චීනයේ වූහාන් නුවරින් ආරම්භ වූ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මේ වන විට ලෝකයේ රටවල් 212 ක් සහ නෞකා දෙකක් හරහා පැතිර ගොස් තිබේ. අද (3 වැනිදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.00 වන විට එයින් ලෝක පුරා සිදුවූ මරණ සංඛ්‍යා 245,000 ඉක්මවා තිබිණ.
කෙසේ වෙතත් මේ දක්වා කොරෝනා ආසාධිතයෝ 1,132,646 දෙනෙක් සුවය ලබා සිටිති. අද පස්වරු 3.00 සහ පස්වරු 8.00 අතර ගතවූ පැය 5 ක කාලය තුළදී කොරෝනා රෝගීන් 533 දෙනකු මියගියද ලෝ පුරා ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 6170 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගියහ.
කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් වූ රටවල් අතර ශ්‍රී ලංකාව 100 වැනි ස්ථානයේ පසුවුවද ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තාවූයේ මරණ 7 ක් පමණි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ ලෙඩේට මිනිස්සු බොරුවට මෙච්චර බය වෙලාද මන්දා...!බෙහෙතකුත් හොයාගෙන නැත්නම් කොහොමද ඔහොම සනීප වෙන්නේ?
අපි ජාතියක් විදියට කව්රුවත් සතුරන් කොට සලකන්නේ නැහැ. සමාව දීමයි අපේ විදිය. නමුත් සමහර දත්තයන් දැක්කාම ඒවා කොතරම් දුරකට ලංකාවේ සංස්කෘතිය සහ අපේ විශ්වාස වලට අනුකුල දැයි පෙනීයන අවස්ථා ඇත. ( top ten countries with arms industry) ගුගල් යොමුව මගින් ලෝකයේ ආයුධ නිපදවන්නන්ගේ ලැයිස්තුව සමග අද දවසේ කොරෝනා තත්වය සංසන්දනය කර බලා ඔබට යමක් තේරුම් ගත හැකි දැයි බලන්න. මෙය කාටවත් ද්වේශයකින් යුතුව හිතන්න එපා, නමුත් ලෝකයේ ධර්මතාවයක් වන්නේ අනුන් නසන්න ගියොත් තමනුත් නැසෙන බව නේද? .