(ඩී.කේ.රත්න)
කොළඹ ප්‍රදේශයේ රැකියාවල නියුතුව සිට ඇල්ල , නමුණුකුල පිංආරාව ප්‍රදේශයේ නිවෙස්වලට පැමිණ නිරෝධායනය නොවී සිටි පුද්ගලයින් තිදෙනෙකු ප‍්‍රදේශයේ ග‍්‍රාම නිලධාරීවරයා හමුවීම සඳහා නහවිල ප‍්‍රදේශයට අද (03) පැමිණ ඇති අතර ඒ අවස්ථාවේ ප‍්‍රදේශවාසීන් විසින් මොවුන් තිදෙනාට පහරදී ඇති බව ඇල්ල පොලිසිය පැවසීය.
පහරකෑමට ලක්වූ මොවුන් තිදෙනා අසාධ්‍ය තත්ත්වයෙන් දෙමෝදර ප‍්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සඳහා බදුල්ල පළාත් මහ රෝහල වෙත මාරු කර යවා ඇති බව පොලිසිය සඳහන් කළේය.
ඇල්ල නමුණුකුල පිංඅරාව ප‍්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 23 කාන්තාවක් සහ වයස අවුරුදු 45 සහ 55 ක් පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු මෙසේ බදුල්ල මහ රෝහලට ඇතුලත් කර ඇත.
මෙම පුද්ගලයින් තිදෙනාම ඉකුත් මාර්තු මස 15 වන දින කොළඹ ප‍්‍රදේශයේ සිට ඇල්ල නමුණුකුල පිංආරාව ප‍්‍රදේශයට පැමිණ තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමති බවත් මේ පිළිබඳව පරීක්ෂණ සිදු කරන බවත් ඇල්ල පොලිසිය පැවසීය.
COMMENTS
ලංකාවේ මිනිසුන්ගේ වානර ගති අපහු මතුවෙන්න පටන් අරන් වගේ...
අං නියමයි.!! දැන් ඉතින් නිකම්ම නිරෝධායනයේ... දින 14 -21 දක්වා වෙනුවට මාස තුනක්වත් රෝහලේ. හොඳින් බැරිනම් නරකින්. මෙච්චර ජන මාධ්‍ය ඔස්සේ කියනවා , හමුදාව හා පොලිසිය කියනවා, සෞඛ්‍ය ක්ෂේත්‍රයේ අය කියනවා දිවා රෑ හරියට නින්දක් හෝ නිදහසක් නොමැතිව වැඩ කරන්නේ අනිකුත් සියලු දෙනාගේ සුඛවිහරණය පිණිස. ඒ තුන්දෙනාට විතරක් වෙනමම නිතිරිතිද? ඕක මුල ඉඳන්ම කලානම් මෙරට අනිකුත් සියලු දෙනාටම නිදහසේ ජිවත් වෙන්න තිබුනා. ඔල මොට්ටල එකෙකු හෝ දෙන්නෙකු නිසා අද කීදෙනෙක් නිරෝධායන මධ්‍යස්ථාන වලද? එදාවෙළ හොයාගෙන ජිවත් වෙච්ච තව කීදෙනෙක් දුක් විඳිනවාද?
අප්‍රිකාවෙත් සමහර රටවල ඔහොම නීතිය සුරකින අය ඉන්නවා, ඔවුන් කරන්නේ බයික් එකකින් යන ගමන් කොන්දට යකඩ උළකින් ඇනගෙනයන එක, අබ්බගාත වුනත් මොකෝ නීතිය සුරැකෙනවානේ! අපෙත් සමහර බූරු තඩි හිතාගෙන ඉන්නවා වෙඩි තිව්වම ගුටි ඇන්නම නීතිය සුරැකෙනවා කියල.
හරියට හරි. සාමාන්‍ය ජනතාව ඔය වැඩ කරන්නේ නියෙමට. ගොඩක් මුස්ලිම් අයට දැන් නම් තේරෙයි. එක්කෝ ගෙදෙට්ට වෙලා ඉදල මැරිලා යයි. නැත්තන් මිනිස්සුන්ගෙන් ගුටි කාල මුස්ලිම් අය මැරිලා යයි. මොලේ පෑදිච්ච මුස්ලිම් අය ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් අරන් ජිවිතේ බේර ගනියි.
ලංකාවේ දොස්තර මාෆියා සංගමයට (GMOA ) පිස්තෝල ටිකක් නිකුත් කළා නම්, මේ වන විටත් ලංකාවේ කොරෝනා ඉවර වෙලා ගොඩක් කල්. ලෙඩ්ඩුන්ට දොස්කියමින් රට ගිනි තියන වෙලාවේ, අතර අහුවෙන කොරෝනා රෝගියාව යැව්වා නම්, වැඩේ ගොඩ.
ඔන්න රටේ තත්වේ. ගහන්නද තියෙන්නේ ? ලෙඩක් හැදුණු මිනිහෙක් ව ටීවී එකේ පෙන්නන්නේ ත්‍රස්ථවාදියෙක් ගාණට දාලා. ඉස්පිරිතාලෙට ගෙනියන හැටි, පවුලේ උදවිය, පෞද්ගලිකත්වය එතනින්ම ඉවරයි. ඩ්‍රෝන වලින් පවා ඒ ගෙවල් පෙන්නන්නේ හරියට හොරු හිටපු තැන් වගේ. ටීවී එකේ කතා කරන්නේ හමුදාපති, පොලිස් මාධ්‍ය ප්‍රකාශක. ඒ අස්සේ ඇඳිරිනීතිය. දැන් මිනිස්සුන්ගේ හිතේ මැවිලා තියෙන්නේ මේක යුද්ධයක් ගාණට. කවුරුත් හිතලා ලෙඩ හදාගන්නේ නෑ. ලෙඩ වුණ මිනිස්සු හැංගෙන එක සාධාරණයි. ලෙඩ්ඩුන්ට ගහන එක සාධාරණයි. මේ රටේ බහුතරයක් නූගත් මිනිස්සු මිත්‍රයා.
විය යුතු දේ වෙමින් පවතී...
නිරෝධායනය වුණා නම් ඔය ප්‍රශ්නය නෑනේ...
හ්ම්...වැරදි වැඩකුත් නෙවෙයි...
මොන මගුලකටද අදාළ නියමිත ස්ථාන (වලට ) නොගිහින් මෙච්චර දොහක් හැංගිලා ඉඳල ග්‍රාමසේවක හම්බුවෙන්න ගියේ... මිනිහෙකුට ගහන එක සාමාන්‍ය දවසක වැරදිවෙන්න පුළුවන්... නමුත් මේ වගේ තක තීරුවන්ට ගහන්න නෙමෙයි තිබුනේ පිලීපිනේ දෙන දඬුවම දෙන්න . මොකද අහිංසක මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරනවට...
මේක මහා පුදුම කතාවක් නේ... 15 වෙනිදා කොළඹ ඉඳන් බදුල්ලට ගිය මිනිස්සුත් නිරෝධනය වෙන්න ඕනෙද ? එතකොට අර ඇදිරිනීතිය දමපු දිනයේ පොල් පටවනවා වගේ බස් වල පටවාගෙන ගිය මිනිස්සු සේරම නිරෝධනය වුනාද ?
කොළඹ සිට බදුල්ලට පැමිනීම වරදක්ද? රට සිට ආවා නම් නිරෝධායනය වෙන්න ඕන... නමුත් මෙතන එහෙම එකක් නෑනේ ? එහෙම බැලුවොත් අත්‍යාවශ්‍ය සේවා කරන මිනිස්සුටත් මේ මෝඩ මිනිස්සු අල්ලන් ගහවිනේ.. පහරදුන් අයටද දැඩි ලෙස නීතිය ක්‍රියාත්මක කරන්න.. නිකමට හරි ඉහත කියපු පිරිස රට සිට ආපු අය නම් ඔවුන්ව නිරෝධායනය කරන්න. ඒ වගේම පහරදුන් නූගත් අයගේ සහ ඔවුන්ගේ පවුල්ද අනිවාර්යයෙන්ම නිරෝධායනය කරන්න.