කුමන ආකාරයේ මතවාදයක සිට පාස්කුදා ප්‍රහාරයෙන් මිනිස් ඝාතන සිදු කළද එය මනුෂ්‍ය වර්ගයාටම නිගාවක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.
එමෙන්ම පාස්කු ප්‍රහාරයෙන් මිය ගිය වැඩි පිරිසක් කතෝලික බැතිමතුන් වූවත් එය ඔවුන් පමණක් නොව සමස්ථ ලාංකික ජනතාවම ඉලක්ක කරගනිමින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයක් බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.
පාස්කු ප්‍රහාරය එල්ල වී අදට වසරක් පිරීම නිමිත්තෙන් කතෝලික ජනතාවට සහ සමස්ථ ශ්‍රී ලාංකික ජනතාවටම සංවේගය පළ කරමින් ජනාධිපතිවරයාගේ විශේෂ ප්‍රකාශය සඳහන් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ මේ බව දැක්වෙයි.
යළිත් වතාවක් කුමන විදියේ හෝ අන්තවාදයට ප්‍රචණ්ඩත්වයට ඉඩ නොතබන බවද ජනාධිපතිවරයා එහි සඳහන් කර තිබේ.
සම්පුර්ණ නිවේදනය පහත දැක්වෙයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපගේ මාතෘබුමියේ මුල් පුරවැසියාට මෙසේ පවසන්නෙමු. මිලකළ නොහැකි මිනිසි ජිවිත නසපු සහ එම මෙලෙච්ච ක්‍රියාවට සහබාගිවු සියලුම පාපතරයන්ගේ සියලු විස්තර අහිංසක මහජනතාව සැමවිටම දැනගනුමට මග බලා සිටින බැවින් ඒ සියල්ල කිසිදු අඩුවකින් තොරව දැනගනුමට ඉඩ සලස්වන ලෙසය.
ඒ වුනාට කෝ මේ කාරනාවට වගකියන්න ඕනා ප්‍රධානි ව අත්අඩංගුවට නොදත්තේ මන්ද ...?
කාටද සහතික වශයෙන්ම කියන්න පුළුවන් මුස්ලිම් සමාජයෙන් ලාංකිකයන් හට එල්ල උ එකම හා අවසන් මුස්ලිම් ත්‍රස්තවාදී ප්‍රහාරය ඕක කියලා ? කරුණාකර අන්තවාදය ත්‍රස්තවාදයෙන් කෙළවර වීමට ඉඩ නොතබා මැඩලන්න
ඔව් ඔය බෝම්බ කරුවන්ට පඩි දුන්නු අයටත් ඔය ශාපයෙන් ගැලවෙන්න නම් බැහැ . අනිතිමට අහිංසක මිනිස්සු ටිකක් විනාශ වෙලා ගියා සමහරුන්ගේ යටි අරමුණු මුදුන් පමුන්වගන්න ඕන වෙලා... මේ විනාශය වෙන බව ඔත්තු සේවා කොයි තරම් නම් දැනුම් දීමක් කරලා තිබුනද ?