IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


පොළොන්නරුවේ 548 ක් නිරෝධායනයට

 (ක.ග.කරුණාරත්න)

කෙරෝනා වයිරසය අසාදිත පෙලොන්නරුවේ පුලස්තිගම පදිංචි නාවික හමුදා සෙබළා හඳුනාගැනීමෙන් පසු ඔහු සේවය කල කඳවුරේ රාජකාරී කර නිවාඩු ලැබ පැමිණි තවත් නාවික සෙබලූන් 08 දෙනෙකු සහ ඔවුන්ගේ පවුල්වල උදවිය ඇතුලූ 548 දෙනෙකු මේ වනවිට පොලොන්නරුව දිස්ත‍්‍රික්කයේ පිහිටි සිය නිවෙස්වල නිරෝධායනට ලක්කර සිටින බව පොලොන්නරුව ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය සරත් ජයසිංහ මහතා අද(25) පැවැසීය.
 
කොරෝනා වයිරසය ආසාදිත බවට තහවුරුවූ සෙබළා නිවාඩු ලබා පැමිණි දිනයට පෙර සහ පසු දිනවල මෙම සෙබලූන් තම නිවෙස්වලට පැමිණ ඇතිබවද ඒ මහතා කීය.එහෙත් එම සෙබලූන් කිසිවෙකුටත් වයිරසය ආසාදිත බවට මෙතෙක් වාර්තාවී නැතිබවද සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂවරයා පැවැසීය. එසේ නමුත් වැලිසර නාවික හමුදා කඳවුරේ රාජකාරී කරඇති අය නිසා ඔවුන් සහ ඒ පවුල්වල අයද එම පිරිස් සමඟ සෘජු සම්බන්‍ධතා පැවැත්වූ බවට හඳුනාගෙන ඇති මෙම පිරිසද සෞඛ්‍යආරක්‍ෂිත පියවරක් ලෙස මේ අන්දමට සිය නිවෙස්වලම නිරෝධායනයට යොමුකල බවද කීය.
 
මෙලෙස නිරෝධායනයට ලක්කර ඇති පිරිස පොලොන්නරුව දිස්ත‍්‍රික්කයට අයත් තමන්කඩුව,වැලිකන්ද,අරලගංවිල,ලංකාපුර,මැදිරිගිරිය සහ ඇළහැර යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවල පදිංකරුවන් බවද  ප‍්‍රාදේශීය සෞඛ්‍ය  සේවා අධ්‍යක්‍ෂවරයා සඳහන් කලේය.



අදහස් (0)

පොළොන්නරුවේ 548 ක් නිරෝධායනයට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 22 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 703 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 333 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site