IMG-LOGO

නිරෝධායනය වෙමින් සිටියදී මියගිය දෙදෙනෙකුගේ අවසන් කටයුතු සිදුකරයි

(රොමේෂ් මධුෂංඛ)

මුලතිව් ගුවන්හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ (02) මිය යාමෙන් පසු ඔවුන්ගේ අවසන් කටයුතු අද (03) අලුයම් කාලයේදී අවසන් සිදුකළ බව වැඩබලන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශක ගෘප් කැප්ටන් දුෂාන් විජේසිංහ මහතා පැවසීය.

මුලතිව් ගුවන් හමුදා කඳවුරේ නිරෝධායනය වෙමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ දින මිය යාමෙන් පසුව ඔවුන් දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කිරීමට මුලතිව් පොලිසියට හා සෞඛ්‍ය නිලධාරීන් වෙතට මළ සිරුරු දෙක භාර දී ඇත.

එම නිලධාරීන් විසින් ජාත්‍යන්තර නිරෝධායන නීතියට අනුව අවසන් කටයුතු සිදු කිරීම සඳහා මුලතිව් කුමරපුරම් සුසාන භූමිය යොදා ගෙන තිබුණද එහි ආදාහනාගාරයක් නොමැති වීමෙන් දර යොදා පිලිස්සීමට පියවර ගෙන තිබුණි.

නමුත් ප්‍රදේශවාසීන් විසින් මියගිය පුද්ගලයින් දෙදෙනාගේ අවසන් කටයුතු කුමරපුරම් සුසාන භූමියේදී සිදු කිරීමට අවස්ථාව ලබාදී නැත.

අනතුරුව මිය ගිය අයගේ පී.සී.ආර් පරික්ෂණයන් අනුව කොරෝනා වයිරසය වැළඳී නොමැති බවට වාර්තා පැමිණීමෙන් පසුව මුලතිව් අධිකරණ නියෝගයකට අනුව පොලිසියේ හා සෞඛ්‍ය නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් ප්‍රදේශවාසී විසින් පදිංචිකරුවන් නොමැති මුලතිව් මුල්ලියාවලෙයි කලෙයික්කාඩු කැලෑබද ප්‍රදේශයේදී දෙදෙනාගේ අවසන් කටයුතු සිදු කෙරුණි.

අදාල මියයාම සම්බන්ධයෙන් ගුවන් හමුදාවෙන් විමසීමේදී වැඩබලන ගුවන් හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා මෙසේ පැවසීය.

    “මිය ගිය දෙදෙනාගේ පී.සී.ආර්. පරීක්ෂණයන් අනුව කොරෝනා ආසාදනය නොවී ඇති බවට ඊයේ රාත්‍රීයේ වාර්තාව ලැබුණා. මේ අය කොළඹ ගුණසිංහපුර සිට රැගෙන ගිය අය දෙදෙනෙක්. ස්ථීර පදිංචියක් නැහැ හඳුනාගත් අය නැහැ. ඔවුන් නිරෝධායනය වන විට ලබා දී ඇති තොරතුරුවලට අනුව එක් පුද්ගලයෙක් 83 හැවිරිදි තංගවේලී නැමැති අයෙක් සහ අනෙක් පුද්ගලයා 81 හැවිරිදි පී.ජී. මාර්ටින් නැමැති අයෙක් ලෙස හදුනාගෙන තියෙනවා.‘‘

 



අදහස් (5)

නිරෝධායනය වෙමින් සිටියදී මියගිය දෙදෙනෙකුගේ අවසන් කටයුතු සිදුකරයි

Nandalal DE SILVA - France Sunday, 03 May 2020 07:42 AM

ගල් යුගයේ ක්‍රමයට සිදුකරනලද මේ ආදාහනය කිසිම විදියකට යුක්ති සහගත කිරීමට නොහැක. සුසාන භූමියක ආදාහනාගාරයක් ඇති, නැතිබව දැනගැනීමට ඒ පළාතේ ග්‍රාම සේවකයා පවා නොදැන සිටියා කියනවා නම් එය ගල් පැලෙන ලෝක බොරුවක් නොවේද ?

:       0       0

සුරංග Sunday, 03 May 2020 08:49 AM

චන්දෙ තියනකම් කොරෝනා වලින් එක මරණයක් වත් වෙන්නෙ නෑ. හැබැයි සිරුරු නෑදෑයින්ට දෙන්නෙත් නෑ... මාස දෙකක් රට වහලා තියන්න ඕන. චන්දේ තියන්න කඩින් කඩ කරපු බාධා කිරීම් නිසා තමයි මෙච්චර ව්‍යාප්ත උනෙත්. තාමත් ඒ ගොන්කම් වල ඉවරයක් නෑ.

:       0       0

Nandalal DE SILVA - France Sunday, 03 May 2020 09:49 AM

මේක නම් හතර බීරි කතාවක් වගේම අභිරහස් සිල්ලර ආදාහනයක් වග පේනවා ! 1) මියගිය දෙදෙනාට කොරෝනා වැළදී නැත්නම් භූමිදානය නොකර පුළුස්සා දැම්මේ මොන විදියේ රහසක් රැක ගැනීමටද ? 2) හිරු පායන්නටත් පෙරම මහා රෑ මෙවැනි "ආදාහනයක්" කලේ කාගේ නියමයන් අනුවද ? 3) අනතුරුව.... කොරෝනා වයිරසය වැළඳී නොමැති බවට "වාර්තා පැමිණීමෙන් පසුව...!!! ", මුලතිව් අධිකරණ නියෝගයකට අනුව.... එතකොට වාර්තා පැමිණ තිබෙන්නේ සිරුරු සමග නොවන බව පැහැදිලි වෙනවා ! එය නීත්‍යනුකුලද ? මෙවැනි ව්‍යසන කාලයකදී කැලෑවක ආදාහන කරන විට සිරුරු මාරුවීම සුලභ දෙයක් නොවේද ? 4) මේ විදියට අහුමුළු වල නොයෙක් විදියට සිරුරු පුළුස්සා දැමීම නිසා ශ්‍රී ලංකාවේ කොරෝනා මරණ ගණන සදාකාලිකවම 7ක් වශයෙන් ලියවී තිබෙන බව පැහැදිලිය. සෞඛ්‍ය අමාත්‍යාංශය, ආරක්ෂක අංශ වැනි රටේ සියලුම ආයතන ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුමට ලක්වනු ඇත !

:       0       0

sanjeeva Sunday, 03 May 2020 10:14 AM

හා හොඳයි, අපි මේ සේරම දොහොත් මුදුනින්ම පිලිගන්නම්කො...

:       0       0

ටිකිරි Sunday, 03 May 2020 11:17 AM

පි.ජි. මාර්ටින් කියන්නේ ලංකාවේ හිටිය ලොකු සම් භාණ්ඩ මුදලාලි කෙනෙක්... ලොකු සල්ලි කාරයෙක්. අන්තිමට වුන දේ..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 52 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 441 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 879 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site