බිමල් ශ්‍යාමන් ජයසිංහ
පන්නිපිටිය පෞද්ගලික රෝහලේ කාර්ය මණ්ඩලයට සිදු කළ පීසීආර් පරීක්ෂණයෙන් කිසිදු කොරෝනා ආසාදිත රෝග ලක්ෂණයක් පහළ නොවීම හේතුවෙන් එය විවෘත කර සුපුරුදු සේවාවන් සිදු කරන ලෙස අද (23) ලිඛිතව දැනුම් දුන් බව මහරගම සෞඛ්‍ය සේවා නිලධාරීනී වෛද්‍ය රිෂිනි මාරසිංහ මහත්මිය පැවසුවාය.
බොරලැස්ගමුව රත්තනපිටිය විශ්ව විද්‍යාල පාරේ පදිංචි 56 හැවිරිදි කොරෝනා ආසාදිත රෝගියා ඔහුට දීර්ඝ කාලයක සිට තිබෙන වකුගඩු රෝගයට ප්‍රතිකාර ගැනීම සඳහා ඉකුත් 18 වෙනිදා එම රෝහල කරා ගොස් තිබිණි.
ඒ හේතුවෙන් එම පුද්ගලයාට ප්‍රතිකාර කළ හෙදිය ඇතුළු කාර්ය මණ්ඩලයේ 7 දෙනකු එම රෝහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ නිරෝධනයට ලක් කර එම පෞද්ගලික රෝහල වසා දැමීමට ලබා දුන් බවත් අනතුරුව කාර්ය මණ්ඩලයේ 69 දෙනෙකු ද නිරෝධනයට ලක් කෙරෙණි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd