IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


පොලිස් සැරයන්වරයෙක් පැදවූ මෝටර් රථයේ රා බෝතල් 15 ක්

(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

බණ්ඩාරගම වල්ගම සුසාන භූමිය අසල දී මෝටර් රථයක් පරීක්ෂා කිරීමට යාමේ දී අද (08) පොලිසියෙන් මිදී පැන ගිය බව කියන මත්තේගොඩ  පොලිසියේ සැරයන්වරයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ආරම්භ කළ බව බණ්ඩාරගම පොලිසිය කියයි.

පලාගිය සැරයන්වරයා  පැමිණි බව කියන මෝටර් රථයේ තිබී  රා බෝතල් 15 ක් සහ එහි සිටි පුද්ගලයන් සිව්දෙනෙකු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

බණ්ඩාරගම පොලිසියේ රථ වාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක  දිලිප් චාමින්ද මහතා ඇතුළු නිලධාරීන් ඇඳිරි නීතිය කඩ කරන්නන්  අත්අඩංගුවට ගැනීම සඳහා සංචාරයේ යෙදී සිටියදී  වීදාගම සිට වීදියගොඩ දෙසට පැමිණෙමින් තිබූ අඳුරු වීදුරු සහිත සුඛෝපභෝගී මෝටර් රථය නැවතීමත් සමඟ එහි වම් පස අසුනේ සිටි පුද්ගලයා පොලිස් පරීක්ෂකයා අසලට පැමිණ තමන් මත්තේගොඩ  පොලිසියේ සැරයන්වරයකු බව පවසා රාජකාරි  නිල හැඳුනුම්පත ඔහු වෙත ඉදිරිපත් කර තිබූ බව පොලිසිය කියයි .

එම අවස්ථාවේදී  දී ඇති වූ සැකයක්  මත මෝටර් රථය පරීක්ෂා කරන ලෙස එහි සිටි අනෙක් නිලධාරියාට පැවසීමත් සමඟම මත්තෙගොඩ පොලිසියේ පොලිස් සැරයන්වරයා එකවරම පලා ගොස් තිබූ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය .

ඒ වන විට පලා ගිය සැරයන්වරයාගේ රාජකාරි හැඳුනුම්පත පොලිස් පරීක්ෂකයා සතුව තිබූ බව පොලිසිය සඳහන් කරයි.

පානදුර ප්‍රදේශයෙන් රා මිලදී ගෙන පොලිස් හැදුනුම්පත පෙන්වා මාර්ග බාධක රැසක් පසුකර මෙම පුද්ගලයන් පැමිණ තිබූ බවත්  නිලධාරියකු පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව්දෙනා පොල්ගස්ඕවිට පදිංචිකරුවන් වන බවත් පලාගිය සැරෙන්වරයා අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් පොලිස් නිලධාරියෙකු වැඩිදුරටත් පැවසීය.

 



අදහස් (5)

පොලිස් සැරයන්වරයෙක් පැදවූ මෝටර් රථයේ රා බෝතල් 15 ක්

siri Wednesday, 08 April 2020 01:01 PM

නිරෝධායනය කරන්න අරගෙන ගියා වෙන්න බැරි නැද්ද?

:       1       2

පිටිගල මිලානෝ Wednesday, 08 April 2020 01:04 PM

ඔය මෝටර් රථය මේ පැත්තටත් එවන්න බැරිද? අපිත් කොරෝනා නිසා ලෝකයේ වැඩිම පීඩාවට පත් වුන ජන කොටසක්.

:       2       5

Raveenda Wednesday, 08 April 2020 01:17 PM

අත් දෙක විසබීජ හරණය කරගන්න ගෙනිච්චද මන්ද !! සැරයන් කියන්නත් ලැජ්ජයි....

:       0       4

Pathum Wednesday, 08 April 2020 02:20 PM

රා ටිකක් බිව්වට තියෙන වැරුද්ද මොකක්ද?

:       0       8

Sriyani jayalath Thursday, 09 April 2020 03:03 AM

කසිප්පු වලට වඩා කොච්චර හොදද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31135 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13267 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 51 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 884 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 266 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site