සුමතිපාල දීයගහගේ

කොරෝනා වයිරසය සම්බන්ධයෙන් බූස්ස නාවික හමුදා කදවුරේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනයේ යෙදි සිටි තවත් 26 දෙනෙක් එම කටයුතු සාර්ථකව අවසන් කර අද (11) එම මධ්‍යස්ථානයෙන් පිටව ගිය බව නාවික හමුදාවේ මාධ්‍ය ප්‍රකාශක ලුතිනන් කමාන්ඩර් ඉසුරු සූරිය බණ්ඩාර මහතා පවසයි.

මෙම කණ්ඩායම සදහා පීසීආර් පරික්ෂණය සදහා යොමු කිරිමට පියවර ගත් බවද සූරියබණ්ඩාර මහතා සදහන් කළේය.

මෙම පිරිස නිරෝධන කටයුතු සාර්ථකව අවසන් කළ බවට නිකුත් කරන සහතිකය ශ්‍රී ලංකා නාවික නෞකා ආයතනයේ අණ දෙන නිලධාරිවරයා විසින් ඔවුන්ට පිරිනමන ලදී.

මේවන විට එම මධ්‍යස්ථානයේදි නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කළ පුද්ගලයින් 48 දෙනෙකු පිටව ගොස්
ඇති අතර තවත් 39 දෙනෙක් තව දුරටත් නිරෝධන කටයුතුවල යෙදී සිටින බවද ඉසුරු සූරිය බණ්ඩාර මහතා පැවසිය.