(රංජිත් කරුණාවීර)
මහියංගනය නගරයට ආසන්නයේ ප්‍රධාන ඇගලුම් ආයතනයක සේවක සේවිකාවන් 350 කට අධික පිරිසක් සේවය සඳහා කැඳවා තිබේ.
රාජ්‍ය හා පෞද්ගලික ආයතන සදහා මාර්තු මස 16 වැනිදා රජයේ නිවාඩු දිනයක් ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය මගින් චක්‍ර ලේකනයක් නිකුත් කර තිබියදී එය නොසළකා මෙම ඇඟලුම් සේවිකාවන් කැඳවා ඇත.
මහියංගන සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරික්ෂක චාමින්ද බණ්ඩාර රත්නායක, මහියංගන ප්‍රාදේශීය ලේකම් සංජය ප්‍රසාද්, මහියංගන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒස් ජේ ඒ ආර් එල් සේනාධිර යන මහත්වරු ඇඟලුම් කම්හලට ගොස් පාලනාධිකාරිය සමඟ සාකච්ඡා කර ඔවුනට අවවාද කර තිබේ.
පසුව හැකි ඉක්මණින් එම ඇඟලුම් සේවක සේවිකාවන් නිවෙස් කරා යොමු වන ලෙස අවවාද කර තිබිණි.
එය සැළකිල්ලට ගනිමින් ඇඟලුම් ආයතනයේ කළමනාකාරිත්වය අද (16) උදැසන 10.15 ට පමණ, බස් රථ කැදවා සේවයට පැමිණ සිටි සේවක සේවිකාවන් සියල්ල නිවෙස් කරා යොමු කරවීමට කටයුතු කරනු ලැබීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බහුතරයක් ඔහොමයි... නීතිය නවන එක හොඳටම ප්‍රගුණ කරන අය තමයි ඇඟලුම් කම්හල්...
අවවාද විතරක් කරලා මදි. මේ අයට විරුද්ධව නඩු දාන්නයි වටින්නේ...
නමත් දාන්න.. ඔය ආණ්ඩුවට උඩින් වැඩ කරන්න හදන මුදලාලි චණ්ඩින්ගේ..