IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


පසුගිය පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩ් - 19 රෝගින් 3 900ක්

පසුගිය පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩ් - 19 රෝගින් 3 900ක් වාර්තා වි ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව ඉන්දියාවෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 46 433ක් දක්වා ඉහල ගොස් තිබේ.

මේ පිළිබඳ අදහස් දක්වමින් ඉන්දීය සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ සඳුදා දිනයේ කොරෝනා පරීක්සණ 80 000කට වඩා සිදුකර ඇති හෙයින් ආසාදිතයින් වැඩි පිරිසක් හඳුනා ගැනීමට හැකිවූ බවයි.

ලෝකයේ අඩුම දෛනික පරීක්ෂණ අනුපාතිකයක් පවතින ඉන්දියාව සිය පරීක්ෂණ ධාරිතාවය ඉහල නැංවීමට උත්සාහ දැරීම කොරෝනා ව්‍යාප්තිය මර්දනයේ සාර්ථක පියවරක් බව වෛච්‍ය විශේෂඥයෝ පවසති.

ඉන්දීය සෞඛ්‍ය බලධාරීන් පවසන්නේ දිනකට සාම්පල 100 000ක් පමණ පරීක්ෂා කිරීමට බලාපොරොත්තු වන බවයි. 

ඉන්දියාව මේ වනවිට වයිරස ව්‍යාප්තිය අඩු කළාප වල අගුලු දැමීම් ලිහිල් කිරීම සිදුකරගෙන යයි. 

කෙසේ වුවද විශේෂඥයන් අනතුරු අඟවා ඇත්තේ සීමාවන් ඉක්මනින් ලිහිල් කිරීම හේතුවෙන් අවාසිදායක තත්ත්වයක් උදාවියහැකි බවයි.

ඉදිරි සති හතරේ සිට හය දක්වා කාලය ඉතා වැදගත් බවත් ආසාදන අනුපාතය ඉහල යාමට ඉඩ ඇති බැවින් පොලිසියට විශාල වගකීමක් පැවරෙන බවත් ඔවුහු සඳහන් කරති.

ඉන්දියාවේ මේ වනවිට කොරෝනා ආසාදිත මරණ 1 571ක් සිදුවී තිබේ.


(බීබීසී ඇසුරිණි - 085)



අදහස් (1)

පසුගිය පැය 24 තුළ ඉන්දියාවේ කොවිඩ් - 19 රෝගින් 3 900ක්

Chadnana-Australia Wednesday, 06 May 2020 05:21 AM

හැම රටකම ඒවා දානවා. එත් ලංකාවේ කීදෙනෙක්ද කියලා හොයා ගන්න විදිහක් නැහැ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 653 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1107 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site