
රටම වසා දැමීමේ ‘ලොක්ඩවුන්’ සීමා නොතකමින් මුහුදු වෙරළට ගිය සෞඛ්‍ය අමාත්‍යවරයා තනතුරෙන් පහත හෙළන බව නවසීලන්ත අග්‍රාමාත්‍ය ජසින්ඩා ආඩ්න් අද (7) ප්‍රකාශ කළාය.
නවසීලන්තය ‘ලොක්ඩවුන්’ හෙවත් රටම වසා දැමීමේ සීමා පැනවූ මුල් දින කිහිපයේදී එරට සෞඛ්‍ය අමාත්‍ය ඩේවිඩ් ක්ලාක් එම නීති නොතකමින් සිය පවුලේ සාමාජිකයන් ද සමඟ මුහුදු වෙරළට ගොස් ඇත.
සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ පසුපෙළ දක්වා තනතුරින් පහත හෙළන බව කී නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය ඔහු සමාජ දුරස්ථභාවයට අදාළ නීති කඩ කර ඇතැයි ද කීවාය.
‘‘මේක සාමාන්‍ය තත්ත්වයක් නෙමෙයි, වෙන වෙලාවක නම් මං ඔහු සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් අස් කරනවා. ඔහු වැරැද්දක් කර තිබෙනවා. ඊට කිසිදු සමාවක් නැහැ’’ යැයි නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය වෙලින්ටන් නුවරදී ප්‍රකාශ කළාය.
‘‘මම ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය බාරගන්නේ නැහැ. එහෙම කරන්න ගියොත් මේ වෙලාවේ කොරෝනා වයිරසයට එරෙහිව කරන සියල්ල අවුල් වෙනවා’’ යැයි අග්‍රාමාත්‍යවරිය කීවාය.
ධුරයෙන් ඉවත් කිරීම වෙනුවට ඔහු කැබිනට් මණ්ඩලයේ පසුපෙළට යවන බවත් ඔහු සහායක මුදල් අමාත්‍ය ධුරයෙන් ද ඉවත් කරන බවත් නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය කීවාය.
‘‘මම වෙනදට වඩා යමක් බලාපොරොත්තු වෙනවා. ඒ වගේම නවසීලන්තයත් වෙනදට වඩා වැඩි යමක් බලාපොරොත්තු වෙනවා’’ යැයි නවසීලන්ත අග්‍රාමාත්‍යවරිය පැවැසුවාය.
‘‘මම මහ මෝඩයෙක්. මං දන්නවා ඇයි මට මිනිස්සු බනින්නේ කියලා. මං දන්නවා ඇයි මිනිස්සු මාත් එක්ක මෙච්චර තරහා කියලා’’ යැයි ඩේවිඩ් ක්ලාක් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.
රොයිටර්
055
COMMENTS
ඒ සෞඛ්‍ය ඇමති නම් දන්නවා -පිළි අරන් තියනවා තමන් මෝඩයෙක් කියලා නමුත් එහෙම නොදන්නා අයත් ඉන්නවා. ඒකයි ප්‍රශ්නේ.
දියුණු රටවල මිනිස්සු වැඩ කරන ලස්සන.
මෝඩකම පිළිගැනීම මෝඩකමක් කියලයි ලංකාවේ අපි සලකන්නේ.
අපි අගේ කරනවා දියුණු රටවල මෙහෙම කියල, එත් අපිටත් උවමනාවක් තියෙනවා නම් අපි ඉන්නේ දුප්පත් රටක වුනත් වැදගත් රටක වැදගත් මිනිස්සු වගේ ඉන්න පුළුවන්, එකට ධනවත් වෙන්න, අධිමිල ෆෝන්, වාහන ඇඳුම් පැළඳුම් රූපය හෝ නිවාස උවමනා නැහැ. උවමනා අපේ අවංක කම, වැරද්දක් වුනොත් නිවැරදිකම් පෙන්වන්න ගොස් හත්පොලේ ගාගන්නේ නැතිව වැරැද්ද පිලි ගැනීම , කැලිකසල නිවැරදිව බැහැර කිරීම, කාන්තාවන්ට ගරු කිරීම, අන්‍යන්ගේ මත ඉවසීම.... ඕව මහා අමාරු දේවල් නෙවේ, අපේ මිනිස්සු ඔය රටකට ගියහම ඉබේම අමුතුවෙන් උගන්වන්නේ නැතිවත් හරි ලස්සනට ඉන්නවා (රටේ නම කන සත්තු නැතිවාම නෙවේ) ඉතින් ඇයි අපිට බැරි අපේ රටේ වැදගත් විදිහට ඉන්න.
මෙම තීරණය ශ‍්‍රී ලංකාවට වලංගු නොවෙ...
ඔහුට මෙහිදී උසස්වීමක් ලබාදී ඇත...