේවය වාර්තා කරයි.
එමෙන්ම සුව ලැබූ අගමැති ජොන්සන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමග දුරකතන සංවාදයක ද නිරතව ඇත.
ජනාධිපති ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ බ්‍රිතාන්‍ය අගමැතිවරයා සුවය ලැබීම ඉතාමත් විශිෂ්ට තත්ත්වයක් බවයි.
කෙසේ වෙතත් ඊයේ දිනයේදී ද බ්‍රිතාන්‍ය යෙන් කොවිඩ් - 19 මරණ 638 ක් වාර්තා වී තිබුණි.
ගාඩියන් ඇසුරෙනි
125

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සෞඛ්‍ය සේවය ශක්තිමත් නැති බව දැනගෙන සිටියා නම් , ලංකාව වගේ කලින්ම ඇදිරිනීතිය දමල රට ලොක්ඩවුන් කරලා ජිවිත ටික බේරගන්න තිබුණා. ඔය මුකුත් නොකර පණ්ඩිත කතා කියමින් වටිනා කාලය නැති කලා, දැන් වෙන්න ඕනේ සියල්ල සිදුවෙලා හමාරය... 20000 විතර මැරිලා..., යුරෝපා සංගමයේ සිටිය නම් සාමාජික රටවලින් ආධාර උපකාර ගන්න තිබුණා. දැන් මුකුත් නැහැ. ජාතිවාදය ඉහට ගහල තමන්ගැන පමණක් සිතන්න යන මිනිස්සුන්ට මේක හොඳ පාඩමක් .