(නිමල් ජයරත්න)

යුද හමුදාවේ අධීක්ෂණය යටතේ දින 14 ක කාලයක් මඩකලපුව පූනානි නිරෝධායනය මධ්‍යස්ථානයේ  නිරෝධායනය වූ 58 දෙනෙකු අද (30) පෙරවරුවේ නිවෙස් බලා පිටත් කළ බව පූනානි නිරෝධායනය මධ්‍යස්ථානයේ  උසස් නිලධාරියෙකු පැවසීය.

ප්‍රංශය , ඉතාලිය සහ දකුණු කොරියාව යන රටවල සිට පැමිණ නිරෝධායනය වූ මෙම පිරිස මාතර , කොළඹ සහ බදුල්ල යන ප්‍රදේශවල පදිංචි කරුවන් බව යුද හමුදාව පැවසීය.

යුද හමුදාවේ අධීක්ෂණය යටතේ නිරෝධායන ක්‍රියාවලිය අවසන් කළ හත්වැනි කණ්ඩායම මෙය බවද යුද හමුදාව වැඩි දුරටත් සඳහන් කළේය.

යුද හමුදා බස් රථ සහ පෞද්ගලික වෑන් රථ කිහිපයකින් මෙම පිරිස පිටත් කළ බවත් යුද හමුදාව පැවසීය.