
කොරෝනා වෛරසය ආසාදනය වීමෙන් පසු ප්‍රතිකාර සඳහා රෝහලක දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කළ බ්‍රිතාන්‍ය අගමැති බොරිස් ජොන්සන් මහතාගේ තත්ත්වය මේ වන විට යහපත් තත්ත්වයට හැරී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
ඔහු මේ වන විට ස්ථාවර මට්ටමක සහ යහපත් මානසික මට්ටමකින් පසුවන බව ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
55 හැවිරිදි වියේ පසුවන අගමැතිවරයා ශ්වසන අපහසුතාවකින් පෙළීම හේතුවෙන් ඔහුට ඔක්සිජන් ලබා දී ඇති නමුත් ඊට ශ්වසන ආධාරක යන්ත්‍රයක් භාවිත කර නොමැත.
පසුගිය ඉරිදා ඔහු මධ්‍යම ලන්ඩනයේ ශාන්ත තෝමස් රෝහලට ඇතුළත් කළ අතර ඔහුගේ තත්ත්වය තරමක් බරපතළ අතට හැරීම හේතුවෙන් ඊයේ දැඩි සත්කාර ඒකකයට යොමු කර තිබුණි.
එළිසබත් රැජින අගමැතිවරයාගේ පවුලට සහ ඔහුගේ ගැබිණි සහකාරියට පණිවිඩියක් යොමු කරමින් අගමැතිවරයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර ඇති බව බකින්හැම් මාළිගය සඳහන් කළේය.
අගමැතිවරයා නියුමෝනියා තත්ත්වයෙන් නොපෙළෙන බවද වාර්තා වේ.
මේ අතර එරට කැබිනට් අමාත්‍ය මයිකල් ගොව් මහතා සිය පවුලේ සාමාජිකයෙකු වෙතින් කොරෝනා රෝග ලක්ෂණ දක්නට ලැබීමත් සමඟ ස්වයං නිරෝධායන ක්‍රියාවලියකට යොමුවී තිබේ.
(බීබීසී ඇසුරෙනි)
-226-
2025 දෙසැම්බර් මස 04
533
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
481
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
420
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
බ්‍රිතාන්‍ය අගමැතිගේ තත්ත්වය යහපත් අතට
sanjeewa Tuesday, 07 April 2020 05:30 PM
අගමැතිතුමනි, ඔබ බ්‍රිතාන්‍ය රට වෙනුවෙන් කල සේවය ඉතා අගය කරනවා. ඔබට ඉක්මනට සුවය ලැබේවා. අපි සියලු පිරිස ඔබ සමග සිටි...
කරුණාපාල Tuesday, 07 April 2020 07:03 PM
එංගලන්තේ තුල සිට හෝ පිටරටක සිට එංගලන්තේ අගමැතිට ආවැඩූවට පිනට වීසා නම් ලැබෙන්නේ නැහැ පුතෝ. එතුමා එරටට කල හරිය අපිට පේනවා ෂෝක් එකට. ටෝනි බ්ලෙයාර්, ඩේවිඩ් කැමරන් එක්ක බලද්දී, මෙයා මොන මිනිහෙක්ද? මොනා නැතත්, හොඳ කයිවාරු කාරයෙක් විශේෂයෙන් අපේ ලංකාවේ වගේ රටවල අයට චුන් වෙන්න.
RaveendraWednesday, 08 April 2020 04:38 AM
ඔබගේ අදහස් යම්තාක් දුරකට නිවැරදිය. මෙයා රට පාලනය කරාට අපේ පට්ටියේ 225 වගේම රට ඇම්ඩන් කෙසේ වෙතත් කෙනෙකුට ලෙඩක් දුකක් ඇතිවූ අවස්ථාවේ මනුෂ්‍යන් හැටියට අප මුහුට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරමු.!!
Dasa Tuesday, 07 April 2020 07:23 PM
එංගලන්තේ එහෙම වුනාට අපේ අයට මලාට එහෙම වෙන්නේ නැහැනේ.