ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව අද (31) අටදහස ඉක්මවූ අතර එම ගණන 8,380ක් ලෙස දැක්විණි.
අඛණ්ඩව දින 11ක් තිස්සේ ඉන්දියාවෙන් දෛනික වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන හයදහස ඉක්මවූ අතර එරටින් අද පස්වරු 5.30 වනවිට වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයන්ගේ ගණන 1,82,143ක් දක්වා ඉහළ ගියේය. ඉන්දියාවෙන් මැයි මස (21) වැනිදා සිට දෛනිකව වාර්තා වූ කොරෝනා ආසාදිතයන්ගේ ගණන 6,000 ඉක්මවීය.
ඉන්දියාවෙන් අවසන් පැය 24ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 193ක් වාර්තා වූ අතර ඒ අනුව එරටින් අද (31) පස්වරු 5.30 වනවිට වාර්තා වූ කොරෝනා ආසාදිත සමස්ත මරණ ගණන 5,164ක් ලෙස දැක්විණි. ඉන්දියාවෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන කොරෝනා වයිරසය ව්‍යාප්ත වීම ආරම්භ වූ චීනයෙන් වාර්තා වන කොරෝනා ආසාදිත මරණ ගණන ද ඉක්මවා ගොස් ඇත.
ඉන්දියාවේ කොරෝනා වයිරසය ආසාදනය වී සුවය ලබා රෝහල්වලින් පිට වී ගිය සංඛ්‍යාව 86,984ක් විය. කොරෝනා වයිරසය ආසාදනය වී ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 89,985කි.
කොරෝනා ආසාදිතයන්ගේ පනස් දහස ඉක්මවූ එකම ප්‍රාන්තය බවට මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය පත්ව ඇති අතර එම ප්‍රාන්තයෙන් අද (31) පස්වරු 5.30 වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 65,168 ක් විය. දෙවැනියට වැඩිම ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ තමිල්නාඩු ප්‍රාන්තයෙනි. තමිල්නාඩු ප්‍රාන්තයෙන් අද පස්වරු වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 21,184කි. ඉන්දියාවේ මූල්‍ය අගනගරය හෙවත් මූල්‍ය කේන්ද්‍රස්ථානය වන මුම්බායි නුවර පිහිටා ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තයේ ය.
එන්.ඩී.ටීවී.
055
2025 දෙසැම්බර් මස 04
465
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
463
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
415
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් ආසාදිතයන් 8,000ක්