( තිළිණි ද සිල්වා )
කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් බ්‍රිතාන්‍යයේ පදිංචිව සිටි තවත් ශ්‍රී ලාංකිකයෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ලලිත් චුල්ලසුමන පෙරේරා නැමැති 73 හැවිරිදි එක්දරු පියෙකි.
ලලිත් චුල්ලසුමන පෙරේරා මහතා එම වයිරසය ආසාදනය වීම හේතුවෙන් ලන්ඩන් නුවර චෙයාරින් ක්‍රොස් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඇතිවූ සංකුලතා නිසා ඊයේ (07) අභාවප්‍රාප්ත වී ඇත.
කලක පටන් එරට පදිංචි වී සිටි ඒ මහතා සිය බිරිඳ සමඟ එරට අවන්හලක් පවත්වා ගෙන ගිය අතරම ව්‍යාපාරිකයෙකු ලෙස කටයුතු කළ අයෙක් යැයිද එරට තානාපති ආරංචි මාර්ග කියා සිටී.
පෙරේරා මහතා කොළඹ ආනන්ද විද්‍යාලයේ සහ ඉසිපතන විද්‍යාලටේ ආදි ශිෂ්‍යයකු වන අතර එම විද්‍යාල වල බ්‍රිතාන්‍ය ආදි ශිෂ්‍ය සංගම් ශාඛාවල ක්‍රියාකාරී සාමාජිකයෙකු ලෙසින් හා ලන්ඩන් බෞද්ධ විහාරයේ ප්‍රධාන දායකයෙකු ලෙසින් කටයුතු කර සමාජ සේවයෙකුද වේ.
මෙම මරණයත් සමඟ මේ වන විට බ්‍රිතාන්‍යයේ වෙසෙන ලාංකිකයින් සිව් දෙනෙකුම ජීවිතක්ෂයට පත්ව ඇති අතර ලක්ෂේන් විජේරත්න , හෙන්රි ජයවර්ධන සහ අනුර ගාල්ලගේ මීට පෙර කොරෝනා වයිරසය ආසාදනය වී එරටදී මරුමුවට පත්වූහ.
මීට අමතරව ප්‍රංශයේ වෙසෙන ශ්‍රී ලාංකික තරුණයින් දෙදෙනෙකුද කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔවුන් වයස අවුරුදු 32 ක් සහ 43 හැවිරිදි වියේ පසුවූ යාපනය පදිංචිව සිට එරටට පැමිණි අය බවද තානාපති ආරංචි මාර්ග සඳහන් කර සිටී.
2025 නොවැම්බර් මස 04
216
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2081
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1592
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට
රවින් Wednesday, 08 April 2020 11:57 AM
ඇයි දොස්තර ඇන්ටන් සෙබස්තියන්පිල්ලයි ,ඔහුත් ශ්‍රී ලාංකීය සම්බවයක් ඇති දොස්තර වරයෙක්. දැනුවත්ව නම් දැනට ශ්‍රී ලාංකීය සම්බවයක් ඇති 9-10 පමණ එංගලන්තයේදී පමණක් මිය පරලොව ගිහින්.