(එම් .සුසිල් ප්‍රියන්ත, ඥාණදාස රම්මුතු )
හිටපු අමාත්‍ය කරුණා අම්මාන් මහතා රනවිරුවන් ඝාතනය කලා යයි කියන ප්‍රකාශයකට විරෝධය දැක්වීම සදහා ජනතා අයිතීන් සුරකීමේ සංවිධානය සීනිගම දේවාලය අභියස අද (21 ) පැවැත්වීමට සංවිධානය කළ උද්ඝෝෂණයක් මීටියාගොඩ පොලීසිය මැදිහත්වී නවැත්වීමට කටයුතු කිරීමත් සමගම දැඩි උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
විරෝධතා පුවරු ඔසවාගෙන උද්ඝෝෂණයේ යෙදීමට පිරිස සූදානම්වූ අවස්ථාවේදි එම ස්ථානයට පැමිනි මීටියාගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අජිත් විජේසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරින් උද්ඝෝෂණ පැවැත්වීමට ඉඩ දිය නොහැකි බව පැවසීමත් සමගම දෙපාර්ශය අතර කතාබහක් ඇතිවූහ.
අවසානයේදී තමන් නීතියට ගරු කරන බව පවසමින් උද්ඝෝෂණයට සහභාගීවූ පිරිස විසිර ගියහ.

COMMENTS
මේ වෙනකල් කිසිම කෙනෙක් කරුණාගේ ඉතිහාසය දැන සිටියේ නැද්ද ?
යුද සමයේ දෙපැත්තෙන්ම මැරුවා. හැබැයි කරුණා අම්මාන්ලා මැරුවේ හිටපු ජනාධිපති කෙනෙක් දුන්නු ආයුධ සහ සල්ලිවලින් නේද?
කරුණා අම්මාන් වර්තමාන අගමැති මහින්ද රාජපක්ෂ ජනාධිපති සමයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උප සභාපති තනතුරකින් පිදුම් ලබනු පුද්ගලයෙකි. එවකට විමල්ලා, ගම්මන්පිලලා සිටියේත් මහින්ගේ රජයේය. රණවිරුවන් ගැන කතකරන දේශපාලන නායකයන් සහ ජනාධිපතිවරයකු සිටින රටක නීතිය කරුණාට ක්‍රියාත්මක නොවන්නේ මන්ද? අරන්තලාවේදී අහිංසක කුඩා භික්ෂූන් වහන්සේලා බස්රථ තුලදී කපා කොටා මරා දැම්මේ කවුද? අනුරාධපුරයේ ජය ශ්‍රී මහා බෝධිය අභියස පොහොය දිනකදී භික්ෂූන් වහන්සේලා ඇතුළු බෞද්ධයින් පිරිසක් වෙඩි තබා මරා දැම්මේ කවුද? දළදා මාලිගාවට බෝම්බ තබා විනාශකළේ කවුද? පොලිසියේ 600ක් ඝාතනය කළේ කවුද? ලංකාවේ හමුදා සෙබළුන් විශාල පිරිසක් මරා දැමූ බව කරුණාම කියද්දී එම හමුදාවට නායකත්වය දුන් වර්තමාන ජනාධිපති මේ පිළිබඳව කියන්නේ කුමක්ද? වගකිවයුතු රජයක් නම් රටේ බෞද්ධ ජනතාවට මේ පිළිබඳව පිළිතුරක් ලබාදෙන්න..
බලන්න මේ ඡායාරූපය දෙස... කෝ මුව ආවරණ? කෝ සමාජ දුරස්ථභාවය...?
මේ මොනවද ඔයාලා කරන්නේ කරුණා දැන් රණවිරුවෙක්.
කරුණා අම්මාන්ට විරුද්ධව උද්ඝෝෂණ කෙරුවොත් අතපය කඩාගන්න තමයි.
මේ ආණ්ඩුව යටතේ පොලිසිය නීතිය ක්‍රියාත්මක කරන්නේ ආණ්ඩුවට එකේ ව්දියකටයි විපක්ෂයට තව විදියකටයි. හූල්ට විරුද්ද උද්ගෝෂණ හැමතැනම දැක්කා. පොලිසිය ඒවාට විරුද්දව මොනවත් කෙරුවේ නැහැ. පාස්කු ප්‍රහාරය වෙන්න කලින් දවසෙත් ඒක ගැන පොලිසිය දැනගෙන ඉදලා මොනවත් කෙරුවේ නැහැ. ඒ ආණ්ඩුව කළේ පොලිසිය වැඩ කෙරුවේ ඒ විදියට.
එතකොට රාජිත?
ප්‍රභාකරන්, සුමන්දිරන්, සම්බන්ධන්, ශිවාජිලිංගම් කියන දේවල් වලට උද්ඝෝෂණය කරන්නේ නැත්ද?
කරුණා අම්මාන් කියන්නේ ජාතික වීරයෙක්නේ... ඔහු අරන්තලාවේ භික්ෂු ඝාතනය පසුපස හිටියනේ... දළදා මාලිගාවට බෝම්බ ගැසීමට සැලසුම් කළා... නැගෙනහිර පළාතේ පොලිස් නිලධාරීන් 600ක් ඝාතනය කරන්න නියෝග දුන්නා කියන්නේ මේ බොරු කතානේ... නැද්ද මන් අහන්නේ?
දන්නේ නැති හින්දයි අහන්නේ... දැන් තාජුඩීන් ඉන්නේ කොහේද?
කබරගොයා එක්තරා කාලයක් තලගොයා වුණා... ඉදිරියටත් රාජපක්ෂලා හිතන්නේ එහෙමයි. BBS, හෙළ උරුමය, JVP එකයි කට වහගෙන ඉන්න එක හොඳයි.