(ඩී.කේ.රත්න )
කොරෝනා වයිරසය පැතිරීයාමට උපකාරී වන අයුරින් බණ්ඩාරවෙල ස්ප‍්‍රීංවත්ත ප‍්‍රදේශයේ පවත්වා ගෙන ගිය සම්බාහන මධ්‍යස්ථානයක් වටලා එහි සිටි 5 දෙනෙකු අද (28) හවස අත්අඩංගුවට ගෙන ඇතයි බණ්ඩාරවෙල පොලීසිය පැවසීය.
අම්පාර , මිනුවන්ගොඩ සහ මහනුවර ප‍්‍රදේශයේ පදිංචි අවුරුදු 21 , 25 සහ 27 වයසේ පසුවන තරුණියන් තිදෙනෙකු බණ්ඩාරවෙල උතුරු කැඹිල්ලෙවෙල ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 21 ක තරුණයෙකු සහ දියතලාව කදුරුගමුව ප‍්‍රදේශයේ පදිංචි මෙම සමබාහන මධ්‍යස්ථානය පවත්වා ගෙන ගිය පුද්ගලයාද බණ්ඩාරවෙල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
කොරෝනා වයිරසය පැතිරීයාමේ අවදානමක් මතුවීම නිසා සම්බාහන මධ්‍යස්ථාන වසා දමන ලෙසට දැනුවත් කර තිබියදී මෙම පුද්ගලයා තරුණියන් යොදවමින් සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යන බවට බණ්ඩාරවෙල පොලීසියට ලැබුණු තොරතුරුත් මත මෙම වැටලීම සිදු කර තිබේ.
අත්අඩංගුවට ගනු ලැබූ පුද්ගලයින් බණ්ඩාරවෙල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බණ්ඩාරවෙල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්ෂක චන්දන ජයතිලක මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලීසියේ නිළධාරීහු මේ පිළිබදව පරීක්ෂණ සිදු කරති.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.