( බිමල් ශ්‍යාමන් ජයසිංහ)
අද උදෑසන 6න් අවසන්වූ ගතවූ පැය 24ක කාලය තුළ ඇඳිරිනීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1245 ක් අත්අඩංගුවට ගෙන වාහන තුන්සිය තිස් හයක් (336)ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.
එසේම, කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ව්‍යාප්තවීම වැළැක්වීම සඳහා ඉකුත් මස 20 වැනි දින සවස 6.00 සිට දිවයින පුරා පොලිස් ඇඳිරිනීතිය පැනවීමෙන් පසු අද උදෑසන 6.00 දක්වා අත්අඩංගුවටගත් මුළු පුද්ගලයින් සංඛ්‍යාව දහතුන්දහස් හාරසිය හැට අට(13468)ක් බවත්, පොලිස් භාරයට ගත් වාහන සංඛ්‍යාව තුන්දහස් තුන්සිය පනස් තුන(3353)ක් බවත් පොලිස් මාධ්‍ය කොට්ඨාශය පවසා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආණ්ඩුව ගානේ කන්න දෙන්න හොද නැහැ. ඒවා ගෙවල් වලින් ගෙන්න කියල කොහේ හරි වගා බිමකට දමන්න ඕන මොනවහරි වවන්න කියලා මාධ්‍ය වලින් කොච්චර දැනුවත් කරත් වැඩි පුරාම ඉන්නේ මේ වගේ හරක් තමයි. මම ඊයේ දැක්ක කොරෝන ගැන කරපු සමීක්ෂණයක ප්‍රතිපල... මේ කොළඹත් 57% ක් දන්නා නැහැ සමාජ දුරස්ථ භාවය නැතිඋනාම තමන්ට කොරෝන හැදෙන්න තියන අවදානම වැඩි වෙනවා කියල ඉතින් තවත් මොන කතාද?
මෙහෙම ඇදිරි නීතිය කඩ කල නිසා තමයි මිනිස්සු මෙහෙම හරි ජීවත්වෙන්නේ එහෙම නොවුනානම් මේ වෙනකොට මිනිස්සු ගොඩක්ම බඩගින්නේ ගෙවල්වලම මැරිලා. ඇදිරිනීතිය එක දිගට දාලා හෙටට දවස් 14ක් වෙනවා.තවම අයින් කරන දවසක් දන්නේවත් නැහැ. මෙහෙමහරි හොරෙන් කඩවල්වල බඩු විකුණන නිසා සහ මිනිස්සු හොරෙන්හරි කඩවලට යන නිසා තමයි තත්වය මේ තරමටහරි පාලනය වෙන්නේ. එක දේශපාලකයෙක්වත් මේ වෙලාවේ මිනිස්සු ගැන බලන්නේ නැහැ. එන්නේ ඡන්ද ගන්න විතරයි. කොහොම වුනත් ඉන්දියාවේ මිනිස්සුන්ට වඩා අපේ රටේ මිනිස්සු හොදයි ඉන්දියාවේ මෙහෙම වුනානම් මිනිස්සු පාරට බැහැල බලෙන්ම කඩ කඩලා බඩු අරගන්නවා. ගම් වලට බඩු ලොරි ආවාට ගිනි ගනනට තමයි බඩු විකුනන්නේ ඒවා ගැන හොයන්න කවුරුවත්ම නැහැ. වෛද්‍ය සංගමයෙන් කියනවා දිගටම ඇදිරි නීති දාන්න කියලා හැබැයි එදාවේල හම්බ කරන මිනිස්සුන්ට මොකද වෙන්නේ කියලා ඒ කවුරුවත්ම කතාකරන්නේ නැහැ. නිකමට හිතලා බලන්න බස්වල ටොපියක් කඩල පැකට් එකක් විකුණලා එදාවේල හම්බ කරන කීදෙනෙක් ඉන්නවද ? අද ඒ මිනිස්සු සේරම අසරණයි නේද ?