IMG-LOGO

2025 ජනවාරි මස 21 වන අඟහරුවාදා


නාවික හමුදා රාජකාරියට බාධා කළ ආරච්චිකට්ටුව ප්‍ර.ස. මන්ත්‍රී අත්අඩංගුවට

( ලලිත් නවරත්න)

ආරච්චිකට්ටුව කරුක්කුපනයේ නාවිකහමුදා අණුුඛණ්ඩයේ රාජකාරියේ යෙදී සිටි නාවික හමුදා නිළධාරීන්ගේ රාජකාරියට බාධා කළ ආරච්චිකට්ටුව ප‍්‍රාදේශීය සභා එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රී වරයෙකු අත්අඩංගුවට ගත්බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ කරුක්කුපනය ප‍්‍රදේශයේ එ. ජා. ප මන්ත‍්‍රීවරයෙකි.


ඇදිරිනීතිය පැවත්වෙන කාලසීමාවතුළ එම ප‍්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයක 30ට අධික පිරිසක් ඒකරාශිකරමින් ආගමික කටයුතු කිරීමට විරුද්ධවූ එම නාවික හමුදා නිළධාරීන් සමග ගැටුමක් ඇතිකර ගෙන ඇති අතර මෙය පාලනය කිරීම සඳහා සහ අදිරිනීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් මන්ත‍්‍රීවරයාව අත්අඩංගුවටගෙන ඇත.

එම ස්ථානයට එකතුවූ පිරිසට තම නිවෙස්වලට යාමට පොලීසිය නියෝගකර ඇති අතර මන්ත‍්‍රීවරයා අධිකරණයට ඉදිරිපත්කිරීමට නියමිතය.
 



අදහස් (12)

නාවික හමුදා රාජකාරියට බාධා කළ ආරච්චිකට්ටුව ප්‍ර.ස. මන්ත්‍රී අත්අඩංගුවට

Raveendra Monday, 30 March 2020 03:59 AM

ප්‍රාදේශීය සභාවේ " වසු පැටියෙක් " ලෙස මෙසේ අවීතව හැිරෙන්නේ නම් දියවන්නනා ඔයේ පට්ටියේ " මීහරකෙක් " උනොත් කොහොම හැසිරෙයිද ? මෙම වසු ැටියට උපරිම දඩුවම් ලැබේවා..!!!

:       284       1031

රවින් Monday, 30 March 2020 04:01 AM

නිරෝධායනය තමා හොඳම දඬුවම. සාමාන්‍ය ජනතාවට නම් සියලු පහසුකම් හැකි උපරිමයෙන් ලබාදීලා නිරෝධායනය කරපු විත්තිය සාක්ෂිසහිතව පොදු ජනයා දන්නවා. නමුත් දේශපාලුවන්ට? කියවන අය වැරදියට වටහා ගන්න එපා. වචනය පමණක් නිරෝදායනය. නැතිනම් හරි වචන පෙළ " හිර අඩස්සිය " අඩුම ගානේ දවස් 28ක් වත්?

:       4       106

lalithm Monday, 30 March 2020 04:10 AM

මියගියාට පස්සේ මොනවද තව කරන්න තියෙන්නේ? මේ අවස්ථාවේ හැකි ඉක්මණින් අවම සහභාගිත්වය ගෙන ඉවර කරන එක හැර. ආගමට මේ වගේ ව්‍යවසනවලදී පිහිටවෙන්න බැරි බව පෙනෙන්නේ නැතිද? දැන් නීතියට ඉඩදී පැත්තකට වෙන එක හොඳයි නේද?

:       0       0

මානුසිකයා Monday, 30 March 2020 04:25 AM

ඕනෑම සමාජයක කෙනෙකු මියගිය පසුව අවසන් ගෞරව දැක්වීම චාරිත්‍රයක්ව පවතී.1988 හා 1989 වර්ෂවල මෙම තත්වයට විරුද්ධව සිටි පිරිසක් සිටි බව සිහි කරන අතර අපේ දුටු ගැමුණු රජතුමා පවා එළාර රජුට ගරුකරන සේ දැන්වීමද පෙන්වා දිය හැකිය. දැනට ඕස්ට්‍රේලියාවේ අවමගුල් කටයුත්තදී 10 දෙනෙකු සහභාගිකර ගැනීමට නියමකර ඇතත් ලංකාවේ මෙතෙක් එවැන්නක් අසා නැත. මෙවැනි අවස්ථාවල මානුෂිකව කටයුතු කිරීමට හැකිනම් වඩාත් සුදුසුයි.

:       0       0

sam Monday, 30 March 2020 04:53 AM

සජිත්ටත්, රනිල්ටත්, මහින්දටත් වරදින්නේ යටින් ඉන්න මෙවැන්නවුන් නිසාය. හාමුට වැඩිය හාමුගේ අහවලා සැරයි කියන එක අහල තියනවනේ.

:       0       0

Mahee Monday, 30 March 2020 05:19 AM

අත්අඩංගුවට ගැනීම හරි. අපි බලා ඉන්නේ රැස්වීම් තියපු චම්පික, ඩලස්, කාංචන එහෙම ඔය නීතියට යටත් නැත්තේ ඇයි කියල.

:       0       1

Methpal pandithasekara Monday, 30 March 2020 05:56 AM

දැන් එතකොට අර අජිත් රෝහණ මහත්තයා කියන්නෙ මොනවද?

:       2       1

sigithi Monday, 30 March 2020 06:18 AM

ආරක්ෂක හමුදාව කොයි රටකවත් නැති ආකාරයට අපගේ ජිවිත රැක ගැනීමට දරන වෙහෙස වචන වලින් කියා නිම කිරීමට බැරි තරම්.... එහෙත් මෙයාට තේරුම් ගන්න බැරි වෙලා. මේ ජන්ම ගතිය මේ වෙලාවෙත් මතු වෙලා . ඉදිරියේදී පැවැත්වෙන චන්දයේදී පිළිතුරු ලැබේවි. රණවිරුවනි ඔබලා ජාතියේ මුරදෙව්තාවෝ වෙති. අපි ඔබ සැමට සදා ණයගැති වෙමු. ඔබලා සැමට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා. තෙරුවන් සරණයි .

:       3       30

dilan Monday, 30 March 2020 09:55 AM

බලය නැතිව ඔහොම නම් බලය තිබුනා නම් කොහොමට කොරෝනා මර්ධනය කරය්ද? බලමු, අපි මහා චන්දෙදි ඉතිරි ටිකත් සලකන්නම්කො...

:       8       0

athuraTuesday, 31 March 2020 05:44 AM

මහා චන්දෙදි මිනිස්සු ඉතිරි ටික සලකයි ඩිලාන් කියන කෙනාට උණ ගැනෙන්නම...

:       0       0

lanka Monday, 30 March 2020 12:05 PM

දැන් එතකොට එකපාර ඇඳිරි නිතිය නවත්වපුවම මිනිස්සු පොදි ගැහිලා කඩවල බඩු ගන්න හොඳයි , මලගෙදරකට කට්ටියකට එකතුවෙන්නද තහනම් . පුදුම නීති තමයි මේවා .

:       1       1

ඩිලාන්Tuesday, 31 March 2020 12:58 AM

ලංකා කියන්නේ ඇත්ත.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2353 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1251 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2882 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 1022 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 810 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 1008 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 401 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 616 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 334 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site