IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


නිවෙස්වලටම වී සිටින්නැයි බ්‍රිතාන්‍ය රජයෙන් මහජනතාවට නිවේදනයක්

නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පැනවූ සීමාවලට ගෞරව කර මිනිසුන් කොරෝනා වයිරසයෙන් මිය යෑම නැවැත්වීම සඳහා නිවෙස්වලට වී සිටින්නැයි බ්‍රිතාන්‍ය නායකයෝ අද (24) එරට වැසියන්ගෙන් ඉල්ලා සිටියහ.
 
 ‘‘ඔබ ගෙදර හිටියේ නැතිනම් ඔබ ගොඩාක් ආදරය කරන මිනිස්සු මැරෙන්න පුළුවන්’’ යැයි බ්‍රිතාන්‍ය ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරයකු වන මයිකල් ගෝව් පැවැසීය.
 
රූපවාහිනිය ඔස්සේ විකාශය වූ සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු ඒ බව සඳහන් කළේය.
 
 යුරෝපයේ අනෙකුත් රටවල් ඔවුන්ගේ රටවල් වසා දැමීමට එනම් රටේ කටයුතු සීමා කිරීමේ ‘ලොක්ඩවුන්’ ක්‍රියාමාර්ගය අනුගමනය කළ අතර බ්‍රිතාත්‍ය අග්‍රාමාත්‍යවරයාට ද එම ක්‍රියාමාර්ග ගැනීමට දැඩි පීඩනයක් එල්ල විය.
 
ඒ අනුව අත්‍යවශ්‍ය සේවා හැර අනෙකුත් සියලු කටයුතු නවතා දමන බවත් ජනතාවට නිවසට වී සිටින්නැයි නියෝග කරන බවත් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සඳුඳා (23) නියෝග කළේය. යුරෝපයේ රටවල් සියල්ලම පාහේ මේ වනවිට එම ක්‍රියාමාර්ග අනුගමනය කර ඇත.
 
 කොරෝනා වයිරසය හේතුවෙන් ඊයේ පස්වරුව වනවිට බ්‍රිතාන්‍යයේ මියගිය ගණන 335 දක්වා ඉහළ ගියේය.
 
 මේ අතර හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කිරීම සම්බන්ධයෙන් ද බ්‍රිතාන්‍ය පාලකයන්ගේ අවධානය යොමු වී ඇතැයි ද වාර්තා විය.
 
 
 (ඒ.එෆ්.පී. 055)



අදහස් (0)

නිවෙස්වලටම වී සිටින්නැයි බ්‍රිතාන්‍ය රජයෙන් මහජනතාවට නිවේදනයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 108 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 146 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 946 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site