බිමල් ශ්‍යාමන් ජයසිංහ
පිලියන්දල නිවන්තිඩිය ග්‍රාමෝදය මාවතේ පදිංචි 33 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙක් කොරෝනා ආසාදිතයෙකු බවට තහවුරු වීමෙන් අනතුරුව මීට සුළු මොහොතකට පෙර අයිඩිඑච් රෝහලට ඇතුලත් කළ බව පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.
එම පුද්ගලයා පිළියන්දල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයෙන් වාර්තා වූ ප්‍රථම රෝගියා බව වෛද්‍යවරයා කීය .
එම පුද්ගලයා කොරෝනා ආසාදිත රෝග ලක්ෂණ පහළ කිරීමෙන් අනතුරුව අද සවස කොතලාවල ආරක්ෂක වෛද්‍ය පීඨ රෝහල වෙත ඇතුලත් කිරීමෙන් අනතුරුව සිදු කළ පරීක්ෂණ වලදී ආසාදිතයෙකු බව අනාවරණය වූ බව වෛද්‍ය වරයා කීය .
අද දින දහවල් එම පුද්ගලයා ආ ගිය බව කියන එම ප්‍රදේශයේම නීතිඥවරියකුගේ නිවසක් සහ ග්‍රාම සේවක වරයකුගේ නිවසක් ඇතුළු නිවාස 11 ක පුද්ගලයන් ස්වයං නිරෝධානයට ලක් කළ බව එල්ලාවල මහතා වැඩි දුරටත් පැවසීය .
COMMENTS
එතකොට ඒ පුද්ගලයට මේ රෝගය සැදුනේ කොහොමද? කාගෙන්ද කියල හොයාගෙන නැත්ද?
මාළු විකුණන බහුතරයක් මාස්ක් දන්නේ නැහැ. මහනුවර මඩවලින් එන වෙළෙන්දන් එහෙමයි.
කමක් නෑ අපි ඡන්දේ කරමු. මේ වගේ රට වටේ කොච්චර ඉන්නවද කියලා කවුද දන්නේ. මෙහෙම තියන් තමයි ඡන්ද කරන්න හදන්නේ. රටම වහන්න ජනතාව එකවගේ හඬ නැගුවා වගේ. මේ ප්‍රශ්නය ඉවරවෙනකන් ඡන්ද එපා කියලා මතයකුත් හදන්න ඔන වෙනවා රටේ සහ ජනතාවගේ ආරක්ෂාවට.