IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


පුත්තලම රෝහලේ නම යෙදා ගෙන ගමන් කළ ත්‍රීරෝද රථයක් අත් අඩංගුවට

 
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
 
පුත්තලම මූලික රෝහලේ නම සඳහන් කරමින් ගමන් ගත් ත්‍රී රෝද රථයක් යුද හමුදා බුද්ධි අංශ විසින් අත්අඩංගුවට ගෙන පුත්තලම පොලිසියට අද (11)  භාර දී ඇත. 
 
දින ගණනාවක් පුත්තලම මූලික රෝහලේ නම සඳහන් කරමින් ගමන් ගත් මෙම ත්‍රී රෝද රථය පිළිබඳව යුද හමුදා බුද්ධි අංශයට ලැබී තිබූ තොරතුරු මත එම ත්‍රී රෝද රථය පැදවූ රියදුරා සහ ත්‍රී රෝද රථය අත්අඩංගුවට ගෙන පුත්තලම මූලික රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
 
ත්‍රී රෝද රථය අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී එහි සායනික රෝගීන් තිදෙනෙකුගේ පොත් තුනක් තිබූ බව පොලිසිය කියයි.
 
‍මේ පිළිබඳව කළ විමසීමේදී පුත්තලම රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය සුමිත් අත්තනායක මහතා මෙසේ පැවසීය.

“පුත්තලම මුලික රෝහලේ කිසිම කටයුත්තකට මෙම ත්‍රී රෝද රථය අපි යොදාගෙන නැහැ .ඒ වගෙම පෞද්ගලික වාහන වලය ලෙසකින් අවසර දි නැහැ .ඒ නිසා මේ සඳහා රෝහලින් වෙනම පරීක්ෂණයක් ආරම්භ කරනවා‘‘යැයි ඔහු පැවසිය .



අදහස් (5)

පුත්තලම රෝහලේ නම යෙදා ගෙන ගමන් කළ ත්‍රීරෝද රථයක් අත් අඩංගුවට

Raveendra Saturday, 11 April 2020 10:49 AM

මෙවන් අවදානම් අවස්ථාවකත් රටක මෙසේ සිදුවෙනවා යනු මහජනතාවගේ ආරක්ෂාවට බරපතල තර්ජනයක් නොවේද ? අප නම් විස්වාස කරන්නේ මේවගේ කාලකන්නින්ට 88/89 මතක්වෙන්නම දිය යුතුයි යන්න හැර වෙනනම් විකල්පයක් නොමැති බවයි.

:       0       3

lalithm Saturday, 11 April 2020 10:51 AM

මේ වගේ වැඩ කරන එවුන්ගේ නම් ගම් වාහන අංක සියල්ල ප්‍රසිද්ධ කරන්න. මොන මානව හිමිකම්ද දහ ජරා වැඩ කරන පිශාචයින්ට.....

:       0       1

raheem Saturday, 11 April 2020 01:39 PM

පුත්තලම පැත්තේ අය කරන්නෙම බූරු වැඩ තමා.

:       1       2

Sunil Sunday, 12 April 2020 03:00 AM

ඒකේ ඉදලා තියෙන්නේ බේරුවට පැත්තේ රියදුරෙක්.

:       0       0

jayath Sunday, 12 April 2020 03:13 AM

ඔව් රවීන්ද්‍ර. සුප්‍රකට ධර්ම චක්‍රය , මේස ලාච්චු ක්‍රම , pvc බට සමග සම්මිශ්‍රණය කළ කටුකම්බි සාත්තුව, කාබන් පෑන් තෙරපිය, ටයර් සෑයවල් තව ගොඩක් තියනවා. මේවා අමානුෂික තමයි. තිරස්චීන තමයි. නමුත් එදා මේවාට බඳුන් උනේ සමාජ අසාධාරණයට විරුද්ධව නැගිටපු අය (පිළිම නෙලා නැති විරුවන් පිරිස ) ඒ මිනිස්සුන්ටත් එහෙම කළානම් මුන්ට එහෙම කරන එක පව් නැහැ මම හිතන්නේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 274 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 184 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 991 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site