කොරෝනා වයිරසය හේතුවෙන් අද (30) පස්වරු 4 න් අවසන් වූ පැය 24 කාලයේදී ස්පාඤ්ඤයේ 812 දෙනකුට ජීවිත අහිමි වී ඇතැයි එරට සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේය.
ඒ අනුව ස්පාඤ්ඤයෙන් වාර්තා වන සමස්ත කොරෝනා මරණ ගණණ 7,340කි. අද වාර්තා වූ මරණ ගණන පසුගිය බ්‍රහස්පතින්දා සිට ඉරිදා දක්වා දවස් හතරක් අඛණ්ඩව, ස්පාඤ්ඤයෙන් වාර්තා වූ මරණ ගණනට වඩා අඩුවීමකි. ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙන නව කොරෝනා වයිරසයෙන් දෙවැනියට වැඩිම මරණ ගණනක් වාර්තා වන්නේ ස්පාඤ්ඤයෙනි. ඉරිදා පමණක් ස්පාඤ්ඤයෙන් වාර්තා වූ මරණ ගණන 838කි.
කොරෝනා වයිරසය හේතුවෙන් ඉරිදා ඉතාලියෙන් මරණ 756ක් වාර්තා වූ අතර ඒ අනුව ඉතාලියෙන් වාර්තා වන සමස්ත මරණ ගණන 10,779කි. ඉරිදා පමණක් ඉතාලියෙන් තවත් කොරෝනා ආසාදිතයන් 3,815ක් වාර්තා වූ අතර එය සියයට 5.6ක වර්ධනයකි. එය පසුගිය දින හා සැසඳීමේදී ඉතා අඩු වර්ධනයකි.
කොරෝනා වයිරසය හේතුවෙන් ලොව පුරා මරණ 34,041ක් වාර්තා වන අතර ඉන් අඩකට වැඩි ගණනක් වාර්තා වන්නේ ඉතාලියෙන් සහ ස්පාඤ්ඤයෙනි.
කොරෝනා වයිරසයෙන් ස්පාඤ්ඤයේ රජකුමරියක වන මාරියා තෙරේසා මියගිය බව ද විදෙස් පුවත් සේවා වාර්තා කර තිබිණි. ඇය ස්පාඤ්ඤයේ හයවැනි පිලිපේ රජුගේ ඥාතී සොහොයුරියකි. ප්‍රංශයේ අධ්‍යාපනය ලබා ඇති කුමරිය උපත ලබා ඇත්තේ 1933 වසරේ ජූලි 28 වැනිදා යැයි විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි. ප්‍රංශයේ සෝබෝන් විශ්වවිද්‍යාලයෙන් උසස් ලබා ඇති ඇය එම විශ්වවිද්‍යාලයේ සහ ස්පාඤ්ඤයේ මැඩ්රිඩ් නුවර විශ්වවිද්‍යාලයක සමාජවිද්‍යාව පිළිබඳ මහාචාර්යවරියක ලෙස කටයුතු කර ඇත.
ස්පාඤ්ඤය මේ වනවිට රට සම්පූර්ණයෙන් වසා දැමීම හෙවත් ‘ලොක්ඩවුන්’ ක්‍රමවේදය අනුගමනය කරයි. එරට සමස්ත ජනගහනය මිලියන 47කි. ඉදිරි සති දෙකක කාලයේදීද නිවෙස්වලට වී සිටින්නැයි ස්පාඤ්ඤ බලධාරීහු එරට ජනතාවට උපදෙස් දී ඇත.
ඒ.එෆ්.පී.
055
2025 නොවැම්බර් මස 21
186
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
253
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1139
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
පැය 24 ක් තුළ ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 812 ක්