IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


නෝර්වේ සහ ඩෙන්මාර්කය අතර ගමන් අරඹයි

ස්වීඩනය මඟහැර නෝර්වේ සහ ඩෙන්මාර්කය අතර ගමන් බිමන් ආරම්භ කිරීමට දෙරටේ බලධාරීන් තීරණය කර ඇතැයි නෝර්වේ මාධ්‍ය ආයතන තුනක් අද (29) වාර්තා කළේය.

මේ අනුව නිරෝධායන කටයුතු සිදු නොවන ආකාරයට දෙරට අතර සංචාරක බුබුළක් නිර්මාණය කිරීමට දෙරටේ බලධාරීන් තීරණය කර ඇත. කෙසේ නමුත් මෙහිදි තවත් ස්කැන්ඩිනේවියානු රටක් වන ස්වීඩනය මඟහැර ඇත. ස්වීඩනයෙන් වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන අනෙක් රටවලට දෙකට වැඩි ය.

සංචාරක සීමා ලිහිල් කිරීම සම්බන්ධයෙන් ඩෙන්මාර්ක අග්‍රාමාත්‍ය මැටේ ෆ්‍රඩිරික්සන් සහ නෝර්වේ අග්‍රාමාත්‍ය අර්නා සෝල්බර්ග් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතව තිබිණි.

නෝර්වේ රාජ්‍යයෙන් අද පස්වරු වනවිට කොරෝනා වයිරස ආසාදිතයන් 8,411ක් හඳුනාගෙන තිබූ අතර ඩෙන්මාර්කයෙන් අද පස්වරු වනවිට ආසාදිතයන් 11,593 දෙනකු හඳුනාගෙන තිබිණි. නෝර්වේ සහ ඩෙන්මාර්කය යන රටවල් දෙකේම අග්‍රාමාත්‍ය ධුරය හොබවන්නේ කාන්තාවන් දෙදෙනකි. එපමණක් නොව එම රටවල් දෙක කොරෝනා වයිරසය සාර්ථකව පාලනය කළ රටවල් ද දෙකක් ලෙස ද සැලකේ.

ස්වීඩනයෙන් අද පස්වරු 6 වනවිට වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන 36,476 දක්වා ඉහළ ගොස් තිබිණි. ස්වීඩනය අනෙක් රටවල සාපේක්ෂ වයිරසය පාලනය කිරීම සඳහා දැඩි සීමා නොපැනවූ අතර ඒ සම්බන්ධයෙන් ආණ්ඩුවට දැඩි විවේචනයක් ද එල්ල විය.
නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තියත් සමඟ අන්තර්ජාතික සංචාරක හා ගමන් බිමන් කටයුතු සියල්ල ඇණ හිටිණි. එහෙත් ඒවා නැවත ආරම්භ කිරීම සඳහා ‘සංචාරක බුබුළු’ නිර්මාණය කිරීමට ලෝක නායකයෝ පියවර ගත්හ.
‘සංචාර බුබුළු’ යනු නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය සාර්ථකව පාලනය කිරීමට සමත්වූ රටවල් දෙක අතර සිදුවන සංචලන ක්‍රියාකාරකම් ය. ඒ අනුව නිරෝධායන ක්‍රියාවලියට යොමු නොවී ඒ ඒ රටවල් දෙක අතර මුහුදින්, ගොඩබිමෙන් හෝ ගුවනින් ගමන් කිරීමට දෙරටේ වැසියන්ට අවස්ථාව උදා වේ.

අල්ජසීරා

055

 



අදහස් (0)

නෝර්වේ සහ ඩෙන්මාර්කය අතර ගමන් අරඹයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 249 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 179 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 987 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site