බ්‍රිතාන්‍යයේ පසුගිය පැය 24 තුළ කොරෝනා ආසාදිත මරණ 980 ක් සිදුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍ය මැට් හැන්කොක් පවසයි.
මෙය බ්‍රිතාන්‍යයේ එක් දිනක් තුළ සිදුවූ වැඩිම මරණ සංඛ්‍යාව වේ.
ඒ අනුව එරට සිදුවූ මුළු මරණ සංඛ්‍යාව 8 958ක් දක්වා ඉහල ගොස් තිබේ.
පාස්කු නිවාඩු ලැබී තිබුණ ද උණුසුම් කාළගුණ තත්ත්වයක් පැවතිය ද මෙම අවදානම් තත්ත්වය හමුවේ නිවෙස් වලින් බැහැර නොයනැයි ද සෞඛ්‍ය අමාත්‍යවරයා බ්‍රිතාන්‍යයන්ගෙන් ඉල්ලා ඇත.
මෙවර පාස්කු උත්සවය බ්‍රිතාන්‍යයන්ගේ අධිෂ්ඨානය සම්බන්ද තවත් පරීක්ෂාවක් වනු ඇතැයි ද ඔහු පැවසීය.
අගමැති බොරිස් ජොන්සන්ගේ සෞඛ්‍ය තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බවද හැන්කොක් මහතා තහවුරු කළේය.
අගමැතිවරයා නොමැති වුවද වසංගතය පාලනය කිරීම සඳහා බ්‍රිතාන්‍ය රජය කාර්යක්ෂමව ක්‍රියාත්මක වන බවද අගමැතිවරයා විසින් විදේශ අමාත්‍යවරයා ලෙස පත්කරන ලද ඩොමිනික් රාබ් විශිෂ්ඨ ලෙස කටයුතු කරමින් සිටින බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
බ්‍රිතාන්‍ය සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම අදහස් පලකර සිටියේ ඩවුනින් වීදියේ පැවලි ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.
බ්‍රිතාන්‍යයේ මේ වනවිට කොරෝනා වයිරස ආසාදිතයින් 73 758ක් වාර්තා වී ඇති අතර 344 දෙනකු සුව වී තිබේ.
(රෝයිටර් පුවත් ඇසුරිණි - 085)
2025 දෙසැම්බර් මස 30
90
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
735
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
359
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බ්‍රිතාන්‍යයේ කොරෝනා මරණ 980 දක්වා ඉහළට