අනීෂා මානගේ
අඟුණකොළපෑළැස්ස තෙළඹුයාය ප්‍රදේශයේ නිරෝධායන මධ්‍යස්ථානයක නිරෝධායනය වෙමින් සිට පලා යමින් සිටි බව කියන අයකු අද(18) වීරකැටිය කොටවාය ප්‍රදේශවාසීන්ගේ දැනුම්දීමෙන් පොලිස් බාරයට ගෙන යළිත් එම මධ්‍යස්ථානයට බාර දීමට වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරිහු ක්‍රියා කළහ.
කොළඹ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයකු මෙම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිට පලා යමින් සිටියදී ප්‍රදේශවාසීන් දැක ඔහු පිළිබදව පොලිසිය දැනුම්වත් කර තිබිණ.
ඒ අනුව මෙම පුද්ගලයා පොලිස් බාරයට ගෙන යළිත් එම නිරෝධායන මධ්‍යස්ථානයට බාර දීමට වීරකැටිය පොලිස් ස්ථානයේ නිලධාරීහු ක්‍රියාකළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදයි...
නිකම් නෙවි.. හොම්බට දෙකක් ඇනලයි බාර දෙන්න තිබුනේ!