රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ
වාරියපොල දී නාවික සෙබලෙකුගේ පියාට සහ සොහොයුරෙකුට පහරදුන් බව කියන පුද්ගලයින් සිව් දෙනෙකු හෙට (06) දිනයේ හදුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කරන ලෙස වාරියපොල දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් දර්ශණ ද සිල්වා මහතා අද (05) නියෝග කළේය.
සිද්ධිය සම්බන්ධයෙන් අද දිනයේදී නීතීඥයෙකු මාර්ගයෙන් වාරියපොල පොලිසියට බාරවූ පුද්ගලයින් සිව් දෙනෙකු හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද මහේස්ත්‍රාත්වරයා නියම කළේය. ඊයේ (04) දිනයේදී ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් එක් පුද්ගලයෙකු රක්ෂිත බාරයට පත් කර තිබිණ.
මෙසේ රක්ෂිත බාරයට පත් කෙරුණේ වාරියපොල අමර උදාගම පදිංචි සුසන්ත රාජපක්ෂ , ටී.එම් . ආනන්ද , එච්.එම්. සමන්ත කුමාර , ආර්.එම්. රෝහණ ජයතිස්ස සහ ඩබ්.එච්. රොෂාන් ඉන්දික කුමාර නැමැති පිරිසකි.
යාපනය ප්‍රදේශයේ නාවික කදවුරක සේවය කරන නාවික සෙබලෙකුගේ පියා සහ සොයුරෙකු එම නාවික සෙබලාගේ බිරිද සහ වසරක් වයසැති බිළිදා වෙසෙන වාරියපොල නෑටිය ප්‍රදේශයේ නිවසට ගිය අවස්ථාවේ දී මෙසේ පහරදීමට ලක්වූ බවට පොලිසියට පැමිණිලි ලැබී තිබිණ.
රක්ෂිත බාරයට පත්වූ පිරිස අතර වැඩ තහනමට ලක්වූ පොලිස් නිලධාරියෙකුද සිටින බව වාරියපොල පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොරෝන වලට බෙහෙත් හොයාගයි. මෝඩ කමට නං බෙහෙත් නෑ.
සෙබලා සුව වුණාම එයාට බාරදෙමු මේ කට්ටියට හොඳට සලකන්න.. එහෙම නැතිනම් මේ අයව හංගපු තුවක්කු පෙන්වන්න අරන් යන්න.. පව් නැහැ. මේ වගේ තිරිසන්නු අපේ රටට එපා.
ඉස්සෙල්ලාම දිය යුත්තේ අගල් 2 කේ 2 කේ පොලුවලින් තමන්ව මෙලොවට බිහිකළ ඒ ආදරණිය මෑණියන්දාගෙන් බීපු මව්කිරි මතක්වෙන්න .දෙවනුව" ඉතිරිවූ කැලෑ නීතියත් ක්‍රියාත්මක කලයුතුයි.
මේ අයට 88-89 කාලවලදී ප්‍රචලිත ධාර්මික දඬුවම් ධර්ම චක්‍රය කරකැවීම වගේ ඒවා සුදුසුයි. එස් ලෝන් බට සහ කටු කම්බි සෙල්ලම් එහෙම දැනුවත් කරන්න පුළුවන් ඕනනම්....