(ටී.කේ.ජී.කපිල )
ලොව පුරා පැතිර ගොස් තිබෙන කොරෝනා තත්වය නිසා බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව අතරමං වී සිටින ශ්‍රී ලාංකික සිසුන් යළි මෙරටට රැගෙන ඒම සදහා ශ්‍රී ලන්කන් ගුවන් සේවය විශේෂ ගුවන් ගමන් වාර 04 ක් සංවිධානය කර තිබේ .
මෙම ගුවන් ගමන් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශය , එම රටවල ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සහ එම රටවල සහ ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අධිකාරි මැදිහත් වීමෙන් සැළසුම් කර තිබේ .
ඒ අනුව ශ්‍රී ලන්කන් ගුවන් සේවය ගුවන් ගමන් වාර 03 ක් මෙම මැයි මස 03, 04 සහ 05 යන දිනවල බ්‍රිතාන්‍යයේ, ලන්ඩන් නුවර , හීත්‍රෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට අවශ්‍ය කටයුතු සූදානම් කර තිබේ .
ඒ අනුව එම ගුවන් යානා එම දිනවල උදෑසන 9.30 ට හීත්‍රෝ ගුවන් තොටුපළෙන් පිටත්වී , පසුදින මධ්‍යම රාත්‍රී 12.45 ට මෙම ගුවන් යානා කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය එසේම ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර සිටින ශ්‍රී ලාංකික සිසුන් රැගෙන මැයි මස 08 වැනි දින උදෑසන 8.15 ට එම ගුවන් තොටුපළෙන් පිටත් වන ශ්‍රී ලන්කන් ගුවන් යානය එදිනම දහවල් 2.30 ට කටුනායක ගුවන් තොටුපළ වෙත ළගා වීමට නියමිතය . මෙම වැඩසටහන පිළිබඳව වැඩිදුර විස්තර දැන ගැනීම සදහා බ්‍රිතාන්‍යයේ සහ ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය වලින් විමසීම් කරන ලෙස ශ්‍රී ලන්කන් ගුවන් සේවය දැනුම් දීමක් ද සිදු කර තිබේ .
COMMENTS
ප්‍රමුඛත්වය බලයට සහ මුදලට, මේ අපේ ශ්‍රී ලංකාව!
සේන මහත්මය ඔය මහලොකු සමාජවාදීන් කියාගන්න වාසුලවත්, දේශප්‍රේමී කියාගන්න විමලේලවත් මේ ගැන වචනයක්වත් කියන්නේ නැහැ. රනිල් කියන්නෙත් ඔක්කොම හොදින් සිදුවෙනවා කියල..., මැද පෙරදිග අතරමන්වෙලා ඉන්න ශ්‍රමිකයන්ගේ පියවරුන්ටත් බලය සහ මුදල් තිබුනානම් ලංකාවට එන්න තිබුණා.. ප්‍රශ්නයක් නැහැ ළඟ ලගම චන්දෙකුත් එනවා එවිට අපි අපේ කතිරේ බලේ පෙන්වමු .
මහවුන්ගේ ළමයි නෑ... කොහොම හරි ගේන්න එපැයි... මොකද ගමෙ ගොඩෙ දරුවො නෙවෙයිනේ...
ඕස්ට්‍රේලියාව මේ වයිරසය හොඳින්ම පාලනය කරන රටවලින් එකක්. වික්ටෝරියා ප්‍රාන්තයේ රැකියා අහිමි සිසුන්ට මුදල් දීමටත් සැලසුම් කරල තියෙනවා. ඒ නිසා නැවත ලංකාවට යෑම දෙවරක් සිතිය යුතු දෙයක්...
ලොව කිසිම රටක මෙවන් මෙහෙයුම් සිදු නොවේ. ඇත්තෙන්ම අගය කළ යුතු දෙයක්...
වැද වැද අඩනවා එන්න ගන්න කියල... ආපුගමන් බනිනවා මෙහෙමත් ජාතියක්...
ඔය චන්දෙට වැඩ අල්ලන්නයි යන්නේ වගේ...
අනේ එයාලව නම් කන්දකාඩු යවන්න එපා. අර Citrus hotel එකේ නවත්වන්න. බැරිම නම් විතරක් දියතලාවට යවන්න. ලේලන්ඩ් බස් වලින් ගෙනියන්නත් එපා. volvo හරි micro හරි A/ C බස් වලින් විතරක්ම ගෙනියන්න..
කුඩම්මාගේ සැලකිල්ලද?
දරුවෝ කාගෙ වුණත් ගෙන්වා ගැනීමෙ අදහස් හොද දෙයක්.. කුහක නොවෙමු... ඊර්ශ්‍යා කරන්න එපා...
එංගලන්තයේ පුහුණුවට සහ නැවතීමේ යටි අරමුණෙන් පැමිණි මේ අවස්ථාවේ රෝහල්වලට ගොස් උදව් නොකර බයේ ලංකාවට පනින (වාණිජ) දොස්තරවරුන්ට නැවත වීසා නොදෙන ලෙස බ්‍රිතාන්‍ය රජයට පෙත්සමක් ගොනු කළ යුතුයි.
මම ඉන්නේ ඩුබායි... අපිව රැකියා වලින් ඉවත් කරලා තියෙන්නේ... කන්න බොන්නවත් අපිට සල්ලි නෑ . එම්බසියෙන් කිසිම උදව්වක් නැහැ. මේ ආණ්ඩුවට රට ඉන්න අපි ගැන කිසිම තැකීමක් කරන බව පෙන්න නැහැ... අපි ලංකාවට එන්න බලන් ඉන්නේ මාස 2ක ඉඳන්. එ්ත් අපිව ලංකාවට ගෙන්න ගන්න මේ ආණ්ඩුවට කිසිම වුවමනාවක් නැතිබවක් තමයි පේන්නේ. එයාලට රට විරුවෝ අමතකයි.
මම කියන්නෙත් කුහක වෙන්න එපා කියලා. ඔය හැමෝම වියදම් කරන්නේ අර අහිංසක විදෙස් ශ්‍රමිකයන් එවන විදෙස් සල්ලි නේද ? අද බොහොමයක් අය අසරණ වෙලා ඉන්නන වෙලාවේ ඒ ගැනත් බලන්න. වැඩිය ඕනේ නැහැ මැදපෙරදිග හා මාලේ ඉන්න අයවත් ගැන බලන්න. ඒ මිනිස්සු කොරෝනා වලින් බේරන්න වෙහෙසුනු හමුදා කොල්ලෝ ගෙදර අපුවහම ගහල එළවන මිනිස්සු ඉන්න රටක වෙන මොනවා බලාපොරත්තු වෙන්නද ?
මාස 1 1/2 කලින් රජය මගින් ප්‍රසිද්ධ කල වෙබ් අඩවියේ ශ්‍රී ලාංකිකයන් 55000 ලංකාවට එන්න ඉල්ලුම් කරලා තිබෙනවා , මේවනවිට 1000 වත් ගෙන්න ගෙන නැහැ , අඩුම තරමේ මෙම පිරිසෙන් 35000 වත් ලංකාවට ගෙනත් නිරෝධන මධ්‍යස්ථාන හරහා නිරෝධනය කරලා ගෙවල් වලට යවනකන් ඡන්ද පවත්වන්න බැහැ, එහෙම කලොත් මොවුන්ගේ මුලික අයිතිවාසිකමක් වන ඡන්ද අයිතිය අමු අමුවේ උල්ලංගනය වෙනවා .