IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


පොහොර ඉල්ලා ගොවීහු පාරට බසිති

( කාංචන කුමාර ආරියදාස)
 
 තම වගාවන් වලට අවශ්‍ය පොහොර ඉල්ලා කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ ජනතාව ප්‍රධාන මාර්ග වසා විරෝධතාවයක නිරත වෙද්දී දඹුල්ල ප්‍රදේශයේ ගොවීහු අලුයම් කාලයේ සිට  පොහොර ලොරි එනතුරා වෙළඳසැල් ඉදිරිපිට දිගු පෝලිම්වල සිටිති.
 
රට තුළ කිසිදු පොහොර හිගයක් නොමැති බව බලධාරීන් පවසද්දී වැඩි වශයෙන් වගා කෙරෙන රජරට ප්‍රදේශවල ගොවීන් සිය ගොවි තැනට අවශ්‍ය පොහොර මිටියක් ලබා ගැනීමට නොහැකිව දැඩි අසරණ තත්ත්වයට පත්ව ඇතැයි ගොවීහු පවසති.
  
 කැකිරාව මඩාටුගම ප්‍රදේශයේ ගොවීන් විශාල පිරිසක් මඩාටුගම ගොවිජන සේවා කාර්යාලය ඉදිරිපිටට පැමිණ එහි සේවකයන් කාර්යාල තුල නිවාස අඩස්සියේ දමා ප්‍රධාන මාර්ගයට පැන ඔවුහු දැඩි විරෝධතාවයක නිරත වූහ.
 
 වී වගාව සහ අතිරේක බෝග වගාව මෙන්ම මේ දිනවල දේශීය ලොකු ලූනු වගාවට අවශ්‍ය පොහොර නොමැතිකම නිසා දින ගණනාවක් තිස්සේ බලා සිට  අවසානයේ දී ගොවීන් මෙම විරෝධතාවයේ නිරත වූහ.
 
 මෙම විරෝධතාවය හේතුවෙන් අනුරාධපුර දඹුල්ල ප්‍රධාන මාර්ගය වාහන ගමනාගමනයට පවා බාධා එල්ල වුහ .පසුව කැකිරාව පොලිසියේ නිලධාරීන් පැමිණ ගොවීන් සමග උණුසුම් තත්ත්වයක් ද හටගෙන දැඩි අසීරුතාවයකට යුතුව මාර්ගය විවෘත කර ගැනීමට හැකිවිය .එමෙන්ම ගොවීන්ගේ නිවාස අඩස්සියේ රඳවාගෙන සිටි ගොවිජන සේවා නිලධාරීන් ද මුදවා ගැනීමට පොලීසිය මැදිහත් වූහ.
 
 දඹුල්ල ප්‍රදේශයෙහි අතිරේක බෝග වගා ගොවීන් හා වී ගොවීන් අද(29)  දින අලුයම 4.00 සිට පොහොර ලොරියක් එන බව ලද ආරංචියක් මත වෙළඳසැල් ඉදිරිපිට දිගු පෝලිම් වල රැඳී සිටියහ.
 
 මෙම ගොවීන් කියා සිටින්නේ සහනාධාර ක්‍රමයකට නොව අත්පිට මුදලට සාධාරණ මිලක් යටතේ වෙළෙඳ පොළට පොහොර නිකුත් කළ හොත් මේ ආකාරයෙන් දුක් විඳීමට නොහැකි බවය. වරක් හෝ ලැබෙන පොහොර මිටිය අවශ්‍ය ප්‍රමාණයට නොලැබෙන බවත් ඒවා ද ඇතැම් කළු කඩ හිමියන් වැඩි මිල ගණන් යටතේ මහා පරිමාණ ගොවි ආයතන වලට අලෙවි කරන බව ද ගොවීන් චෝදනා කරති.

සති ගණනාවක් තිස්සේ පොහොර මිටියක් ලබා ගැනීම සඳහා පෝලිමේ සිටීමට සිදුව ඇති බවත් එහෙත් ඇතැම් අවස්ථාවල පොහොර නොමැතිව නැවත නිවෙස්වලට යෑමට සිදුව තිබෙන බව පෝලිමේ සිටි ගොවීන් පැවසූහ.
 
 මෙරට වී වගාවට වතුර ලබාදීම සීමා කිරීම එළවළු සහ දේශීය ලොකු ලූනු වගාවට මෙන්ම වී වගාවට පොහොර ලබාදීම ප්‍රමාදකර කිරීම ආදී කරුණු කාරණා රැසක් පවතින බවත් රටේ කෘෂිකර්මාන්තය විනාශ කිරීමේ කුමන්ත්‍රණයක් පවතින බව ගොවීහු චෝදනා කරති.
 
 මේ දිනවල රට තුළ කිසිදු පොහොර හිගයක් නොමැති බව ජනමාධ්‍ය ඔස්සේ රජය ප්‍රකාශ කළ ද ගොවීන් කියා සිටින්නේ කොළඹ ප්‍රදේශයෙන් පිට පළාත්වලට යැවූ  පොහොර තොග යම්කිසි පිරිසක් සඟවාගෙන මෙම හිගය මවා පාන්නේ ද යන්න සොයා බැලිය යුතු බවය.



අදහස් (19)

පොහොර ඉල්ලා ගොවීහු පාරට බසිති

pradeepa Friday, 29 May 2020 05:50 AM

පොඩ්ඩක් ඉවසන්න අපි තාම ආණ්ඩුව පටන්ගත්තා විතරයිනේ... අපේ සියලු අඩුපාඩු නැති කරගන්න ඊළඟ ඡන්දෙත් අපිටම දෙන්න... එතකොට වෙනස සැපට දැනෙයි..., බුද්ධිමත් ගොවියන්ට...

:       49       180

Lakmal Friday, 29 May 2020 06:01 AM

ආණ්ඩුවට කඩේ යන අයට මේවා ප්‍රවෘත්ති නෙමෙයි.

:       1       78

Jayasiri Friday, 29 May 2020 06:39 AM

අපේ ගොවියන් අතරමං කළ හැටි...

:       64       306

sunil perera Friday, 29 May 2020 06:49 AM

අනේමන්දා ගෙවතු වගාවත් කරන්නලු.., ඒ මදිවට මිනිස්සුන්ගේ වාණිජ භෝග සඳහා මේ විදියට පෝර ගන්න කොරෝනා අස්සේ තෙරපෙන්න සැලැස්වීම නිලධාරින් සහ ඇමතිතුමාගේ නොහැකියාවද මන්දා? කෘෂිකර්මය අපේ රටේ කරන්න බැරිවෙලා එ්ක කරන්ටත් රට හැර යන්ට වෙයි වගේ...!!

:       66       215

Thilina Friday, 29 May 2020 06:56 AM

ඇත්තටම කතා කලොත් අපි රටක් විදිහට හිතන විදිහ වෙනස් කරන්න කාලය ඇවිත්.. ගොවියා මේ විදිහට පොහොර ඉල්ලලා පාරට බහින්න හේතුව ඔවුන් අද වෙළෙඳ පොල හරියට හඳුනා නොගැනීමයි.. අද රටේ කාබනික පොහොර භාවිතා කල එළවළු පළතුරු වලට වැඩි ඉල්ලුමක් ඇති වෙලා.. අපි ජාතියක් විදිහට පොහොර භාවිතය සම්පූර්ණයෙන් නතර කර අපේ පැරණි ගොවි ක්‍රම සඳහා යා යුතුයි. එයින් මීට වඩා වැඩි අස්වැන්නක් ලබා ගන්න පුළුවන් කියලා ඔප්පු වෙලා තියෙනවා. යූරියා වගේ පොහොර භාවිතයෙන් පිළිකා සැදීමේ ප්‍රතිශතය 93% වැඩියි කියලා මේ වෙනකොට හොයාගෙන තියෙනවා. කිරිපිටි සහ පොහොර ආනයනය නවත්තන්න පුළුවන් නම් අපේ අයවැය හිඟය පියවරගන්න පුළුවන්. දුෂ්කරතා ඒවි.. අපි ඒවට එකමුතුව මුහුණ දෙමු...

:       454       112

athuraFriday, 29 May 2020 08:11 AM

ඔහෙලා වගේ කඩේ ගිය උදවිය ඔහොම හරි කියලා මේක සාධාරණීකරණය කරන්න එපැයි...

:       0       301

bandaFriday, 29 May 2020 08:32 AM

තිලිණ, ඔයාලා වගේ ජීවිතේට කුඹුරකට බැහැපු නැති මිනිසුන් සීතල කාමර වලට වෙලා මේ වගේ බයිලා ගහනවා. නමුත් වැඩේ කරගෙන යනකොට තමයි තේරෙන්නේ දැනට භාවිතා කරන කෘමිනාශක සහ පොහොර වලිනුත් බොහොම අමාරුවෙන් තමා වගාව ගොඩ දා ගන්නේ කියලා...

:       0       83

ThilinaFriday, 29 May 2020 09:55 AM

මම ඔහෙලා වගේ කටින් බතල හිටවන කෙනෙක් නෙමෙයි.. මේ වෙනකොට මම කාබනික පොහොර විතරක් භාවිතා කරලා එළවළු සහ පළතුරු 22ක් මගේ ගෙවත්තේ වගා කරනවා.. මා සමග එකට වගාව පටන් ගත්තු හිතවතෙක් පොහොර භාවිතයෙන් වගාව කරද්දී මම ඔහුට වඩා අස්වැන්නක් අරගෙන පෙන්නුවා. මොන ආණ්ඩුව තිබ්බත් මේ තීරණ අපි ගත යුතුමයි. පිළිකා රෝහල පැත්තේ ගිහින් බලන්න මම කිව්වේ මොනවද කියලා. අවුරුදු 25කට කලින් අපි කෑවේ ඔය පොහොර මොනවත් ගහලා නෙමෙයි. ඒ නිසයි අපේ සීයලා ආච්චිලා අදටත් අපිට වඩා ලෙඩ අඩුවෙන් හොඳට ජීවත් වුනේ...

:       74       1

PrabhaFriday, 29 May 2020 10:10 AM

තිළිණ ජනකතාවක් තියෙනවා..., කියනකොට මෙහෙමයි, කරනකොට එහෙමයි කියලා... අහලා තියෙනවද?

:       0       1

athuraFriday, 29 May 2020 11:01 AM

ඔහේගේ ගෙදර වගාකරන පැල කිහිපයයි, අක්කර ගණන් වගා කරන අයයි,... අහසයි, පොළවයි වගේ... ඔහෙලා බලේට ගෙනාපු කෙනා එනකොට කතා කලේ නිකන් පොහොර දෙන්නනේ... දැන් මිනිස්සුන්ට සල්ලි වලට ගන්නත් පොහොර නැහැ.

:       0       41

lalithmFriday, 29 May 2020 12:39 PM

වත්තේ ගස් 22න් එන එක කනබොන එක නම්බුකාරයි තමයි. ඒකට තමා කියන්නේ පාරිභෝජන කෘෂිකර්මය කියලා. එහෙම කරලා නගරවල ඉන්න ජනයාට හරි, අපනයනයට හරි වගාව කරන්න බැහැ. අතන, මෙතන රතනගේ නියමයන් වගේ රටක් ගෙනියන්න වගාවට අවශ්‍ය කොම්පෝස්ට් හදන්න ඕනේ අමුද්‍රව්‍ය හොයන්න නම් කුකුලන්, උෟරන් ගවපට්ටි පිටින් ඉන්න ඕනේ.. එහෙම කළාම මස් කන්න එපා කියලා චීවරධාරීන් පටන් ගන්නවා. මේක නාඩගමක්.... පොහොර ටික දෙන්න බැරි.., වී තියෙද්දී හාල්මිල හදාගන්න බැරි පක්ෂඝාත නිලධාරි වාදයයි, ජරාකන දේශපාලනයයි රට විනාශ කරලා...

:       0       1

Nimal Friday, 29 May 2020 03:11 PM

ගෙදරින් එළියට බැහැලා බැලුවොත් තේරෙනවා ඔබ කියන දේවල් කරන්න අපහසු බව... සාමාන්‍ය අක්කර 1ක කුඹුරකට කාබනික පොහොර කිලෝ 4000ක් පමණ යොදන්න වෙනවා. ඒ තරමටම නිශ්පාදනය කරන්නේ කවුද? ගෙන යාමේ හා ගබඩා වියදම් කීයක් වෙයිද? එහෙම වුණා නම් වී කිලෝ එකක් නිශ්පාදනය කරන්න රුපියල් 100 ක් වත් වෙයි. එහෙම වුණා නම් තිළිණ වගේ අයට බත් කන්න ලැබෙන්නේම නැති වෙයි. තමන්ට කාබනික ආහාර අවශ්‍ය නම් වෙන අය ලවා නිෂ්පාදනය කරගන්න බලන්නේ නැතිව තමන් විසින්ම කරගන්න එක තමයි හොඳ. කප්පරක් පුහු තර්ක ඉදිරිපත් කරනවාට වඩා ක්‍රියාව අපහසු බව තේරුම් යනු ඇත.

:       0       0

de silva Friday, 29 May 2020 07:07 AM

පොඩ්ඩක් ඉවසලා ඉන්න. මේ ප්‍රශ්න ඔක්කොම විසඳන්න ඉස්සෙල්ලම ඡන්දයක් තියලා 2/3 බලය අවශ්‍ය වෙනවා.. නැතුව ඕවා කරන්න බැහැ...

:       108       272

Hafeel Friday, 29 May 2020 07:47 AM

2/3 නොලැබුණොත් කියාවි, අපිට 2/3 නොලැබුණු නිසා සහන දෙන්න බැරිවුණා කියලා...

:       1       310

Hafeel Friday, 29 May 2020 07:45 AM

කෝ අපේ දේශප්‍රේමී විමල්? පේන්නම නැහැ මේ දවස්වල... නිරෝධායනය වෙලාද? මට තාම අහනවා වගේ අර ඡන්ද වේදිකාවල කටපාඩම් වගේ කියාගෙන, කියාගෙන ගිය සහන මලු ලැයිස්තුව...

:       1       261

de silva Friday, 29 May 2020 08:28 AM

අර පසුගිය කාලයේ රට පාලනය කරපු ගොවිපුතා කියපු විදිහට කුඹුරුවල ගොවිතැන් කරන්න රසායනික පොහොර අවශ්‍ය නැහැ.. කුඹුරුවල තණකොළ හැදෙනවා නම් ගොයම් හැදෙන්නේ නැත්තේ මොකද ?

:       41       51

banda Friday, 29 May 2020 08:36 AM

අනේ සර්, කෝ ඔයා නිකන් දෙනවා කිව්ව සහන පොහොර මල්ල? නිකන් තියා දැන් සල්ලි වලටත් නෑ..

:       0       156

Sanath Friday, 29 May 2020 11:04 AM

මේ හොර ගොවියෝ... අපේ ජනාධිපති බොරු කරන්නේ නැහැ. මේ බොරුවට මෙහෙම හැසිරෙන්නේ... මේ රජය මොනතරම් නම් සහන දෙනවද? කුහක ගොවීන්. බොරු කාරයන්... රට කොයිතරම් නම් දියුණු වෙලාද, මේ ආණ්ඩුව ආපු දවසේ ඉඳලා..

:       10       5

KamalFriday, 29 May 2020 11:34 AM

අම්මෝ දියුණුව දැකලා මට දැන් මැරුණත් හොඳයි කියලා හිතෙනවා. අනේ විකාර දොඩවන්න එපා. හැමදේම වැඩිකරලා දාලා රට විනාශ කරලා දැන් ගොවියන්ට හොර ගොයියලු... රට ඉන්නවිරුවන්, බෝම්බ කරුවන් වෙලා. අනේ මෙහෙම බාල්දු වුණු ආණ්ඩුවක් දැක්කේ නැහැ...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 151 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 632 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1036 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site