IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


නාවික හමුදාව රාගම රෝහල කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්න අලුත්වැඩියා කරයි

රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහල කොරෝනා වයිරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමට හැකිවන පරිදි අලුත්වැඩියා කිරීම ආරම්භ කිරීමට නාවික හමුදාව අද (22) කටයුතු කෙරිණි.
 
කොරෝනා වයිරසය හේතුවෙන් මේ වන විට රට තුළ ඇති වී තිබෙන තත්වය හමුවේ මෙම පියවර ⁣ගැනිණි.

ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය පහසුකම් රාගම, උතුරු කොළඹ ශික්‍ෂණ රෝහලේදී ද ලබා දීමේ අරමුණින්,එම රෝහලෙහි දැඩි සත්කාර ඒකකය අළුත්වැඩියා කිරීම නාවික හමුදා ශ්‍රම දායකත්වයෙන් ආරම්භ විය.

නාවික හමුදාපති වයිස් අද්මිරාල් පියල් ද සිල්වාගේ උපදෙස් මත බටහිර නාවික විධානයට අනුයුක්ත සිවිල් ඉංජිනේරු නාවික පුද්ගලයින් පිරිසක් මෙම කර්තව්‍ය සඳහා අනුයුක්ත කරන ලද අතර, මෙහිදී එම රෝහලෙහි දැඩි සත්කාර ඒකකය අවශ්‍යතාවයක් ඇතිවුවහොත් කොරෝනා වයිරසය ආසාදිත රෝගින්ට ප්‍රතිකාර කිරිමට හැකිවන පරිදි අළුත්වැඩියා කිරීමට කටයුතු කරමින් පවතී.
 
තවද, මෙම අළුත්වැඩියා කටයුතු කඩිනමින් අවසන් කර රෝහලේ අවශ්‍යතාවය සපුරා දීමට නාවික හමුදා සාමාජිකයින් ඉතා කඩිනමින් අළුත්වැඩියා කටයුතු මේ වන විට සිදු කරමින් පවති.

වයිරසය රට තුල ව්‍යාප්ත වීම පාලනය කිරීම සඳහා රජය විසින් ගෙන යනු ලබන ඒකාබද්ධ යාන්ත්‍රණය ශක්තිමත් කිරීම උදෙසා නාවික හමුදාව මේ වන විට තම උපරිම සහයෝගය ලබා දෙමින් සිටී.



අදහස් (1)

නාවික හමුදාව රාගම රෝහල කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර කරන්න අලුත්වැඩියා කරයි

Yasas karunarathna Sunday, 22 March 2020 01:28 PM

අවධානමට පෙර සූදානම ඉතාම හොදයි..

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 622 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 302 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1101 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site