IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


නිරෝධායනය නොවී සිටි තිදෙනෙක්ට පහරදීලා

(ඩී.කේ.රත්න)

කොළඹ ප්‍රදේශයේ රැකියාවල නියුතුව සිට ඇල්ල , නමුණුකුල  පිංආරාව ප්‍රදේශයේ නිවෙස්වලට පැමිණ නිරෝධායනය නොවී සිටි පුද්ගලයින් තිදෙනෙකු ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරීවරයා හමුවීම සඳහා නහවිල ප‍්‍රදේශයට අද (03) පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ ප‍්‍රදේශවාසීන් විසින් මොවුන් තිදෙනාට පහරදී ඇති බව ඇල්ල පොලිසිය පැවසීය.

පහරකෑමට ලක්වූ මොවුන් තිදෙනා අසාධ්‍ය තත්ත්වයෙන් දෙමෝදර ප‍්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව පොලිසිය සඳහන් කළේය.

ඇල්ල නමුණුකුල පිංඅරාව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 කාන්තාවක්   සහ  වයස අවුරුදු 45 සහ 55 ක් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇත.

මෙම පුද්ගලයින් තිදෙනාම ඉකුත් මාර්තු මස 15 වන දින කොළඹ ප‍්‍රදේශයේ සිට ඇල්ල නමුණුකුල පිංආරාව ප‍්‍රදේශයට පැමිණ තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමති බවත් මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරන බවත් ඇල්ල පොලිසිය පැවසීය.



අදහස් (19)

නිරෝධායනය නොවී සිටි තිදෙනෙක්ට පහරදීලා

Akila Friday, 03 April 2020 09:15 AM

ලංකාවේ මිනිසුන්ගේ වානර ගති අපහු මතුවෙන්න පටන් අරන් වගේ...

:       3       1

රවින් Friday, 03 April 2020 09:23 AM

අං නියමයි.!! දැන් ඉතින් නිකම්ම නිරෝධායනයේ... දින 14 -21 දක්වා වෙනුවට මාස තුනක්වත් රෝහලේ. හොඳින් බැරිනම් නරකින්. මෙච්චර ජන මාධ්‍ය ඔස්සේ කියනවා , හමුදාව හා පොලිසිය කියනවා, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අය කියනවා දිවා රෑ හරියට නින්දක් හෝ නිදහසක් නොමැතිව වැඩ කරන්නේ අනිකුත් සියලු දෙනාගේ සුඛවිහරණය පිණිස. ඒ තුන්දෙනාට විතරක් වෙනමම නිතිරිතිද? ඕක මුල ඉඳන්ම කලානම් මෙරට අනිකුත් සියලු දෙනාටම නිදහසේ ජිවත් වෙන්න තිබුනා. ඔල මොට්ටල එකෙකු හෝ දෙන්නෙකු නිසා අද කීදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වලද? එදාවෙළ හොයාගෙන ජිවත් වෙච්ච තව කීදෙනෙක් දුක් විඳිනවාද?

:       13       61

Walter White Friday, 03 April 2020 09:32 AM

අප්‍රිකාවෙත් සමහර රටවල ඔහොම නීතිය සුරකින අය ඉන්නවා, ඔවුන් කරන්නේ බයික් එකකින් යන ගමන් කොන්දට යකඩ උළකින් ඇනගෙනයන එක, අබ්බගාත වුනත් මොකෝ නීතිය සුරැකෙනවානේ! අපෙත් සමහර බූරු තඩි හිතාගෙන ඉන්නවා වෙඩි තිව්වම ගුටි ඇන්නම නීතිය සුරැකෙනවා කියල.

:       0       1

Rathna Friday, 03 April 2020 09:47 AM

හරියට හරි. සාමාන්‍ය ජනතාව ඔය වැඩ කරන්නේ නියෙමට. ගොඩක් මුස්ලිම් අයට දැන් නම් තේරෙයි. එක්කෝ ගෙදෙට්ට වෙලා ඉදල මැරිලා යයි. නැත්තන් මිනිස්සුන්ගෙන් ගුටි කාල මුස්ලිම් අය මැරිලා යයි. මොලේ පෑදිච්ච මුස්ලිම් අය ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් අරන් ජිවිතේ බේර ගනියි.

:       173       305

SamanFriday, 03 April 2020 12:28 PM

15 වෙනිදා කොළඹ ඉඳන් බදුල්ලට ගිය මිනිස්සුත් නිරෝධනය වෙන්න ඕනෙද ?

:       0       1

santhaFriday, 03 April 2020 12:53 PM

කොළඹ ප්‍රදේශයේ රැකියාවල නියුතුව සිටි අය... කොළඹ ප්‍රදේශයේ රැකියාවල නියුතුව සිටි අයට ගැහුවා නම් වෛද්‍යවරු පොලිස් , ඔක්කොටම ගහයි නේ...

:       0       1

JanithFriday, 03 April 2020 08:59 PM

රත්න මහත්තය හරියට හරි... නිරෝධනය වෙන්න කිව්ව නම් නිරෝධනය වෙන්න ඕනෙ දවස් 14 ගෙදර ඉඳන්. එහෙම නැතුව රට වටේ රවුම් ගහන්න ගත්තහම මිනිස්සුන්ට බය හිතෙන එක අහන්න දෙයක්ද? මොකෝ ග්‍රාමසේවක හම්බ වෙන්න දවස් 14 පස්සෙ යන්න බැරිද? ඔය සමන් කියන සීනු කාරයට නම් ඕනෙ කොරෝන රට වටේම පතුරුවන්නද කොහෙද? ඔය සීනු කරයො සිරිකොතේ ඉඳුල් කන්නත් හරි සූරයොනේ...

:       0       18

විකුම් රංගන Friday, 03 April 2020 09:51 AM

ලංකාවේ දොස්තර මාෆියා සංගමයට (GMOA ) පිස්තෝල ටිකක් නිකුත් කළා නම්, මේ වන විටත් ලංකාවේ කොරෝනා ඉවර වෙලා ගොඩක් කල්. ලෙඩ්ඩුන්ට දොස්කියමින් රට ගිනි තියන වෙලාවේ, අතර අහුවෙන කොරෝනා රෝගියාව යැව්වා නම්, වැඩේ ගොඩ.

:       25       0

Kumar (Galf)Friday, 03 April 2020 03:37 PM

විකුම් රංගන කියන සීනුවක් බෙල්ලේ එල්ලන් අලියගෙ නැට්ටෙ එල්ලිච්ච තවත් කෙනෙක් තප්පුලනව. ලෙඩේ හංගන් එක එක ගුබ්බයම් වල රිංගල අනිත් උන්ටත් ලෙඩේ බෝ කරලා මේක තවත් ඉතාලියක් කරන නැතුව ඉන්න කියන එක. ඒ මොකද කියනව නම් තණකොළ කන පුන්නක්කු කන එවුන් ඉන්නකන් ඒ වැඩේ අමාරු නිසා. රටටම සෙතක් වෙනව...

:       0       37

donald Friday, 03 April 2020 10:07 AM

ඔන්න රටේ තත්වේ. ගහන්නද තියෙන්නේ ? ලෙඩක් හැදුණු මිනිහෙක් ව ටීවී එකේ පෙන්නන්නේ ත්‍රස්ථවාදියෙක් ගාණට දාලා. ඉස්පිරිතාලෙට ගෙනියන හැටි, පවුලේ උදවිය, පෞද්ගලිකත්වය එතනින්ම ඉවරයි. ඩ්‍රෝන වලින් පවා ඒ ගෙවල් පෙන්නන්නේ හරියට හොරු හිටපු තැන් වගේ. ටීවී එකේ කතා කරන්නේ හමුදාපති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක. ඒ අස්සේ ඇඳිරිනීතිය. දැන් මිනිස්සුන්ගේ හිතේ මැවිලා තියෙන්නේ මේක යුද්ධයක් ගාණට. කවුරුත් හිතලා ලෙඩ හදාගන්නේ නෑ. ලෙඩ වුණ මිනිස්සු හැංගෙන එක සාධාරණයි. ලෙඩ්ඩුන්ට ගහන එක සාධාරණයි. මේ රටේ බහුතරයක් නූගත් මිනිස්සු මිත්‍රයා.

:       172       564

පැතුම් Friday, 03 April 2020 10:16 AM

විය යුතු දේ වෙමින් පවතී...

:       78       143

Gimhan Friday, 03 April 2020 10:27 AM

නිරෝධායනය වුණා නම් ඔය ප්‍රශ්නය නෑනේ...

:       66       119

SamanFriday, 03 April 2020 12:29 PM

15 වෙනිදා කොළඹ ඉඳන් බදුල්ලට ගිය මිනිස්සුත් නිරෝධනය වෙන්න ඕනෙද?

:       14       1

Kumar (Galf)Saturday, 04 April 2020 02:14 PM

ගොන් කතා නොකියන්න. ‌‌ගොන් නාම්බෝ. ඒ අයට නිරෝදාාායනය වෙන්න කියල තියෙන්නෙ නිකන්ම නෙමෙයිනේ. මොකක් හරි හේතුවක් ඇති්. එහෙම කියා තියෙද්දී රවුම් ගහන්න යන එක ගොන් තකතීරු වැඩක්නේ.

:       0       14

Saman Friday, 03 April 2020 10:37 AM

හ්ම්...වැරදි වැඩකුත් නෙවෙයි...

:       38       70

jayath Friday, 03 April 2020 11:04 AM

මොන මගුලකටද අදාළ නියමිත ස්ථාන (වලට ) නොගිහින් මෙච්චර දොහක් හැංගිලා ඉඳල ග්‍රාමසේවක හම්බුවෙන්න ගියේ... මිනිහෙකුට ගහන එක සාමාන්‍ය දවසක වැරදිවෙන්න පුළුවන්... නමුත් මේ වගේ තක තීරුවන්ට ගහන්න නෙමෙයි තිබුනේ පිලීපිනේ දෙන දඬුවම දෙන්න . මොකද අහිංසක මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරනවට...

:       168       152

santha Friday, 03 April 2020 12:55 PM

කොළඹ ප්‍රදේශයේ රැකියාවල නියුතුව නිරෝධායනය වුනෙ නෑ කියල ගහනවද ?අත්‍යාවශ්‍ය සේවා වල ඉන්න මිනිස්සුන්ටත් ගහනවද?

:       0       17

de silva Friday, 03 April 2020 11:11 AM

මේක මහා පුදුම කතාවක් නේ... 15 වෙනිදා කොළඹ ඉඳන් බදුල්ලට ගිය මිනිස්සුත් නිරෝධනය වෙන්න ඕනෙද ? එතකොට අර ඇදිරිනීතිය දමපු දිනයේ පොල් පටවනවා වගේ බස් වල පටවාගෙන ගිය මිනිස්සු සේරම නිරෝධනය වුනාද ?

:       19       227

Mahesh Friday, 03 April 2020 12:29 PM

කොළඹ සිට බදුල්ලට පැමිනීම වරදක්ද? රට සිට ආවා නම් නිරෝධායනය වෙන්න ඕන... නමුත් මෙතන එහෙම එකක් නෑනේ ? එහෙම බැලුවොත් අත්‍යාවශ්‍ය සේවා කරන මිනිස්සුටත් මේ මෝඩ මිනිස්සු අල්ලන් ගහවිනේ.. පහරදුන් අයටද දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න.. නිකමට හරි ඉහත කියපු පිරිස රට සිට ආපු අය නම් ඔවුන්ව නිරෝධායනය කරන්න. ඒ වගේම පහරදුන් නූගත් අයගේ සහ ඔවුන්ගේ පවුල්ද අනිවාර්යයෙන්ම නිරෝධායනය කරන්න.

:       2       19

ඔබේ අදහස් එවන්න

Covid19

නව කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ පැතිරෙයි
2024 සැප්තැම්බර් මස 18 2301 1

එක්ස්.ඊ.සී ලෙස නම් කර ඇති දෙමුහුම් කොවිඩ් ප්‍රභේදයක් යුරෝපයේ රටවල් පුරා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් ඉතාමත් ඉක්මණින් එක්ස්.ඊ.සී ප්‍රධාන ප්‍ර


අ’පුරෙන් කොරෝනා මරණයක්
2023 දෙසැම්බර් මස 29 1193 1

කොවිඩ් 19 වෛරසය වැළඳී අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද(29ද) මියගොස් ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.


අලුත්ම කොවිඩ් 19 ප්‍රභේදය: ’එරිස්’
2023 අගෝස්තු මස 07 2807 0

නව ’කොවිඩ් 19’ වයිරස ප්‍රභේදයක්, මේ වනවිට, එක්සත් රාජධානිය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.


කොවිඩ් අවදානම නැවතත්
2023 මැයි මස 01 969 1

කොවිඩ් ආසාදිතයින් 7දෙනෙකු ඊයේ (30)සොයාගෙන ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.


කොවිඩ් මරණ තවත් 5 ක්
2022 අගෝස්තු මස 29 752 1

‘කොවිඩ්’ ආසාදිතවූ තවත් පුද්ගලයන් පස්දෙනකු ඊයේ (28) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (29) පස්වරුවේ තහවුරු කළේය.


කොවිඩ් ආසාදිතයන් 114 ක්
2022 අගෝස්තු මස 25 957 0

‘කොවිඩ්’ වයිරසය ආසාදිත රෝගීන් 114 දෙනකු අද (25) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පස්වරුවේ නිවේදනය කළේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40227 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site