IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


නව එන්නත් මධ්‍යස්ථානයක් සඳහා බ්‍රිතාන්‍ය රජයෙන් පවුම් මිලියන 93ක ආයෝජනයක්

බ්‍රිතාන්‍ය රජය නව එන්නත් මධ්‍යස්ථානයක් ඉදි කිරීම සඳහා පවුම් මිලියන 93 (ඇමෙරිකානු මිලියන 112අමතර මුදලක් ආයෝජනය කරන බව එරට ව්‍යාපාරබලශක්ති සහ කාර්මික උපායමාර්ග දෙපාර්තමේන්තුව පෙරේදා (17) නිවේදනය කළේය.
  
මෙම නව එන්නත් මධ්‍යස්ථානය විවෘත කිරීමට සැලසුම් කර ඇත්තේ 2022 වසරේදී ය. එහෙත් නව ආයෝජනයත් සමඟ එය ලබන වසරේ ගිම්හාන ඍතුව වනවිට ආරම්භ කිරීමේ අරමුණ ඇතිව මෙලෙස අමතර මුදලක් ආයෝජනය කළ බව එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 
‘‘නව ආයෝජනයත් සමඟ සැලසුම් කළ දිනට වසරකට කලින් එන්නත් මධ්‍යස්ථානය විවෘත කිරීමට හැකිවේවි’’ යැයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 
‘‘එන්නත් නිෂ්පාදන සහ නවෝත්පාදන මධ්‍යස්ථානය’’ යනුවෙන් නම් කර ඇති මෙම නව එන්නත් මධ්‍යස්ථානය ඉදි කිරීම් කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත. නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ වසංගතයට එරෙහිව එන්නතක් නිපදවීමේ අරමුණ ඇතිව මෙම මධ්‍යස්ථානය ඉදි කෙරේ. එය එන්නතක් නිපදවීමේ බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ වැඩසටහනේ එක් ප්‍රධාන අංගයකි.
බ්‍රිතාන්‍යයේ විශාල පිරිසකට එන්නත් දීමේ බලාපොරොත්තුව ඇති ව මෙම මධ්‍යස්ථානය ස්ථාපිත කෙරෙන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
 
රොයිටර්ස්
 
055 

 



අදහස් (0)

නව එන්නත් මධ්‍යස්ථානයක් සඳහා බ්‍රිතාන්‍ය රජයෙන් පවුම් මිලියන 93ක ආයෝජනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 63 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 724 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site