IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝ 1000ක් විනාශ කරයි

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

ඇඳිරි නීතිය පවතින අවස්ථාවේදී අලෙවි කරමින් තිබූ පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝ දහසක් විනාශ කර එම තොග අලෙවි මධ්‍යස්ථානයකට එරෙහිව නඩු පැවරීමට (08) දා පියවර ගත් බව ,මහරගම සෞඛ්‍යය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

ඇදිරි නීතිය පවතින අවස්ථාවේ දී තලවතුගොඩ නගර මධ්‍යයේ  පිහිටි අලෙවි සල් කිහිපයක් ඉතා සූක්ෂම ලෙස වෙළඳසැල් වල  පිටුපස දොරින් භාණ්ඩ විකුණන බවට මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයට ලද තොරතුරක් අනුව  මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරින් සිදුකළ හදිසි  වැටලීමකදී මෙම අර්තාපල් තොගය සොයා ගැනීමට හැකි වූ බව  කියයි .

සෞඛ්‍යය ආරක්ෂිත බවින් තොර හා මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු  තත්ත්වයේ තිබූ   මෙම අර්තාපල් තොගය  එම ස්ථානයේදීම  විනාශ කර දැමීමට මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන් පියවර ගත් බව පැවසේ .

මෙසේ විනාශ කර දැමූ අර්තාපල්  තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ දෙකකට ආසන්න බව ද පැවසේ.

තවදුරටත් විමර්ශන සිදු කිරීමේදී මෙම අලෙවිසැල් හිමිකරු  ජංගම රථ හරහා භාණ්ඩ අලෙවි කිරීමට ඇඳිරිනීති බල පත්‍ර හතරක් ලබාගෙන  තිබූ පුද්ගලයකු බවට ද තොරතුරු  අනාවරණය වූ බව පැවසේ.

මීට අමතරව  තලවතුගොඩ නගර මධ්‍යයේ හොර රහසේ භාණ්ඩ අලෙවි කළ තවත් වෙළඳසැල් තුනක් වටලා එහි හිමිකරුවන්ට තරයේ අවවාද කිරීමට ද පියවර ගත් බව පැවසේ.



අදහස් (1)

පරිභෝජනයට නුසුදුසු අර්තාපල් කිලෝ 1000ක් විනාශ කරයි

Raveendra Wednesday, 08 April 2020 06:11 PM

කරුණාකර මෙවන් කාලකන්නි හිගන මුදලාලිලාගේ කඩවල් වල නම් මෙන් එම මුදලාලිලාගේ නම්ගම් චායාරුපද සහිතව පලකරන්නේ යැයි ඉල්ලා සිටින්නෙමු. එවිට මෙවන් හිගන මුදලාලිලාට අනාගතේදී නම් බිස්නස් කිරීමට නොහැකි වෙන තත්වයක් උදා වෙනු ඇත. එලෙසම මුන්ට දිය යුත්තේ 88/89 යේ දඩුවම් බවත් අප ප්‍රසිද්ධියේම සදහන් කරන්නෙමු.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 66 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 137 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 934 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site