IMG-LOGO

2025 සැප්තැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


‘ද නිව්යෝක් ටයිම්ස්’‘ මුල්පිටුව අවමංගල්‍ය දැන්වීමක් වෙයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා වයිරස ආසාදිත මරණ සංඛ්‍යාව 100,000 ළඟා වීමත් සමඟ සිය මැයි 24 වැනිදා පුවත්පතේ මුල් පිටුව අවමංගල්‍ය දැන්වීමක් බවට පත් කිරීමට එරට ‘ද නිව්යෝක් ටයිම්ස්’ පුවත් පත පියවර ගෙන ඇත.
 
එක් තීරුවකින් මරණ 1,000ක් නිරූපණය වන පරිදි මියගිය සියලු දෙනා සිහිපත් කරමින් මෙම පිටුව සකස් කළේ යැයි එම පුවත් සඳහන් කර තිබිණි.
 
‘‘මෙතැන නම් සඳහන් පුද්ගලයන් 1,000කගෙන් සම්පූර්ණ මරණ සංඛ්‍යාවෙන් සියයට 1ක් නිරූපණය වෙනවා. මේව නිකම්ම නිකම් සංඛ්‍යා නෙමෙයි’’ කෙටි හඳුන්වාදීමක් කරමින් එම පුවත්පත වාර්තා කර තිබිණි.
 
ගෝලීය අර්බුද රැසක් නිර්මාණය කර ඇති නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ ඇමෙරිකා එක්සත් ජනපදයට යි. වැඩිම කොරෝනා ආසාදිතයන් ගණනක් සහ වැඩිම කොරෝනා ආසාදිත මරණ ගණනක් වාර්තා වන්නේ ඇමෙරිකා එක්සත් ජනපදයෙනි.
 
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් ඊයේ (24) පස්වරු 1.45 වනවිට වාර්තා වී තිබූ කොරෝනා ආසාදිත මරණ ගණන 97,059ක් වූ අතර එරටින් වාර්තා වූ ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 16 ඉක්මවා ගියේය. එරටින් ඊයේ පස්වරු වනවිට වාර්තා වූ සමස්ත ආසාදිතයන්ගේ ගණන 16,30,900ක් විය.
 
කොරෝනා වයිරසය හේතුවෙන් මියගිය අතර ග්‍රැමී සම්මාන ලැබූ රටේ සංගීත තරුවක් වූ ජෝ ඩිෆී සහ හාවර්ඩ් නීති විද්‍යාලයෙන් නීති උපාධිය ලැබූ පළමු කළු ජාතික කාන්තාව වන ලීලා ඒ. ෆෙන්වික් ද වූහ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 100,000ට ආසන්න වන්නේ එරට බලධාරීන් ‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කරමින් සිටින මොහොතක ය. දින කිහිපයක් ඇතුළත ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 100,000 ඉක්මවා යනු ඇතැයි ද වාර්තා වේ.
 
‘‘විශිෂ්ටත්වයට පත්වීම’’ යනුවෙන් සඳහන් කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා සෙනසුරාදා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි. නව කොරෝනා වයිසරයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසා දැමුණු රට නැවත විවෘත කිරීම සඳහා ‘‘විශිෂ්ටත්වයට පත්වීම’’ උද්‍යෝග පාඨය භාවිත කරන බව හෙතෙම සඳහන් කර තිබිණි.
 
මරණ සංඛ්‍යාව ලක්ෂයට සමීප වීමත් ට්‍රම්ප්ගේ උද්‍යෝග පාඨයත් අමිහිරි සහ කටුක අත්දැකීමක් සහ මතකයක් සිහිපත් කරන බොහෝ ට්විටර් සමාජ ජාලය ඔස්සේ අදහස් දක්වමින් පවසා තිබිණි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 100,000ට ආසන්න වන්නේ එරට බලධාරීන් ‘ලොක්ඩවුන්’ සීමා ලිහිල් කරමින් සිටින මොහොතක ය. දින කිහිපයක් ඇතුළත ඇමෙරිකා එක්සත් ජනපදයේ කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 100,000 ඉක්මවා යනු ඇතැයි ද වාර්තා වේ.

‘‘විශිෂ්ටත්වයට පත්වීම’’ යනුවෙන් සඳහන් කරමින් ඇමෙරිකානු ජනාධිපතිවරයා සෙනසුරාදා ට්විටර් පණිවුඩයක් නිකුත් කර තිබිණි. නව කොරෝනා වයිසරයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසා දැමුණු රට නැවත විවෘත කිරීම සඳහා ‘‘විශිෂ්ටත්වයට පත්වීම’’ උද්‍යෝග පාඨය භාවිත කරන බව හෙතෙම සඳහන් කර තිබිණි.

මරණ සංඛ්‍යාව ලක්ෂයට සමීප වීමත් ට්‍රම්ප්ගේ උද්‍යෝග පාඨයත් අමිහිරි සහ කටුක අත්දැකීමක් සහ මතකයක් සිහිපත් කරන බොහෝ ට්විටර් සමාජ ජාලය ඔස්සේ අදහස් දක්වමින් පවසා තිබිණි.

 
.එෆ්.පී.
 
055

 



අදහස් (7)

‘ද නිව්යෝක් ටයිම්ස්’‘ මුල්පිටුව අවමංගල්‍ය දැන්වීමක් වෙයි

Amula Sunday, 24 May 2020 11:11 AM

පව්, මිනිස් ජීවිත නේද? මේ...

:       1       69

RaveendraSunday, 24 May 2020 11:54 AM

ඇත්තෙන්ම ඔබ නිවැරදියි... රොකට් ටෝක් දුන්නු ට්‍රම්ප් අයියා තාමත් කියවනවා.. පව් අහිංසක මිනිසුන්...

:       84       168

namalMonday, 25 May 2020 12:23 AM

ඇමරිකාව, එංගලන්තය වගේ විශාල රටවල දූපත්වල වගේ කොරෝනා නතර කරන්න බෑ. ලංකාවේ නොදන්නා මිනිස්සු ඇමරිකාවට බනිනවා.

:       49       4

JayaSunday, 24 May 2020 01:18 PM

පව්, මිනිස් ජීවිත නේද? මේ කියන එකටත් ඩිස්ලයික් එකක් දාලා. මේකෙන්ම හිතාගන්න පුළුවන් මිනිස් වේශයෙන් ඉන්න අමනුෂ්‍යයන් ගැන...

:       0       23

කපුරු හාමි Sunday, 24 May 2020 12:23 PM

පාලකයින් සුලුවෙන් හිතුවත් අහිංසක මිනිස් ජීවිතනේ. හරිම කණගාටුදායකයි.

:       0       53

නුවන්සර Sunday, 24 May 2020 01:22 PM

ඇමරිකන් ජනතාව අවාසනාවන්තයි... ට්‍රම්ප් වැන්නෙකු ජනාධිපතිවරයා ලෙස පත්කර ගැනීම ගැන. ඒක එයාලත් කියන දෙයක්... ඒ වාගේම ජනාධිපතිවරයෙක් ඉන්නවා... බ්‍රසීල ජනතාවට. ඒ ජනතාවත් ඉන්නේ අන්ත අසරණ වෙලා. ඒත් අපි වාසනාවන්තයි අර අයහපත් පාලනයෙන් මිදීම ගැන... එම පාලනය නිමාවුනේ ජනතාගේ පෙර පිනට... මගේ දේශයට දළදා හිමි සරණයි...!!! දෙවි පිහිටයි...!!!

:       2       94

Sanjeewa Monday, 25 May 2020 09:56 PM

ලංකාවේ කොටි කල්ලිය දහස් ගණන් මිනිස්සු මරණ කොට අපිට දැනුණ වේදනාව දැන් ඇමරිකාවට දැනෙනවා ඇති. අපි කවදාවත් මේ වගේ දෙයකදී සතුටු වෙන්නේ නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

වැඩි දෙනා කියවූ පුවත්

මහින්ද ආපහු කොළඹ පදිංචියට
2025 සැප්තැම්බර් මස 14 31136 38


රන්ජන් පීල්ල මාරු කරයි
2025 සැප්තැම්බර් මස 14 13268 10

මහින්දගේ නිල නිවෙස සීඅයිඩියට
2025 සැප්තැම්බර් මස 03 10953 30


මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි 2025 සැප්තැම්බර් මස 17 51 0
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය Zero Waste to Landfill සහතිකය හිමි කර ගනිමින් තිරසාරබවින් යුතු පරිසර හා චක්‍රීය ආර්ථික නායකත්වය තහවුරු කරයි

ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 885 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 266 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

Our Group Site