IMG-LOGO

2025 ජනවාරි මස 23 වන බ්‍රහස්පතින්දා


නව ඉන්දීය මහ කොමසාරිස් විඩියෝ තාක්ෂණය ඔස්සේ අක්තපත්‍ර බාරදෙයි

ඉන්දියාව සහ ශ්‍රී ලංකාව, දෙරට අතර මිත්‍රශීලී සහ විවිධ ක්ෂේත්‍රවල සබඳතා සඳහා ලබාදෙන වැදගත්කම මෙන්ම පොදු අභියෝගවලට මුහුණ දීමේදී ශ්‍රී ලංකාව සමඟ තවදුරටත් සමීපව කටයුතු කිරීමට ඉන්දියාව කැප වී සිටින බව ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා අද (14) ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස පත් කර සිටින ගෝපාල් බාග්ලේ මහතා අද  (14) විඩියෝ තාක්ෂණය ඔස්සේ සිය ධුරයේ වැඩ බාරගනිමින් ඒ බව සඳහන් කළේය.

නව්‍යාකාරයකින් අක්තපත්‍ර බාරදීමේ සාම්ප්‍රදායික උත්සවය සූදානම් කිරීම සම්බන්ධයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ස්තූතිය පළ කළ නව මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ‘කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් මතු වී ඇති අභියෝග ජයගැනීමට තාක්ෂණය භාවිත කිරීමේ වැදගත්කම සහ වසංගතය පාලනය කිරීමේ දී ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ නායකත්වය සුවිශේෂී කාර්යභාරයක් ඉටු කර ඇතැයි ද එහිදි පෙන්වා දුන්නේය.

විඩියෝ තාක්ෂණය ඔස්සේ තවදුරටත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ අදහස් දැක්වූ ගෝපාල් බාග්ලේ මහතා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ සහ එරට ඉන්දීය ජනතාවගේ උණුසුම් සුබපැතුම් ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ ශ්‍රී ලාංකික ජනතාවට පිරිනමන බව ද කීවේය.

ශ්‍රී ලංකාව සමඟ තිබෙන සබඳතාවලට ඉන්දියාව ලබාදෙන සුවිශේෂී වැදගත්කම පිළිබඳව මෙහිදි සඳහන් කළ නව මහ කොමසාරිස්වරයා දෙරට අතර පවත්නා සමීප මිත්‍රශීලී සබඳතා සහ සහයෝගීතාවය වර්ධනය කිරීමට සහ ශක්තිමත් කිරීමට ඉන්දියාවේ ඉහළම තලවල ඇති දැඩි කැපවීම ද සඳහන් කළේය.

ස්වභාවික ව්‍යසන හෝ දැනට මුහුණ දී ඇති කොව්ඩ් වසංගතය හෝ ශ්‍රී ලංකාව මුහුණදෙන ඕනෑම අසීරු අවස්ථාවකදී ශ්‍රී ලංකාවේ සමීපතම සමුද්‍රීය අසල්වැසියා වන ඉන්දියාව සෑමවිටම ප්‍රථමයෙන් ප්‍රතිචාර දක්වන රාජ්‍යය වී ඇති බව ද නව මහ කොමසාරිස්වරයා තවදුරටත් සඳහන් කළේය.

එක් රටක් නියෝජනය කරමින් තවත් රටක තානාපති ධුරයට හෝ මහ කොමසාරිස් ධුරයට පත්වන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් අදාළ රටේ රාජ්‍ය නායකයාට අක්තපත්‍ර බාරදීම රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයේ සාම්ප්‍රදායික ක්‍රමවේදය යි.

‘කොවිඩ්-19’ හේතුවෙන් ලොවපුරා විවිධ වෘත්තීය ක්ෂේත්‍රවල සාම්ප්‍රදායික ක්‍රමවේද වෙනස් කිරීමට සිදුව තිබෙන අතර රාජ්‍ය තාන්ත්‍රික ක්ෂේත්‍රයට ද නැවුම් අත්දැකීමක් ගෙන දෙමින් ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස්වරයා විඩියෝ තාක්ෂණය ඔස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත අක්තපත්‍ර බාරදීම සනිටුවහන් කරන ලදි.

විඩියෝ තාක්ෂණය ඔස්සේ පැවැති අක්තපත්‍ර බාරදීමේ උත්සවයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහත ශ්‍රී ලංකාවේ නව ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ යන මහත්වරුන්ට අමතරව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර්, මෙරට විදේශ සබඳතා අමාත්‍යාංශයේ ලේකම් රවිනාථ ආර්යසිංහ සහ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක අනුරාග් ශ්‍රීවස්තාවා යන මහත්වරු ද එක්ව සිටියහ.

ගෝපාල් බාග්ලේ මහතාට පෙර මෙරට ඉන්දීය මහ කොමසාරිස්වරයා ලෙස කටයුතු කළේ තරංජිත් සින් සන්ධු මහතා ය. ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ලෙස පත්වීමට පෙර ගෝපාල් බාග්ලේ මහතා 2017 වසරේ සිට ඉන්දීය අග්‍රාමාත්‍ය කාර්යාලයේ ඒකාබද්ධ ලේකම් වශයෙන් කටයුතු කළේය.

055

 



අදහස් (0)

නව ඉන්දීය මහ කොමසාරිස් විඩියෝ තාක්ෂණය ඔස්සේ අක්තපත්‍ර බාරදෙයි

ඔබේ අදහස් එවන්න

 

 

දියත

තැනින් තැන අදත් වැසි
2025 ජනවාරි මස 23 18 0

ඌව පළාතේත් අම්පාර, මඩකළපුව, මාතලේ, නුවරඑළිය, හම්බන්තොට සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි ඇතිවන බව කම්කරු දෙපාර්තමේන්තුව කියයි.


කම්කරු නිලධාරියා අල්ලස් දැලේ
2025 ජනවාරි මස 23 93 0

ගල්කිස්ස ප්‍රදේශයේ ආයතනයක් පවත්වාගෙන යන පුද්ගලයෙකුගෙන් රුපියල් 250,000 ක අල්ලස් මුදලක් ලබාගත් කම්කරු නිලධාරියෙකු අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදන


ජනපති වරප්‍රසාද පනත වෙනස් කරයි
2025 ජනවාරි මස 23 890 0

හිටපු ජනාධිපතිවරුන්ට විවිධ වරප්‍රසාද සඳහා ප්‍රතිපාදන සැලසෙන හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද පිළිබඳ පනත කඩිනමින් වෙනස් කිරීමට කටයුතු කරන බව ජනාධිප


ගිනි අවි ජාවාරම් කළ සිවිල් ආරක්ෂකයාගෙන් තවත් ගිනි අවියක්
2025 ජනවාරි මස 23 299 0

එල් ටි ටි ඊ සාමාජිකයන් සමඟ සම්බන්ධතා පවත්වමින් ගිණි අවි ජාවාරම් කරන ලදැයි කියන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරන සිවිල් ආරක්ෂක නියාමකවරයාගෙන් අනාවරණය වූ ත


හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන අත්අඩංගුවට
2025 ජනවාරි මස 22 6788 0

හිටපු අමාත්‍ය අනුර පියදර්ශන යාපා මහතා සහ ඔහුගේ බිරිඳ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අද සවස අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ


හේමසිරි - පූජිතට එරෙහි නඩුව යළි කැඳවයි
2025 ජනවාරි මස 22 1679 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය වලක්වා නොගැනීම ඇතුලු චෝදනාවලින් නිදහස් වු හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර ම


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 488 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 629 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 349 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site